මහින්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද පරදිනබව දැනසිටියා බයට කිව්වෙ නෑ - සුමනදාස

    10922493_937484376284670_2968792456495766576_n.jpg

    ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.

    හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි ජනපතිවරණයක් කැඳවුයේ ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ බලපෑම මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය කාලයේ චෝදනා කොට තිබුණි. නමුත් රාජකීය දෙවඥයාගේ අනාවැකි, සුබ නැකත් සියල්ල පුස්සක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්විය. ජනපතිවරණයෙන් පසුව මාධ්‍යට මුහුණ නොදුන් සුමනදාස අබේගුණවර්ධන මහතා පළමු වතාවට ඔහුගේ වැරදුනු අනාවැකිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව්වක් සිදුකොට තිබේ.

    විදෙස් මාධ්‍ය වලට අනුව සුමනදාස අබේගුණවර්ධන මහතා මේවනවිට 63 වන වියේ පසුවන අතර ඉන් වසර 32 ක් ම ඔහු විසින් හිටපු ජනපතිවරයාට ජෝතිෂ්‍ය උපදෙස් ලබාදී තිබේ. සුමනදාස අබේගුණවර්ධන මහතා මේ වනවිට ගාල්ලේ සිය නිවසේ නතරව සිටින අතර මිනිසුන්ට මුහුණ දීමෙන්ද වැලකි සිටින බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය හමුවේද ඔහු පවසා ඇත්තේ මාධ්‍ය වෙත කතා කිරීම ඔහු විසින් නවතා ඇති බවත් මාධ්‍ය ඔහුව කරදරයකට ඇද නොදමනු ඇතයි විශ්වාස කරන බවත් යනුවෙනි.

    හිටපු ජනපතිවරයා ධූරයෙන් නික්ම යාමත් සමග සුමනදාස අබේගුණවර්ධන තමා වෙත ලබාදුන් බංගලාවක්, මොටර් රථය හා රියදුරා භාරදී ඇති අතර ස්වාධීන රූපවාහිනි සේවයේ උපදේශක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන තනතුරු වලින්ද ඉල්ලා අස්වී තිබේ.

    ජනාධිපතිවරණයේ ප්‍රතිපල එකින් එක නිකුත් වෙද්දී පරාජය පිලිබඳ ඉව වැටෙද්දී සුමනදාස අබේගුනවර්ධන විසින් හිටපු ජනපති වරයා සැනසීමටද උත්සාහ දරා තිබේ.

    බලගතු කේන්දරයක්
    මේවනවිට ගාල්ලේ සිය නිවසේ කල් ගත කරන සුමනදාස අබේගුණවර්ධන පවසන්නේ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පරදින බව තමා සක්සුදක් සේ දැන සිටි බවය. නමුත් තමාට එය කීමට තරම් ෛධර්යක් නොතිබූ බවද ඔහු හෙළිකොට තිබේ.

    "මම ඔහුට කිව්වේ නැත්නම් ඔහු දිනන්නේ නැහැ කියලා...ඔහු මානසිකව ඇද වැටෙන්න තිබ්බා...ඔහුගේ පරාජය මෙයටත් වඩා අන්ත එකක් වෙන්න තිබ්බා..මොකද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කේන්දරය මහින්ද රාජපක්ෂගේ කෙන්දරයටත් වඩා බලගතු එකක්..."

    කේන්ද්‍රය බලගතු වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය මෙතරම් ඉක්මනට දමා යාමට සිදුවේවි යැයි තමා නොසිතු බවද සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ.

    වැරදිමේ ප්‍රතිශතය

    සිය වැරදුනු අනාවැකිය පිලිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමනදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ අනාවැකි වලට 5% වරදීමේ ප්‍රතිශතයක් ලබාදිය යුතු බවයි.

    "ජනාධිපතිවරණය හැමෝටම දිනන්න බැහැ..එහෙම නැත්නම් මටත් රුපියල් 75,000 ක් දීල ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා දිනන්න පුළුවන්නේ..ඔබලා අපිට අඩු ගානේ 5% වත් වැරදීමේ ප්‍රතිශතයක් දෙන්න ඕන..."

    මහින්දට ශාපයක් වූ පොදු රද මඩුළු මුල් පුටුව

    මහින්ද රාජපක්ෂ මහතාහට නරක කාලයක් උදාවුයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය ලැබීමත් සමග බව සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ. තමා විසින් එම සභාපති ධූරය ලබා නොගන්නා ලෙසද හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එම පුටුවට පත්වූ මෑත කාලයේ කිසිවෙකුටත් යහපතක් සිදු නොවූ බවද සුමනදාස මහතා විසින් මාධ්‍ය හමුවේ පවසා තිබේ. එහිදී ඔහු උදාහරණ ලෙස පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පෙර එම ධූරය හෙබවූ ජූලියා ගිලාර්ඩ් හට සිදුවූ ඉරණම වේ.

