මහ බැංකු බෝම්බේ පිපිරිලා අදට අවුරුදු 19 ක් වෙනවා. ඒ වෙනුවෙන් මේ සටහන මන් උපුටා ගත්තේ අනුරුද්ධ ලොකුහපුආරච්චි මාධ්‍යවේදියාගේ FACEBOOK පිටුවෙන්. මට නම් මේ සිද්දිය අද වගේ මතකයි. එදා අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක දවස. එළියේ පිට්ටනියේ ඉන්නකොට හෙණ ගහනවා වගේ ඇහුනේ සද්දේ .
කුඩාකල පටන් මහ බැංකු ගොඩනැගිල්ල මට නුපුරුදු තැනක් නොවීය. මගේ පියාගේ පලවන රැකියා ස්ථානය මෙන්ම 2002 දී විශ්‍රාම යනතුරු එය ඔහුගේ අවසාන සේවා ස්ථානයද එය විය. මා කුඩා අවදියේ මහ බැංකු ගොඩනැගිල්ල මට යෝධයෙක් මෙන් විය. දිනෙක ගංවතුර කාලෙක කැළණි ගඟේ මඩවතුර මහුදට වැටෙන සැටි අප මහ බැංකුවෙ වහලයේ සිට බලා සිටියෙමු. ආනන්දෙ හතර පහ පංතිවලදි තාත්ත වැඩකරන්නෙ උස බිල්ඩිමක කියල මහ බැංකුව ගැන කොල්ලො එක්ක කයිවාරු ගහපු හැටි මට තාම මතකයි. කුඩා කාලෙ අප නිවසේ හතරැස් කුඩා සිදුරුවිදි අඟල් හතක් දිග හතරක් පමණ උස කාඩ් වර්ගයක් විය. තාත්ත වැඩ ඇරිල ගෙදර එනකොට අරගෙන ආව සිය ගනන් මේ කාඩ් අපට හොඳ සෙල්ලම් බඩුවක් විය. අයියයි මමයි මේ කාඩ් වලින් තරඟෙට උස ගොඩනැගිලි හැදුව. ඒ කාඩ් එකල මහ බැංකුවේ විශාල පරිගණකයේ පාවිච්චි කරල ඉවත දාපුව කියල තාත්ත කිව්වත් පරිගණකය මොකක්ද කියල අපට තේරුමක් තිබුනෙ නැහැ. පස්සෙ දවසක තාත්ත මහ බැංකුවට මාව එක්කන් ගිහින් කාමරයක තිබුනු වයර් අමුණපු විශාල යකඩ අල්මාරි වගේ ඒව වගයක් පෙන්නල කිව්ව මේක තමයි කම්පියුටරය කියල. ඒත් ඒක මාව කුල්මත් කල එකක් නොවුන නිසා මහ බැංකුවෙ කම්පියුටර් ගැන කොල්ලො එක්ක කයිවාරු ගහන්න ගියෙ නැහැ.
කාලයාගෙ ඇවෑමෙන් මහ පිට්ටු බම්බුවක් වගේ ලංකා බැංකුව හැදුන...උසට උසේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය හදන්න පටන් ගත්ත...ඒ අතර මහ බැංකුව පුංචිවුනා වගේ....ඒත් මහ බැංකවෙ වැඩ විශාල වුනා ..සංකීර්ණ වුනා...ආරක්ෂක පියවරයන් වැඩිවුනා බැංකුව ඉදිරිපස පෙනුම වෙනස් වුනා ..සමාන්‍ය ජනතාව නොයන තැනක් බවට පත් වුනා.
මමත් ලොකුවෙලා...... 86 දි පුවත්පත් ඡායාරූප ශිල්පියෙක් වෙලා ඉඳල..... 92 මුලදි මහ බැංකුවෙ පාරෙන් එහා පැත්තෙ ජෝර්ජ් ස්ටුවර්ට් ගොඩනැගිල්ලෙ රොයිටර් ප්රවෘත්ති සේවයට බැඳුන. පාරෙන් එහා පැත්තෙ මහ බැංකුවෙ වැඩ කරන තාත්ත මම මහ බැංකු අධිපතිගෙ ඡයාරූප ගන්න ගියහම ආඩම්බරයෙන් එයාගෙ යාළුවන්ට මාව පෙන්නුව.
