RIP (න)ITN

hitback

Member
Nov 15, 2014
6,177
350
0



පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්තිනාමයට හා මැතිවරණය ව්‍යාපාරයට ඍජුව සහ වක්‍රව බලපෑම් ඇති වන අයුරින් 2014-12-30 සහ 31 යන දෙදින තුළ ස්වාධීන රූපවාහිනි සේවයේ රාත්‍රී 7.00 සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය විකාශය කොට ඇත. ස්වාධින රූපවාහිනි සේවයේ 2014-12-30 දින දින රාත්‍රී 7.00 ට විකාශය වූ ප්‍රවෘත්තියට අනුව නිවේදකයා පවසා ඇත්තේ “යහපාලනය ගැන කතා කරන විපක්‍ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබදතා ගැනත් තොරතුරු හෙලිදරව්වේ” යනුවෙනි.

කිසිඳු පදනමකින් තොරව සහ වග විභාගයකින් තොරව සාවධ්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමයට හා මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ ඍජු හා වක්‍ර බලපෑම් මත පදනම්ව ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රවෘත්ති සුධර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1,000 ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා ඇත.

නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා විසින් යවා ඇති මෙම එන්තරවාසියේ පරිදි ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය භාවිතයෙන් විකාශය කළ අසත්‍ය පුවත හේතුවෙන් සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇති මානසික පීඩාව හා හානියට රුපියල් මිලියන 1,000 ක් ලෙස තක්සේරුකර ඇත. එය එන්තරවාසි යොමු කළ 16 දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14 ක් ඇතුලත ගෙවිය යුතු බව දක්වා ඇත. එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් එකී රුපියල් මිලියන 1,000 මුදලත් ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අයකිරීම සඳහා ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඞ් සමාගමට එහි සභාපතිවරයාට, අධ්‍යක්‍ෂකවරුන්ට හා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ප්‍රවෘත්ති එරෙහිව එක්ව හා වෙන් වෙන්ව නඩු පවරන බවට නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටී.
 

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    honda wade nai TN

    10885408_10152925254016327_5509064565305972552_n.jpg
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මානසික පීඩාව හා හානියට රුපියල් මිලියන 1,000
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
    ඇට දෙක පරිස්සම් කරගෙන ඉන්න කියලා තමා කියන්න තියෙන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ
    නයි ටී එන් පුවත් වල කියන්නෙම
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි
    .............ගේ කොටි සම්බන්දතා හෙළිවෙයි, ..................ගේ රහස් ගිවිසුම හෙළිවෙයි



    රහස් පොලිසියේ උන්ද ඒකෙ වැඩ කරන්නේ?
    හැබැයි ඔච්චර රහස් හොයා ගනිපු උන්ට මෛත්‍රී යනකන් ඒක හොයාගන්න බැරිඋනා.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    යකාගෙ නීතියක්නෙ යකෝ මේක. දැන් කොටින්ට විරුද්දව ප්රව්රුති කිව්වත් ඒකත් වැරැද්දක්ද ? ප්රබාකරන්ට මහත්තය කිව්වනං කිසි ප්රශ්නයක් නෑ නේ ? රෙද්දෙ නීතියක්නෙ යකෝ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    View PostOld Today, 06:20 PM
    Remove user from ignore listWe_Love_Mahinda
    This message is hidden because We_Love_Mahinda is on your ignore list.


    :( :(