ඕක කරන්න වෙන්නේ අවුරුදු 5ක් දිව්වොත් නේ... කොහොමද GPS ගහලා , Taxi Meter සෙට් කරන්න ගිහින් ෂෝට් වෙලා අවුරුදු 3න් බැටරියට කෙල උනාම කොහොමද ආතල් එක... දාපන්කෝ බැටරියක් ලක්ෂ 5ක් දීලා... එතකොට කොහොමද බැටරිය කෙල වෙලා තියෙද්දී Inverter එක ගියාම... ලක්ෂ විසිගානක් දීලා දාපන්කෝ ඉන්වර්ටර් එකකුත්...![]()
මාමට බස් ටික විකුනලාවත් ගොඩ යන්න වෙන්නේ නෑ..![]()
බය කරන්න එපා යකෝව්........ හයරින් දාන උන් මීටර් එකක් විතරයි සෙට් කරන්නේ මම දන්න හැටියට..... GPS එකක් සෙට් කරොත් ඩ්රයිවර් කොට්ටක් පැනලා තිබ්බොත් අහු වෙනවා..... 

අවුරුදු 5 ලීස් එක ඈදලා..... 6 වෙනි අවුරුද්දේ විකුණලා..... ආයේ අළුත් එකක් අරන් දාන්න තමා කල්පනා කරන් ඉන්නේ..... මොකද ඩ්රයිවර් අවුරුදු 5 ඈදලා දුන්නොත්.... ඌට ඉදිරියටත් කරන් යන්න වාහනයක් අරන් දෙන්න එපායේ....
ඒවායේ ලීස් එක මීටත් වැඩි වෙනවනේ එතකොට මට.....




ජෝක් එකක් කරගන්න එපා සහෝ මේ ත්රෙඩ් එක....... අමතක කරන්න එපා ඔයා ඔය අගේ කරන හොන්ඩා කම්පැණිය තමා වෙසල් හදන්නේ කියලා...... 