10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

    රුපියල් 10,000 වැඩි වීම වැටුපට එකතු කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය



    copyright Lakbima

    වත්මන් රජයේ ඉතාමත් ආකර්ෂණීය ඡන්ද ‍පොරොන්දුවක් ඉෂ්ට කරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කටයුතු කරමින් පවතී. නමුත් මෙම වැඩ පිළිවෙළට මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඔවුන් පවසන්නේ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන රුපියල් 10000ක මුදල වැටුපට එකතු නොකර, දීමනාවක් ලෙස ලබා දෙන ලෙසයි. එසේ වැටුපට එකතු වුවහොත් ඒ හේතුවෙන් වැටුප් අතර දැනට තිබෙන පරතරය අවම වන බව ඔවුහු පෙන්වා දෙති. මෙසේ පරතරය අවම වීම මගින් උසස් ක්‍ෂේත්‍රවල රැකියාවන්හී නිරත වන අයට බලවත් අසාධාරණයක් සිදු වන බව එම සංගමයේ අදහසයි.
    අපි මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළ ආකාරයට නිදහසින් පසුව ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිගත් ප්‍රතිපත්තියකින් තොරව සිදු වූවකි. රාජ්‍ය සේවකයින් අතර නොසන්සුන්තාවක් හට ගැනීමට මෙය හේතුවක් වී ඇත්තේ මෙයයි. මේ නොසන්සුන්තාව නිරාකරණය කර ගැනීමට වැටුප් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයැයි මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කළේය.
    මේ අනුව එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය ඇතිව වසර 2003 වර්ෂයේ ආරම්භ කළ වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය කාලයේ ඒ 2006/6 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛය නිකුත් කිරීමත් සමගය. ඒ අනුව නිදහසින් වසර 60කට පසුව ලංකාවේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් බිහි විය.
    වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අවම විය. විද්වතුන්, වෘත්තීයවේදීන්, සහ තාක්ෂණික නිලධාරීන් ආදීන් තුළ රාජ්‍ය සේවයට ආකර්ෂණය වීම වැඩි වූවා පමණක් නොව බුද්ධි ගලනය ද අවම විය.
    කෙසේ නමුත් වත්මන් රජයේ මැතිවරණ ප්‍රතිපත්තියට සමගාමීව දින 100 වැඩ සටහනට අනුව රජයේ සේවකයින්ට රුපියල් 10000කින් නියමිත ක්‍රමවේදයකින් තොරව වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළේය.
    මෙය ක්‍රියාත්මක වුවොත් ජාතික වැටුප් ප්‍රතිපත්ති සංකල්පය උල්ලංඝණය වෙනු ඇත. වැටුප පිළිබඳව තිබෙන ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝණය නොකළ යුතු බව සංගමයේ ඒකමතික අදහස වී තිබේ.
    මේ හේතුවෙන් ඔවුන් රජයට යෝජනා කරනුයේ රුපියල් 10000 රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එකතු නොකර එය දීමනාවක් ලෙස ලබා දෙන ලෙසටය.
    වසර 2006 බිහි වූ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව වැටුප් අතර අනුපාතය 1:4 ලෙස ප්‍රකාශයට පත් විය. මෙහිදී නුපුහුණු කම්කරුවෙකු රුපියල් 11,700ක මූලික වැටුපක් ලබා ගන්නා විට ඉහළම විධායක ශේ්‍රණියේ විද්වතකුගේ මූලික වැටුප රුපියල් 47,000 ක් ඉක්මවිය නොහැකි බවට තීරණය විය. මේ අනුව රාජ්‍ය සේවයේ සියලුම ක්ෂේත්‍රවල මූලික වැටුප රුපියල් 11,700 සිට රුපියල් 47,000 දක්වා පරාසයට ලඝුවිය.
    තවද කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් 12,000ක් වන විට කුසලතාවයන් ප්‍රගුණකළ හෙදියකගේ හෝ ගුරුවරියකගේ අවම වැටුප රුපියල්
    15,000 ක් අතර නතර විය. එය සේවා කුසලතා හා අධ්‍යාපන සුදුසුකම් නොසලකා හැරීමක් ලෙස සංගමය සලකයි.
    ලොව පුරා මෙම වැටුප් සීමා අනුපාතය 1:20 ට වැඩියෙන් පවත්වාගෙන යන්නේ බුද්ධිගලනය වළක්වා ගැනීමටය. අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය අංශය තුළ 1:12 වන මෙම වැටුප් පරිමාව නිර්මාණය වී තිබේ.
    1:4 වැටුප් අනුපාතය තුළ දක්ෂයින් හා උගතුන් බිහි වීම අවම වන බැවින් මෙය වෙනස් කළ යුතු යැයි සංගමය එයින් තීරණය කර ලැබිණ.
    මෙහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට වෛද්‍යවරුන් 1:4.25 දක්වා වැටුප් පරතරයකට හිමිකම් කියති.
    මේ පරතරය 2015 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව පැවසුවත් එය ක්‍රියාත්මක කර නොමැත. රාජකාරී බාධා , පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි වී නොමැත. එසේම විශේෂඥ වෛද්‍ය දීමනා රුපියල් 20,000 සිට හා අන්තර් විශේඥ වෛද්‍ය දීමනා රුපියල් 10,000 දක්වා වූ මුදල තවමත් ලබා දී නොමැත.
    කෙසේ නමුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි වීම හේතුවෙන් දැනට තිබෙන 1:4.25 අනුපාතය 1:2.5 දක්වා අවම වෙනු ඇත. මෙය බරපතළ තත්ත්වයකි. සංගමය ජනාධිපතිතුමා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ විට ඔහු පවසා ඇත්තේ දැනට ක්‍රියාත්මක වැටුප් ප්‍රතිපත්තියට හානියක් නොවන ලෙස මෙම වැටුප් වැඩි කිරිම සිදු කරන බවකි. සමස්ත වෛද්‍යවරුන්ම මේ ගැටලුව දෙස බලා සිටින්නේ එහෙයිනි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    උසස් ක්‍ෂේත්‍රවල ප්‍රශ්න වෙන තත්වයක් තියෙන්නේ?
    අපි හිතුව හැමෝම සතුටු වේවි කියල වැටුප් වැඩිකරම නේද පැටියෝ

