( ඉන්දික ගමගේ ) 2015-01-27 17:59:23
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනුණා. ඒ, ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.
කේ.පී. සම්බන්ධයෙන් මෙතෙක් සිදුකෙරුණු විමර්ශන පිළිබඳ කරුණු දැක්වීම සඳහා මීළඟ නඩු දිනය වන ලබන මස 5 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි එහිදී නීතිපතිවරයාට නොතීසි නිකුත් කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
අභියාචනාධිකරණය අද පැමිණිලි විභාග කරනු ලැබුවා. කුමරන් පද්මනාදන් ට අදාළ චෝදනා අධිකරණයට ඉදිරිපත් කරා. ඒ කරුණු විමසීමෙන් පස්සේ අධිකරණය තීරණය කරා ඔහු කරන ලද නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරන ලද පරීක්ෂණ පිලිබඳ වාර්තාව ලබන පෙබරවාරි මස 5වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයාට නොතීසි නිකුත් කරලා හදිසි කටයුත්තක් නිසා අතින් ගිහිල්ලා ඒ නොතීසි භාරදීලා ඔහු හරහා ඒ තොරතුරු, ඒ පරීක්ෂණවල වාර්තාවක් ලබන පෙබරවාරි මස 5වෙනිදට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගයක් දුන්නා.
මේ අතර කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. විවෘත අධිකරණයට කැඳවීමට දරන උත්සහය වහාම නතර කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටිනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ කේ.පී. යොදා ගනිමින් හමුදා බුද්ධි මෙහෙයුම් සිදුවී ඇති බවයි. ඒ නිසා කේ.පී. විවෘත අධිකරණයට කැඳවුවහොත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්විය හැකි බවද ඔහු පැවසුවා.
කේ.පී. යොදාගෙන සිදුවූ හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ තොරතුරු දැනගැනීම හා කේ.පීට දඩුවම් දීම එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කෙසේවෙතත් අභියාචනාධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විජිත හේරත් මහතා පැවසුවේ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටුකරන්නේ තමන් නොව ජාතික නිදහස් පෙරමුණ බවයි.
මේ අතර අභියාචනාධිකරණය වෙත තමන් ගොනුකළ පෙත්සමෙන් කේ.පී. දැනට සිටින ස්ථානය පිළිබඳ නිශ්චිතව කරුණු දක්වා ඇතැයි ද විජිත හේරත් මහතා මෙහිදී කියා සිටියා. නඩුව යළි කැඳවන ලබන මස 5 වෙනිදා කේ.පී. පිළිබඳ තවත් තොරතුරු හෙළිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
source- NethFM

නැවක්.