විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කොට තිබේ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී එම තීරණයට එළඹුණ බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
රී ලංකාවේ යුදමය තත්වය පහව ගොස් ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත් වී ඇති බැවින් විදේශිකයන් ගේ සංචාර සම්බන්ධයෙන් පණවා තිබුන සීමා ඉවත් කිරීමට තීරණය කළ බව නිවේදනයේ සඳහන්.
උතුරේ සංචාරය කරන විදේශිකයන් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් ලබා ගත යුතු බවට මහින්ද රාජපක්ෂ පරිපාලනය පසුගිය ඔක්තෝබර් මාසයේ පැනවූ නියෝගය දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.
Bbc sinhala