සිව් වසරක දුස්සුපිනයේ භාව ප්රකාශනය..............
[FONT="]සිව් වසරක දුස්සුපිනයේ භාව ප්රකාශනය..............[/FONT]
[FONT="]එකලාව විදි තැවුල[/FONT]
[FONT="]මෙකල හදවත දවන[/FONT]
[FONT="]සනසනු රිසින වැද හෝමි[/FONT]
[FONT="]තෙරක් නොපෙනෙන අංකිත අවකාශයට...[/FONT]
[FONT="]උන් බොහෝ දෙන නොදකින[/FONT]
[FONT="]ජාගර ඔල මොළ තැන් දකින මම[/FONT]
[FONT="]අවි එසවීමි තනිව ම..[/FONT]
[FONT="]එකලාවමය එනමුත්....[/FONT]
[FONT="]දෙව් අණට රැහැණිව නැගි හෙයින්[/FONT]
[FONT="]බැන්දෝය මා ගිරි කුළකට...[/FONT]
[FONT="]කඩා කෑවේයැ මා හදවත තුටින.....[/FONT]
[FONT="]එකෙකු නොව,[/FONT]
[FONT="]ගිජු ළිහිණි රෑනක් සේමැ.........*[/FONT]
[FONT="]අන්තාවකාශ දුර සිට,[/FONT]
[FONT="]අංකිත අසණියක් විත් පතිත විය[/FONT]
[FONT="]මා දෙපය අසලම.....!![/FONT]
[FONT="]මියුරු සදෙසට යොමවා දෙසවන[/FONT]
[FONT="]දරා නෙක දුක්ඛ දෝමනස්ස[/FONT]
[FONT="]තැත් දැරිමි, එන්නත් කරනට[/FONT]
[FONT="]ධූසර ද්‍රව්‍ය......[/FONT]
[FONT="]උන් දෙකන අගුළු ඇති බවත්,[/FONT]
[FONT="]හිස් හිස් වලට දැමු දෑ දෙකනින් පෙරෙන බවත්[/FONT]
[FONT="]දුටිමි එවිට..........[/FONT]
[FONT="]මා සසල හද විල් තෙර අස බඩ ම[/FONT]
[FONT="]පිපෙනා සුසුදු පියුමේ පෙති[/FONT]
[FONT="]අනේ උන් දකින්නේ[/FONT]
[FONT="]කවදා ද?[/FONT]
මේ සිව් වසරක මාගේ එළකිරි අඩවියේ දිවියෙහි ශේෂ පත්‍රය ලෙස හැදින්වීමට මම කැමැත්තෙමි.

*ප්‍රොමිතියස් පිළිබදව එන පැරණි ග්‍රීක පුරාවෘතයට අනුව ප්‍රොමිතියස් දෙව්ලොවින් ගින්දර සොරකම් කොට මනුෂයයන් හට දුන් දේව පුත්‍රයා ය. මහ දෙවිදු වන සියුස් ඒ නිසා ප්‍රොමිතියස් හට දඩුවමක් ලබා දෙන ලදින් ඔහුව මුහුදු වෙරළ අස ගල් කුළකට තබා යදමින් බදින් ලදී. සෑම උදෑසනක ම ගිජු ළිහිණියෙක් අවුත් ඔහු ගේ පපු තුර සිදුරු කොට හෘදය ගලවා කන්නේය, එයින් දුක් විද යලි පසුව දා පහන් වන විට තුවාල සුවී ප්‍රකෘති තත්ත්වයට පැමිණෙන ප්‍රොමිතියස් නැවත උදෑසන සුපුරුදු දඩුවම ලබයි. ඒ, ගින්න සමග වන ප්‍රඥාව මිනිසුන්ට දුන්නාට ඔහු විදින දඩුවමයි!