ඒ අතර 82 ජනාධිපතිවරණයෙන් පස්සෙ තහනමට ලක්වුන ජනතා විමුක්ති පෙරමුණ රහසිගත සන්නද්ධ ව්‍යාපාරයක් වුනා. දකුණේ පාරවල් පුරා මිනී කඳු ගොඩගැහුන..... මම රහසිගතව ඒවා ඡායාරූපගත කරන්න පටන් ගත්ත. ඒ අතර උතුරේ දෙමළ ඊළාම් අරගලය ව්‍යාප්ත වුනා......දකුණෙ හිටපු හමුදාව උතුරට ඇරිය...... උතුරෙ මිනී කඳු ලේ ගංගා දකුණෙ අයට දකින්න වධිහක් තිබුනෙ නැහැ...... හමුදා සෙබළු වෙනුවෙන් පවත්වන බෝධි පූජාවල පිංතූරු පත්තරවල ලොකුවට පලවුනා....... 92 වෙනවිට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාමිනී දිසානායකත් ලළිත් ඇතුලත්මුදලිත් පාරට බැස්ස....... මංගල සමරවීරත් මහින්ද රාජපක්ෂත් ප්‍රේමදාස ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම්වලට විරුද්ධව මගේ ඡායාරූප එකතුවත් අරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නට සූදානම් වුනා.... ගුවන් තොටුපලේදි නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොල ලවා ඔවුන් දෙපල නැවත්වීමට ප්‍රේමදාස ජනාධිපතිට පුළුවන් වුනා.... මගේ ඡායාරූපවලට වෙච්ච දෙයක් නැතිව ගියා....
94 ඔක්තෝබර් 24 ගාමිනී දිසානායක ඝාතනයත් එක්ක චන්ද්‍රිකාගෙ එල් ටී ටී සාම සාකච්ඡා කඩාගෙන වැටුන. මම එතකොට යාපනයෙ ඤාණම් හොටලේ . සාමසාකච්ඡා දෙවන වටය වාර්තා කරන්න ගිහින්. ආයෙත් යුද්ධෙ පටන් ගත්ත. අපි ආයෙත් දෙපැත්තට වුනා. මට ඕන වුනා මේ දෙපැත්ත යා කරන පාලමක් වෙන්න. හමුදා අවසර ඇතිවත් නැතිවත් එල් ටී ටී ප්‍රදේශයට ගිහින් ඡායාරූප ගන්න පුරුදුවුනා. (ඒත් අවසර නැතිව ගිය පාර වැහුන 2001 අප්‍රේල් 16 ඇමරිකන් මාධ්‍ය වේදිණිය මේරි කොලින්ස්ට වෙඩි වැදුනට පස්සෙ.)
96 වෙනකොට ආර්ථික ඉලක්කවලට පහර දෙන්න එල් ටී ටීය තීරණය කරල තිබුන. ඒක වළක්වන රජයේ ආරක්ෂක උපායන් දුර්වල කරන්න එල් ටී ටී සල්ලිවලට පුළුවන් වුනා.
96 ජනවාරි 31 ආව...... එදත් අනිත් දවස් මෙන්ම හොඳින් ඉර පායල තිබුනු සාමාන්‍ය දවසක්. ගෙදරින් එන්න පෙර බිරිඳ සුජීට කිව්ව පුතා විශ්ව එක්ක දහවල් දොළහට කාර්යාලයට එන්න කියල පුතාට ඇඳුම් ගන්න යන්න. එතකොට පුතාගෙ වයස අවුරුදු දෙකයි. හැමදාම වගේ ශ්‍රී ලංකා මහබැංකුව ඉදිරිපිට ජෝර්ජ් ස්ටුවර්ට් ගොඩනැගිල්ලට ඇතුල්වූ තැන පටන් දෙවන මහලේ රොයිටර් ප්‍රවෟත්ති සේවයේ මගේ කාර්යාලයට ඇතුල් වනතුරු මගේ මුහුනින් ප්රවෳත්ති හොයන අනෙක් කාර්යලවල සේවකයන් සහ ආරක්ෂක සේවකයන්ට එදා මගේ මුහුනෙන් කියවන්න ප්රවෳත්ති තිබුනෙ නැහැ. උදේ 10.30ට පමණ කාය්යර්ාලයේ දුරකථණය නාදවන්නට විය. ඇමතුම්කරු බිඳුනු සිංහලෙන් හලෝ රොයිටර් එකද අපි කොළඔට ගහනවා යි කෑ ගැසීය.. ඇමතුම්කරු දුරකථණය විසංධිකලමුත් දරකථණය අතේ තියාගෙනම කාර්යාල කාමරයෙ වීදුරු අතරින් රෝහල් වීදිය පුරා සෙනග දුවනව පෙනුන. වෙන්නෙ මොනවද කියල දෙපාරක් හිතනන මට උවමනා වුනෙ නැහැ. නිමේශයකින් අතට අහුවුන සේයාපට සාක්කුවෙ දාගත්ත මම කැමරා දෙකත් රැගෙන රෝහල් වීදිය පැත්තෙන් ගොඩනැගිල්ලෙන් එලියට ආව. ඒ එක්කම සිදුවූ පිපිරීමක කම්පණයෙන් ජෝර්ජ් ස්ටුවරට් ගොඩනැගිල්ලෙ වීදුරු බිත්තිය පිපුරා ගියා. පසුව දැනගත් පරිදි එය සෙළින්කෝ ගොඩනැගිල්ලට එල්ලවූ ආර් පී ජී ප්‍රහාරයයි. මා චැතැම් වීදිය දෙසින් මහබැංකුව දෙසට දිව ගියේ ප්‍රහාරය එල්ලවන්නේ මහබැංකු ගොඩනැගිල්ලට විය හැකිබවට දැනුනු ඉවෙනිග මා මහ බැංකු ගොඩනැගිල්ල දකිනවාත් සමග දැවැන්ත පිපිරීමකින් ගොඩනැගිල්ල වැසීයන්නට විය. ස්වයංක්‍රීයව මෙන් කැමරාව ඒ දෙසට යොමුකර ක්රියාකරවූ මා අනතුරුව ඔළුව දෑතින් බදා මුනින් අතට පාර මැද වැතිරුනෙමි. ඒ සිටි මොහොත මට තවමත් කල්පයක් වගේ දැනෙනව. පිපිරීමේ කම්පණයෙන් අවට ගොඩනැගිලි සියල්ල මගේ හිස මත කඩා වැටෙන්නට යනවායයි ඒ මොහොතේ මට දැනුනි. ක්ෂණිකව මට බිරිඳ සුජී සහ පුතා විශ්ව කාර්යාලයට එමින් සිටන බව සිහිපත් විය. ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිත වන්නට පෙර දුරකථණයෙන් සුජීට කතාකරල මහ බැංකුව පිපිරූ බවත් මේ පැත්තට එන්න එපා කියන්නත් පුළුවන් වුනා. හිස ඔසවා මහ බැංකුව දෙසින් දුටු දර්ශණයේ රූප රාමු කීපයක් කැමරාවේ සටහන් කර ගත්තෙ ඒ මගේ වගකීම බව නැවත සිහිපත් වීමෙනි. එහෙත් සම්පූර් සිදුවීමෙහි මා සටහන් කරතිබුනේ රූප රාමු විසිහතක් පමනකි. අනාවරණය නොකල සේයාපට පහක් මගේ සාක්කුවේ තිබුනි. එහෙත් පොදු මිනිස් හැඟීම් මා එම සිදුවීමේ නිරීක්ෂකයෙක් නොව මා එහි කොටස් කරුවකු බවට පත් කෙරීය. පසු කලක මා එම ඡායාරූප වල මුද්‍රණ ශ්‍රී ලංකා මහ බැංකුවෙ නව පුස්තකාල ගොඩනැගිල්ලේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා පරිත්‍යාග කල අතර තවමත් ඒවා එහි ඇතැයි විශ්වාස කරමි.
ප්‍රහාරයෙන් ජිවිත 91 අහිමිවූ අතර 1400 තුවාල ලැබීය. ප්‍රධාන ප්‍රහාරය සඳහා 42-6452 අංක දරන ලොරියේ රාත්තල් 440 ක අධිබල පුපුරන ද්‍රව්‍ය යොදාගෙන තිබුනි. ප්‍රහාරයට පැමිනි එල් ටී ටී ප්‍රහාරකයන් තිදෙනෙකු පසුව හඳුනා ගත් අතර එක් එයකු මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකි. එදිනෙන් පසු කිසි දිනෙක ප්‍රහාරයකට පෙර කිසිවෙකු අපට එය දුරකථණයෙන් දැනුම් නොදීය.
- අනුරැද්ධ ලොකුහපුආරච්චි
පුවත්පත්වල පලවූ මේ ඡායාරූපය නිසා තුවාල කරුවා රැගෙන දුවන මේ සොල්දාදුවාට ජනාධිපතිවරිය විසින් ජාතික සම්මනයක් පිරිනැමීය.
RPG ප්‍රහාරයට ලක්වුණු සෙලින්කෝ ගොඩනැගිල්ල

Last edited: