චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය

    ~ චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය : සංචාරක ඇස ගිය තැන් ~

    article-2060023-0EBEF2F900000578-885_634x818.jpg


    ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි.

    එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළකි. අනික් පැත්තේ අඩි 4000 ක මහා ප‍්‍රපාතයකි. මේ දෙක අතර ඇවිද යන නිර්භීත සංචාරකයා මරණයෙන් ගලවාගන්නා අඩි තුනක් පළල අඩි දෙකහමාරක් ගණකම ඇති සක්මන් මගකි.


    ඒක ඔබ භීතියට පත් කරන්න ප‍්‍රමාණවත් මදි නම් මේ සක්මන් මග යද්දී එක් පියවරක් හෝ වැරදුනහොත් ඔබට වන දේ වඩාත් හොඳින් දැක බලා ගත හැකි වන සේ මේ චීන කඳුකරය පැත්තේ ඉදිකර ඇති කොටස තනා ඇත්තේ වීදුරුවලිනි.


    ඔබට තේරුම් ගන්න පුලූවන් මේ කාන්තාව ගල්කුළට වඩාත් සමීපව හිඳිමින් සීරුවෙන් පියවර තබමින් මේ බියකරු සක්මනෙහි යෙදෙන්නේ ඇයි කියා.


    article-2060023-0EBEF4C000000578-970_634x416.jpg


    මුහුදු මට්ටමෙන් අඩි 4700ක් ඉහළින් මේ සක්මන් මග ඉදිකර තියෙන්නේ චීනයේ ශැන් ජියාජීහි Zhang Jiajie පිහිටි ටියන්මෙන් Tianmen කන්දේ පැත්තකයි.

    අඩි 200ක් දිග මේ අහස් මග ඉදිකර ඇත්තේ ටියන්මෙන් කඳු මුදුනේ යුන්මෙන් ශිඛරයත් ෂැන් ජියාජීත් අතරයි.


    මේ අහස් මග පවිත‍්‍ර කරන්නන්ට බියකරු වැඩි නිසා මේ හරහා යන්නට එන සංචාරකයන්ට ගමන් අරඹන්නට පළමුව සපත්තුවලට විශේෂ ආවරණ දැමීමට සිදුවේ. ඒ මේ මග පිරිසුදුව තබා ගැනීමටයි.


    මෙවැනි වීදුරු අහස් මගක් මෙයට කලින් ඉදිකර තිබුණේ ඇමරිකාවේ ග්රෑන්ඞ් කැන්යන් හරහායි. එය අඩි 4000ක් ඉහළින් ඉදිකළ අඩි 70ක අහස් මගකි. අඟල් දෙකහමාරක් ගණකම ඇති විනිවිද පෙනෙන වීදුරුවලින් තැනුනක් නිසා නරඹන්නකුට පහළින් පිහිටි ග්රෑන්ඞ් කැන්යන් පතුළ හොඳින් දැක බලාගත හැකියි.


    ටියන්මෙන් යන්නෙහි අරුත දෙව්ලොව දොරටුව යන්නයි. එසේ නම්කර ඇත්තේ කඳු මුදුනට ආසන්නව පිහිටි දැවැන්ත ස්වාභාවික ලෙනක් ඇති නිසයි.


    චීනයේ හුනාන් පළාතේ පිහිටි උසම කන්ද වන මෙය අඩි 5000ක් පමණ උස් වෙයි. මෙය ඉතා දුර්ලභ ගණයේ ශාක වර්ග රැසකට වාසභූමිය වී තිබේ.


    සැතැපුම් හතරක් දිග රැහැන් රිය මගක් ද මෙම උද්‍යානයේ ඉදිකර ඇත. එය ද මේ වර්ගයේ ලොව ඇති දිග ම මග ලෙස සැලකෙයි.


    මේ වීදුරු අහස් මග කෙතරම් බියකරු එකක් වුවත් මෙය මේ පළාතේ ම තවත් උස් ශිඛරයක අහස උසට ඉදිකළ මෙවැනි ම අහස් මගක වර්ධනය කළ පියවරකි.


    article-2060023-0EC097A700000578-249_634x441.jpg


    මෙහි සිට සැතැපුම් 82ක් දුරින් පිහිටි ෂිෆෝ කන්දෙහි අඩි දහස් ගණනක් ඉහළින් ඉදිකර ඇති එය අඩි තුනක් පළලට දැවයෙන් කළ නිමැවුමකි.

    කෑම මේසයක් තරම් පළල මෙම දැවමය අහස් මග ඉදිකර නිමවූ පසු සැතැපුම් 1.8 පමණ දික් වනු ඇත. එය චීනයේ මෙතෙක් ඉදිකර ඇති දිගම අහස් නැරඹුම් මග වේවි.


    article-2060023-0EBEF17700000578-367_306x458.jpg


    article-2060023-0EBEF50300000578-750_306x458.jpg


    ඉස්සුවෙ: DailyMail
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම පොස්ට් එකක් මචන්....
    දැන්ම රෙප් දෙන්න බෑ ලු...
    tfs...... :)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් මලාට යන්නෙ නෑ... යකුනෙ ඕව මේඩ් ඉන් චයිනා..