Apple එක්ක_තරඟයට එන චීන ඇපල් – Xiaomi

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,527
    16,310
    113
    Apple එක්ක_තරඟයට එන චීන ඇපල් – Xiaomi

    Apple එක්ක තරඟයට එන චීන ඇපල් – Xiaomi


    Xiaomi-Mi-Note-8-1024x611.jpg


    ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා.


    Xiaomi-Mi-Note-0.jpg

    කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ.


    Xiaomi-Mi-Note-7.jpg


    අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.

    ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි.



    Xiaomi-Mi-Note-specs.png




    source:techgurulk via phonearena​
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe owa samsung walata wada gaana wadi. :D Samsung lankawe wena rata walata wadaa gaana adui. Oneplus ekak ganna gaanata Note 3 ekak aran thawa 20k withara ithuruth wenawa lankawe.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම මේ ලගදි ෆෝන් එකක් ගන්න ගිය වෙලේ ඔය ෆෝන් බ්‍රෑන්ඩ් එක බැලුවා බං...
    ඩිස්ප්ලේ එක එහෙම පට්ට...
    එත් නම චොරනේ...:sorry:

    apith use karanne Xiaomi thamai machan.baya nathuwa ganin.China wala pattama reputed company ekak :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    අඩේ.... මෙහෙම ගිහිල්ල පොල් ගස් නගින එවුනුත් apple වගේ phone පාවිච්චි කරයි :P:P:rofl::rofl:

    රේප්+
     
    • Like
    Reactions: deanXX