සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............

    [FONT=&quot]සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............[/FONT]

    [FONT=&quot]එකලාව විදි තැවුල[/FONT]
    [FONT=&quot]මෙකල හදවත දවන[/FONT]
    [FONT=&quot]සනසනු රිසින වැද හෝමි[/FONT]
    [FONT=&quot]තෙරක් නොපෙනෙන අංකිත අවකාශයට...[/FONT]

    [FONT=&quot]උන් බොහෝ දෙන නොදකින[/FONT]
    [FONT=&quot]ජාගර ඔල මොළ තැන් දකින මම[/FONT]
    [FONT=&quot]අවි එසවීමි තනිව ම..[/FONT]
    [FONT=&quot]එකලාවමය එනමුත්....[/FONT]
    [FONT=&quot]දෙව් අණට රැහැණිව නැගි හෙයින්[/FONT]
    [FONT=&quot]බැන්දෝය මා ගිරි කුළකට...[/FONT]
    [FONT=&quot]කඩා කෑවේයැ මා හදවත තුටින.....[/FONT]
    [FONT=&quot]එකෙකු නොව,[/FONT]
    [FONT=&quot]ගිජු ළිහිණි රෑනක් සේමැ.........*[/FONT]

    [FONT=&quot]අන්තාවකාශ දුර සිට,[/FONT]
    [FONT=&quot]අංකිත අසණියක් විත් පතිත විය[/FONT]
    [FONT=&quot]මා දෙපය අසලම.....!![/FONT]

    [FONT=&quot]මියුරු සදෙසට යොමවා දෙසවන[/FONT]
    [FONT=&quot]දරා නෙක දුක්ඛ දෝමනස්ස[/FONT]
    [FONT=&quot]තැත් දැරිමි, එන්නත් කරනට[/FONT]
    [FONT=&quot]ධූසර ද්‍රව්‍ය......[/FONT]
    [FONT=&quot]උන් දෙකන අගුළු ඇති බවත්,[/FONT]
    [FONT=&quot]හිස් හිස් වලට දැමු දෑ දෙකනින් පෙරෙන බවත්[/FONT]
    [FONT=&quot]දුටිමි එවිට..........[/FONT]

    [FONT=&quot]මා සසල හද විල් තෙර අස බඩ ම[/FONT]
    [FONT=&quot]පිපෙනා සුසුදු පියුමේ පෙති[/FONT]
    [FONT=&quot]අනේ උන් දකින්නේ[/FONT]
    [FONT=&quot]කවදා ද?[/FONT]




    මේ සිව් වසරක මාගේ එළකිරි අඩවියේ දිවියෙහි ශේෂ පත්‍රය ලෙස හැදින්වීමට මම කැමැත්තෙමි.
    *ප්‍රොමිතියස් පිළිබදව එන පැරණි ග්‍රීක පුරාවෘතයට අනුව ප්‍රොමිතියස් දෙව්ලොවින් ගින්දර සොරකම් කොට මනුෂයයන් හට දුන් දේව පුත්‍රයා ය. මහ දෙවිදු වන සියුස් ඒ නිසා ප්‍රොමිතියස් හට දඩුවමක් ලබා දෙන ලදින් ඔහුව මුහුදු වෙරළ අස ගල් කුළකට තබා යදමින් බදින් ලදී. සෑම උදෑසනක ම ගිජු ළිහිණියෙක් අවුත් ඔහු ගේ පපු තුර සිදුරු කොට හෘදය ගලවා කන්නේය, එයින් දුක් විද යලි පසුව දා පහන් වන විට තුවාල සුවී ප්‍රකෘති තත්ත්වයට පැමිණෙන ප්‍රොමිතියස් නැවත උදෑසන සුපුරුදු දඩුවම ලබයි. ඒ, ගින්න සමග වන ප්‍රඥාව මිනිසුන්ට දුන්නාට ඔහු විදින දඩුවමයි!

     
    • Like
    Reactions: nir83k

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සහෝ ඔහොම දෙයක් කියන්න තරම් මොකද හේතුව??
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ.... :P
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළදුවාදෝ....
    :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උන් බොහෝ දෙන නොදකින
    ජාගර ඔල මොළ තැන් දකින මම
    අවි එසවීමි තනිව ම..
    එකලාවමය එනමුත්....
    දෙව් අණට රැහැණිව නැගි හෙයින්
    බැන්දෝය මා ගිරි කුළකට...
    කඩා කෑවේයැ මා හදවත තුටින.....
    එකෙකු නොව,
    ගිජු ළිහිණි රෑනක් සේමැ.........

    :dull::dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකනම් තේරුනා මං හිතන්නේ...:cool:

    පොඩි එකෙක් වගේනේ....:growl::growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    The-crocodile-diaries%E2%80%A6.jpg
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මුගේ මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නැහැ. මොන ජෝක්ස් එකක් ද මේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුගේ මෙලෝ හත්තිලවුවක් තේරෙන්නේ නැහැ. මොන ජෝක්ස් එකක් ද මේ.

    උබට තෙන්නේ නැහැ කියලා උන ඔහොම පොටෝ දාලා හරියනවද??