තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා - විමුක්තිය පතා
නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක් - ගෝලයෝ පිරිසක්
ඇසුවෝ ය හිමි ගෙන් - එක්තරා පැණයක්
තණ්හාව හළ විගස - සැණයෙකින් අප ලබන
ඔබ කියන ඔය නිවන - කෙ බඳු දැයි කියනු මැන
එ විට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම - වාගේ ද නිවන් සුව?
ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනි වෙලා
කුසීත ව පා වෙමින් - සිටින්නා වාගේ ද?
ඔබ කියන ඔය නිවන - පැහැපත් ද? පියකරු ද?
නො එසේ නම් එය - සිත නැති, කය නැති
කිසිම දෙයක් නැති - දෙයක් දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසල ව
කීවේ මෙ ලෙස ය:
ඔබ ඇසූ පැණයට - පිළිතුරු නැත මට
එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
බෝ රුක් සෙවනේ - වැඩ සිටි සමිඳා
පැණ ඇසූ සිය - සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු - දන සැම අමතා ලා
දෙසූ හ මේ සුලු - කතාව උපමා
දවසක් මම ගෙයක් දුටිමි - එය ගින්නට හසු ව තිබිණි
රත් පැහැ ගත් ගිණි ජාලා - එහි පියසෙන් උසට නැඟුණි
එහි තුල මම දනන් දුටිමි - දොර හැර ඔවුනට හඬ ගා
පිටවන්නැ‘යි මම කීවෙ මි!
එහෙත්, එ දන සැලුණේ නැත - හදිසි බවක් පෙනුවුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා - පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳ ද? - වැසි වසී ද? සුළඟ තද ද?
දැවෙන නිවස දමා ගොසින් - ඉන්න ගෙයක් තිබෙනවා ද?
මෙ වැනි ප්‍රශ්න රාශියක් ය!
මම පිළිතුරු නො දී ඔහුට - නැවත වරක් වුනෙ මි නිහඬ
මට සිතුනා මේ දරුවන් - නඟන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා!
සත්තකින් ම ප්‍රිය දරුවෙනි - යම් මිනිසකු පොළෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා - වෙන තැනකට නො යාවි නම්
ඒ දන හට සරණ යන්න - බණක් නැතිය මට කියන්න
එ ලෙසයි අප හිමි ගෞතම - පිළිතුරු දුන්නේ පෙර කල
- බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් (පරිවර්තනය කාලෝ ෆොන්සේකා)

rep+