    සුමනදාස අබේගුණවර්ධණ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වීම රාජපක්ෂ මහතාගේ වාසනාවකි. මන්ද වැරදීමකින් හෝ මෙවැන්නෙක් තම වෛද්‍යවරායා ලෙස පත්කර ගත්තේනම් ඊට වන්දි ගෙවන්නට වන්නේ තනතුරින් නොව ජීවිතයෙන් වන නිසාය.

    :lol::lol::lol::lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක ඇත්තක්. ජනාදිපතිවරනය තියන්න කලින් හුගක් ලගින් ආස්රය කරන කෙනෙක් එක්ක මෙතුමා මේ ගැන කියල තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක ඇත්තක්. ජනාදිපතිවරනය තියන්න කලින් හුගක් ලගින් ආස්රය කරන කෙනෙක් එක්ක මෙතුමා මේ ගැන කියල තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ah danda kiyanne.
    :rofl::rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම් කලින්ම එන අපේක්ෂකයො දෙන්නත් කීවා.මහින්ද පරදිනවා කියලත් කීවා.ඒ වගේම එලකිරි එකේ මෛත්‍රීගේ දිනුම ගැන දාපු එකම ඔට්‍ටුවත් දැම්මේ මම.ඒකත් මම දිනුවා.නමුත් ඉරෝෂන් ඒකට ගරු කරේ නෑ.
    ඒ වගේම අද මම කියනවා මහින්දට ආයත් රාජයෝග නෑ.නැති රාජ යෝග හොයන්න ගියොත් බලු යෝගයක් එන්න පුලුවන්.ඒ වගේම පක්ෂෙනුත් ඔහු විසිවෙනවා.දැනුත් ඔහුගේ මිතුරන් ලෙස වටේ ඉන්න බහුතරය ඔහුගේ බරපතලම සතුරන්.නැති රාජ යෝග කරා යාම භයානකයි.
    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    සුමනදාස අබේගුණවර්ධණ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වීම රාජපක්ෂ මහතාගේ වාසනාවකි. මන්ද වැරදීමකින් හෝ මෙවැන්නෙක් තම වෛද්‍යවරායා ලෙස පත්කර ගත්තේනම් ඊට වන්දි ගෙවන්නට වන්නේ තනතුරින් නොව ජීවිතයෙන් වන නිසාය.

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේක ඇත්තක්. ජනාදිපතිවරනය තියන්න කලින් හුගක් ලගින් ආස්රය කරන කෙනෙක් එක්ක මෙතුමා මේ ගැන කියල තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම පනින අයගේ ලිස්ට් එකක් දැම්මා.නමුත් ඒ අය ඒ වෙනකොටත් පැනලා තිබුනේ.මට රින රෙප්ස් දුන්නා.දැන් පේනවා නේද රෙජීලා ,ආතවුදලා ‍ෆිලිකස්ලා,නාවින්නලා පැනලා ඉන්න හැටි.
    පැනලා ඉන්න ඔක්කොම මම දන්නවා.නමුත් මම ඒක හෙලි කරන්න කැමති නෑ.මහින්ද තුන්කල් දැක්ම කියන එකක් ගෙනාව.නමුත් ඔහුට ඉදිරි දවස් 10වත් දකින්න බැරිනම් මොන තුන් කල් දැක්මද? තුන්කල් දැක්ම මොකක්ද කියලා මම පෙන්වන්නම්.නමුත් ඒකට වෙලාවක් එන්න ඕන.

    :D:D
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්ද පරදිනබව දැනසිටියා බයට කිව්වෙ නෑ - සුමනදාස

    10922493_937484376284670_2968792456495766576_n.jpg

    ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.

    හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි ජනපතිවරණයක් කැඳවුයේ ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ බලපෑම මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය කාලයේ චෝදනා කොට තිබුණි. නමුත් රාජකීය දෙවඥයාගේ අනාවැකි, සුබ නැකත් සියල්ල පුස්සක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්විය. ජනපතිවරණයෙන් පසුව මාධ්‍යට මුහුණ නොදුන් සුමනදාස අබේගුණවර්ධන මහතා පළමු වතාවට ඔහුගේ වැරදුනු අනාවැකිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව්වක් සිදුකොට තිබේ.

    විදෙස් මාධ්‍ය වලට අනුව සුමනදාස අබේගුණවර්ධන මහතා මේවනවිට 63 වන වියේ පසුවන අතර ඉන් වසර 32 ක් ම ඔහු විසින් හිටපු ජනපතිවරයාට ජෝතිෂ්‍ය උපදෙස් ලබාදී තිබේ. සුමනදාස අබේගුණවර්ධන මහතා මේ වනවිට ගාල්ලේ සිය නිවසේ නතරව සිටින අතර මිනිසුන්ට මුහුණ දීමෙන්ද වැලකි සිටින බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය හමුවේද ඔහු පවසා ඇත්තේ මාධ්‍ය වෙත කතා කිරීම ඔහු විසින් නවතා ඇති බවත් මාධ්‍ය ඔහුව කරදරයකට ඇද නොදමනු ඇතයි විශ්වාස කරන බවත් යනුවෙනි.

    හිටපු ජනපතිවරයා ධූරයෙන් නික්ම යාමත් සමග සුමනදාස අබේගුණවර්ධන තමා වෙත ලබාදුන් බංගලාවක්, මොටර් රථය හා රියදුරා භාරදී ඇති අතර ස්වාධීන රූපවාහිනි සේවයේ උපදේශක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන තනතුරු වලින්ද ඉල්ලා අස්වී තිබේ.

    ජනාධිපතිවරණයේ ප්‍රතිපල එකින් එක නිකුත් වෙද්දී පරාජය පිලිබඳ ඉව වැටෙද්දී සුමනදාස අබේගුනවර්ධන විසින් හිටපු ජනපති වරයා සැනසීමටද උත්සාහ දරා තිබේ.

    බලගතු කේන්දරයක්
    මේවනවිට ගාල්ලේ සිය නිවසේ කල් ගත කරන සුමනදාස අබේගුණවර්ධන පවසන්නේ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පරදින බව තමා සක්සුදක් සේ දැන සිටි බවය. නමුත් තමාට එය කීමට තරම් ෛධර්යක් නොතිබූ බවද ඔහු හෙළිකොට තිබේ.

    "මම ඔහුට කිව්වේ නැත්නම් ඔහු දිනන්නේ නැහැ කියලා...ඔහු මානසිකව ඇද වැටෙන්න තිබ්බා...ඔහුගේ පරාජය මෙයටත් වඩා අන්ත එකක් වෙන්න තිබ්බා..මොකද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කේන්දරය මහින්ද රාජපක්ෂගේ කෙන්දරයටත් වඩා බලගතු එකක්..."

    කේන්ද්‍රය බලගතු වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය මෙතරම් ඉක්මනට දමා යාමට සිදුවේවි යැයි තමා නොසිතු බවද සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ.

    වැරදිමේ ප්‍රතිශතය

    සිය වැරදුනු අනාවැකිය පිලිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමනදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ අනාවැකි වලට 5% වරදීමේ ප්‍රතිශතයක් ලබාදිය යුතු බවයි.

    "ජනාධිපතිවරණය හැමෝටම දිනන්න බැහැ..එහෙම නැත්නම් මටත් රුපියල් 75,000 ක් දීල ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා දිනන්න පුළුවන්නේ..ඔබලා අපිට අඩු ගානේ 5% වත් වැරදීමේ ප්‍රතිශතයක් දෙන්න ඕන..."

    මහින්දට ශාපයක් වූ පොදු රද මඩුළු මුල් පුටුව

    මහින්ද රාජපක්ෂ මහතාහට නරක කාලයක් උදාවුයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය ලැබීමත් සමග බව සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ. තමා විසින් එම සභාපති ධූරය ලබා නොගන්නා ලෙසද හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එම පුටුවට පත්වූ මෑත කාලයේ කිසිවෙකුටත් යහපතක් සිදු නොවූ බවද සුමනදාස මහතා විසින් මාධ්‍ය හමුවේ පවසා තිබේ. එහිදී ඔහු උදාහරණ ලෙස පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පෙර එම ධූරය හෙබවූ ජූලියා ගිලාර්ඩ් හට සිදුවූ ඉරණම වේ.

    සුමනදාස අබේගුණවර්ධණ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වීම රාජපක්ෂ මහතාගේ වාසනාවකි. මන්ද වැරදීමකින් හෝ මෙවැන්නෙක් තම වෛද්‍යවරායා ලෙස පත්කර ගත්තේනම් ඊට වන්දි ගෙවන්නට වන්නේ තනතුරින් නොව ජීවිතයෙන් වන නිසාය.

    :lol::lol::lol::lol::lol:[/QUOTE]මේක බටහිර කුමන්ත්‍රණයක් ...විමල්
    මේක ඩයස්පොරාවේ වැඩක් .......මහින්දානන්ද

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම පනින අයගේ ලිස්ට් එකක් දැම්මා.නමුත් ඒ අය ඒ වෙනකොටත් පැනලා තිබුනේ.මට රින රෙප්ස් දුන්නා.දැන් පේනවා නේද රෙජීලා ,ආතවුදලා ‍ෆිලිකස්ලා,නාවින්නලා පැනලා ඉන්න හැටි.
    පැනලා ඉන්න ඔක්කොම මම දන්නවා.නමුත් මම ඒක හෙලි කරන්න කැමති නෑ.මහින්ද තුන්කල් දැක්ම කියන එකක් ගෙනාව.නමුත් ඔහුට ඉදිරි දවස් 10වත් දකින්න බැරිනම් මොන තුන් කල් දැක්මද? තුන්කල් දැක්ම මොකක්ද කියලා මම පෙන්වන්නම්.නමුත් ඒකට වෙලාවක් එන්න ඕන.

    :D:D

    හා හා නාඬ ඉඳින් :D