ද්විත්ව පුරවැසි මෙහෙ බෑ දැං
ද්විත්ව පුරවැසි බව හිමි කිසිවකුට මින් පසු ඡන්දය ඉල්ලීමට බැහැ
පියසේන දිසානායක
ද්විත්ව පුරවැසි භාවය හිමි කිසිම පුද්ගලයෙකුට මින් පසු මෙරට පැවැත්වෙන මැතිවරණ සඳහා තරග කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා වන නව නීති ඉදිරි කාලය තුළ සම්මත කර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
ද්විත්ව පුරවැසි බව හිමි පුද්ගලයින් මෙරට මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසු තම අභිමතය පරිදි කටයුතු කර පසුව රට හැර යන අතර මේ නිසා රටට හා ජනතාවට විශාල හානියක් සිදු වන හෙයින් මෙම තීරණය ගත් බව එම ප්‍රකාශකයා පැවැසීය.
මින් ඉදිරියට ද්විත්ව පුරවැසි බව හිමි පුද්ගලයකුට මෙරට මැතිවරණයකට ඉදිරිපත්වීමට අවශ්‍ය නම් ඔහු අනෙකුත් රටක හිමි පුරවැසි බවින් ඉවත් විය යුතු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
source - divaina

Last edited: