මම මේකෙ සැරිසරද්දි දවසක් Group එකකට join වෙන්න කියලා ලින්ක් එකක් ඇවිත් තිබුනා... බලපුවාම Elakiri Navigators කියලා එකක් ඉතින් අපේ අයට ත්‍රෙඩ් එකකුත් තිබුනනම් වටිනව කියලා හිතුනා
නාවිකයෝ කියන්නෙ තමන්ගේ පවුල් වලින් මාස ගණන් ඈත්වෙලා,
තමන්ගෙ දහඩිය කඳුළු වැය කරලා.. අපේ රටට විදේශ විනිමය ලබාදෙන්න විශාල වශයෙන් දායක වෙන පිරිසක්..
මේ දිහා පිටින් බලන අය දකින්නේ කාල බීල හොඳ පඩියක් අරන් ෆන් එකේ ඉන්න සෙට් එකක් විදියට...
ඒත් ඒ ජීවිතේ ඒ තරම් සුන්දරද කියලා මෙතනට එකතුවෙන අපේ සහොදරයින්ගේ අත්දැකීම් වලින් දැනගන්න ලැබෙයි
ඔබේ අත්දැකීම්,දුක,සතුට බෙදාගන්න එන්න මෙතනට...
තමන්ට ලැබුණු සුන්දර මතකයන් වගේම අනතුරු වගේ අත්දැකීම්.... බලන්න යන්න ලැබුණු දුර්ලභ ස්ථාන වල ඡායාරූප වගේ දේවල් මෙතන ශෙයා කරමු...
ඒ අතරම තමුන් දන්න හොඳ companies,Agents ලා වගේම Vacancies ගැනත් මෙතන කතා කරමු.
ඒ වගේම මේ ගැන විස්තර දැනගන්න කැමති අය,තාම ඉගෙනගන්න අයත් මෙතනට එකතුවෙන්න.
අපේ අයට නිතරම ලංකාවේ ඉන්න නොලැබෙන නිසා මේ ගැන උනන්දු අය පුළුවන් වෙලාවට මාසෙකට සැරයක්වත් බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක මතක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ඔබේ අත්දැකීම්,දුක,සතුට බෙදාගන්න එන්න මෙතනට...


ඒත් තාමත් නැවක් දැක්කම, පොර්ට් එකකට ගියාම, නැවකට නැග්ගම, නැවක ගියාම හිත මොනවදෝ කියනවා 

