Apple එක්ක_තරඟයට එන චීන ඇපල් – Xiaomi
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා.
කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ.
අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.
ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි.
source:techgurulk via phonearena

Samsung lankawe wena rata walata wadaa gaana adui. Oneplus ekak ganna gaanata Note 3 ekak aran thawa 20k withara ithuruth wenawa lankawe.