පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්තිනාමයට හා මැතිවරණය ව්‍යාපාරයට ඍජුව සහ වක්‍රව බලපෑම් ඇති වන අයුරින් 2014-12-30 සහ 31 යන දෙදින තුළ ස්වාධීන රූපවාහිනි සේවයේ රාත්‍රී 7.00 සිංහල ප්රවෘත්ති ප්‍රකාශය විකාශය කොට ඇත. ස්වාධින රූපවාහිනි සේවයේ 2014-12-30 දින දින රාත්‍රී 7.00 ට විකාශය වූ ප්‍රවෘත්තියට අනුව නිවේදකයා පවසා ඇත්තේ “යහපාලනය ගැන කතා කරන විපක්ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබදතා ගැනත් තොරතුරු හෙලිදරව්වේ” යනුවෙනි.
කිසිඳු පදනමකින් තොරව සහ වග විභාගයකින් තොරව සාවධ්‍ය ප්රවෘත්ති විකාශය කිරීම සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමයට හා මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ ඍජු හා වක්‍ර බලපෑම් මත පදනම්ව ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට, එහි අධ්යක්ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්රවෘත්ති සුධර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1,000 ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා ඇත.
නීතීඥ නිමල් රාජපක්ෂ මහතා විසින් යවා ඇති මෙම එන්තරවාසියේ පරිදි ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය භාවිතයෙන් විකාශය කළ අසත්‍ය පුවත හේතුවෙන් සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇති මානසික පීඩාව හා හානියට රුපියල් මිලියන 1,000 ක් ලෙස තක්සේරුකර ඇත. එය එන්තරවාසි යොමු කළ 16 දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14 ක් ඇතුලත ගෙවිය යුතු බව දක්වා ඇත. එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් එකී රුපියල් මිලියන 1,000 මුදලත් ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අයකිරීම සඳහා ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඞ් සමාගමට එහි සභාපතිවරයාට, අධ්‍යක්ෂකවරුන්ට හා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ප්රවෘත්ති එරෙහිව එක්ව හා වෙන් වෙන්ව නඩු පවරන බවට නීතීඥ නිමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටී.