    :shocked::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මොනවද මේ උසස් ක්‍ෂේත්‍රවල රැකියාවන්? පොල් කඩන ඒවා වගේ ඒවා අයිති නැහැ මම හිතන්නේ :lol::P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවේ ඉන්නේ වෙස බල්ලෝ. එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ. ඕකුන්ව අස් කරලා හම්බෙන පඩියත් නැති කරන්න ඕනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකට කාලකන්නි සතුටක් ලබන සක්කිලියොන්ට හෙණ හත වැදියං. පවුල් පිටිං හැඳිගෑවිලා පලයං :D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    huk nodakin mehemath jathiyak,okata thamai kiyanne loku un podi un nakitinawata kemathi na kiyala :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැටුප් අතර අනුපාතය 1:12 කරල හදන්න ඉස්සර රජයෙන් ඉල්ලීමක් කරල ඒකට සෑහෙන එකඟතාවයක හිටියේ.
    ඒ කියන්නේ පලමු පත්වීම ලබන කම්කරුවගේ පඩිය 10000/= වෙනකොට ඒ අමාත්යන්ශයේ ලේකම්ගේ පඩිය (බේසික්) 120000/= වෙන විදියට කරන්න යම් එකඟතාවයක් තිබුනා. :dull:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එක අතකට උන්ගේ ඉල්ලීම සාධාරණයි , නමුත් අනිත් පැත්තෙන් channeling වලින් ඕනෑවටත් වඩා doctors ල හම්බ කරනවා ,එක නිසා ඒ පැත්තෙන් අසදාරනයි.මොකද අනිත් රජයේ සේවකයන්ට තවත් job එකක් කරන්න තහනම් නිසා. හම්බෙන පඩියෙන් තමයි මුළු මාසෙම ජිවත් වෙන්නේ. වෙන අදායම් මාර්ගයක් නැ.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලන්කාවෙ මෙච්චර ස්ට්‍රයික් විරොදතා මොකද බන් රාජ්ය සෙවයෙ ?ලොකෙ වැඩියෙන්ම නිවඩු ලැබෙන්නෙත් මුන්ට වැඩ කරනව කියල වැඩ කරන්නෙත් නැ උකන්නල , විරොදතානම් වෙලාවට කරනව ,සොන්නොයොන්ට දුන්නත් හොද නැ නොදුන්නත් හොද නැ , අනෙ මන්ද බන් මුන්නම්
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • එක අතකින් මහින්ද හරි බන්.මේ වගේ කුහක, කාලකන්නි ඉන්න රටකට සලකන්න ඕනා මහින්දගේ ආණ්ඩුවෙන් සැලකුවා වගේ තමයි බන්..... :(:(
     

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    lankawe inne maha kuhaka yakku!
    oya rajaye loku job wala inna godak un ehema thamai,including doctors,
    lankawe api hari wenasne.LOL
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක අතකින් මහින්ද හරි බන්.මේ වගේ කුහක, කාලකන්නි ඉන්න රටකට සලකන්න ඕනා මහින්දගේ ආණ්ඩුවෙන් සැලකුවා වගේ තමයි බන්..... :(:(

    ඔව් බන් මටත් හිතෙනවා මේ වගේ කාළකන්නි මිනිස්සුන්ට හරියන්නේ මරාම තමයි
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    ඔව් බන් මටත් හිතෙනවා මේ වගේ කාළකන්නි මිනිස්සුන්ට හරියන්නේ මරාම තමයි

    ow ban mathath oya de hithuna :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    maara jaathiyakne oi...podi minihata thamai 10,000k wadi wenawanam eke watinakama thiyenne..nikan hithanna 15000k hambena ekkenta, basic eka 25k wena eken kochara deyak wenawada kiyala..10000k deemanawak widihata dunnoth tika dawasakin deemanawa amathaka wennath puluwan wena aanduwak awoth...anika basic eka wadi wenawanam eka kochara hodada..lankawe inne maha kuhakayo..rajaye sewayak kiyala aran mungen ratata wena wadakuth naha..private sector eke ungen meeta wada ratata deyak wenawa..mun mewa asse idagena ice gagaha, pagaawa gagaha...thawa salary wadi karamath ekatath kiyawanawa..maarama kuhuka set ekak..oya rajaye haththawal tika elawala daanna one :yes: