දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර
නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරවල සහ වෙනත් මධ්‍යස්ථානවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡවකදීයි මෙම එකගතාව ඇතිවී තිබෙන්නේ. මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස තුනක කාලය තුළ එම කටයුත්ත සිදු කිරීම අපහසු වනු ඇති බවයි. එබැවින් සියලූ නීතිමය කටයුතු අවසන් කොට වසරක් ඇතුළත ඔවුන් නිදහස් කිරීමට රජය එකග වී ඇති බවයි රදගුරුතුමන් ප‍්‍රකාශ කර ඇත්තේ. ජනාධිපතිවරයාගේ පොදු සමාවක් හරහා මෙම නිදහස් කිරීමේ ක‍්‍රියාවලිය සිදුවනු ඇතැයිද රදගුරුතුමන් ප‍්‍රකාශ කර තිබෙනවා.