නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

20goodman-articleLarge.jpg


ඉහත සඳහන් චිත්‍රය පසුගිය ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි රයන් ගුඩ්මන් නමැති මහාචාර්යවරයාගේ ලිපියක් සමග පළවූවකි. (http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html) ලිපිය ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදයට උපකාර කිරීම සම්බන්ධවයි. මේ ඡායාරූපයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද යන්න ද උපකාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ද ඉතා පැහැදිලිව නිරූපනය කෙරෙයි.

අප බොහෝ අවස්ථාවල දී පෙන්වා දී ඇත්තේ බටහිරයන් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ තමන්ට කීකරුව රටක් රාජ්‍යයක් පවත්වාගෙන යෑම බව ය. බටහිරට කීකරු නොවන ඔවුන්ට ගැති නොවන රටවල් ඒකාධිපතිවාදී වෙයි. රටක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එරට වැසියන් විසින් නොව බටහිර දේශපාලකයන් ඊනියා බුද්ධිමතුන් ආදීන් විසිනි. අප රටේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී නො වේ. එහෙත් ලංකාවේ වඩාත් ම මැතිවරණ පවත්වා ඇත්තේ ඒ ආණ්ඩුව යටතේ ය. අද නැති පුවත්පත් නිදහසක් එදා තිබිණි. අද ජාතික යැයි කියාගන්නා පුවත්පතක ලිපියක් පළකිරීම පහසු නැත. කතුවරයා අදාළ ලිපිය පළකරන්නේ එය සැර වැඩි නැත්නම් පමණකි. මා අද ලියන්නේ විදුසරට පමණකි. විදුසර ලිපිවල ඇති සැර හා දේශපාලනය කසිකබල් දේශපාලනඥයන්ට නො තේරෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එංගලන්තයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හියුගෝ ස්වයර් මහතා ලංකාවට පැමිණියේ ය. ඔහු කියා සිටියේ උතුරේ අධිආරක්‍ෂිත කලාප වහා ඉවත්කරන ලෙසත් අදාළ ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන ලෙසත් ය. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ය. අපට උපදෙස් දීමට, නැත අණ දීමට ඔහු කවු ද? අප ආරක්‍ෂිත කලාප පවත්වාගෙන යා යුත්තේ රටේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා නො වේ. රටේ ආරක්‍ෂාව පිළිබඳ සෙවිල්ලෙන් පසු වූ බැවින් ම පසුගිය අවුරුදු පහ බෝම්බ නැති කාල පරිච්ඡෙදයක් විය.

බටහිරයන්ට විරුද්ධව ගොස් අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූ බව සැබෑ ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයටත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මනා කළමනාකාරීත්වයටත් රණවිරුවන්ගේ කැපකිරීමටත් පින්සිදු වන්නට ය. එහෙත් අපට බටහිරයන්ගේ අනුග්‍රහය ලබන ඔවුන් අතින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය හා එහි ඵලයක් වූ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට නොහැකි වී ඇත. ඒ සටන අප රටේ කෙරෙන්නක් නොව බටහිර රටවල කෙරෙන්නකි. ඒ සඳහා ජාතික මතවාදී විදේශ ඇමතිවරයකු හා එවැනි ම වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි. එහෙත් අවාසනාවකට අපට එවැනි අමාත්‍යාංශයක් 1948 පෙබරවාරි 4වැනි දාට පසුව කිසි දිනෙක ලැබී නැත.

විදේශ තානාපතිවරුන් ලෙස පත්කළ යුත්තේ දේශපාලන හෙංචයියන්වත් විදේශ සේවා පරීක්‍ෂණයෙන් සමත්වූවන්වත් නො වේ. එක් අතකින් ගත්කල ඊනියා වෘත්තීය තානාපතිවරු දේශපාලන හිතවතකම් මත පත්කෙරෙන තානාපතිවරුන්ට වඩා නුසුදුස්සෝ වෙති. අද ජෙනීවා ගොස් සිටින ජයන්ත ධනපාල මහතා හෝ උතුරු පළාතේ නව ආණ්ඩුකාරයා ලෙස පත්කෙරී ඇති පලිහක්කාර මහතා හෝ වෘත්තීයිකයන් ලෙස රටට කර ඇති සේවය කුමක් ද? මේ ඊනියා වෘත්තීයකයෝ මෙරට හෝ පිටරට හෝ බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර මතවාද කරපින්නාගත් අනුකාරකයෝ වෙති. ඔවුන් විදේශ කටයුතු පිලිබඳ ව පුහුණු කෙරී ඇත්තේ බටහිර අච්චුවේ ය.

අද ධනපාල මහතාගේ කාර්යය වනුයේ දෙමළ ජාතිවාදයට කප්පම් දී තව තවත් රට බටහිර ග්‍රහණයට හසුකිරීම ය. ජෙනීවාහි ලංකාවට එරෙහිව ගෙනෙන ඊනියා මානව හිමිකම් යෝජනා අස්කර ගැනීමට නම් කළ යුත්තේ දෙමළ ජාතිවදයට කප්පම් ගෙවීම ය. අධිආරක්‍ෂිත කලාප අස්කිරීම එක් කප්පමකි. ඔහු හැකිනම් බලනු ඇත්තේ ලංකාවට එරෙහිව ජෙනීවාහි මාර්තුවේ දී ගෙන ඒමට නියමිත යෝජනාව සැප්තැම්බර් වන තුරු කල් දමා ගැනීම ය. ඒ අන් කිසිවකට නොව අප්‍රියෙල් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට තමන් ලංකාවට එරෙහිව ගෙන ඒමට තිබූ යෝජනාව නිවැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් අස්කරගත් බව ජනතාවට කීමට ය. අප මෙතෙක් කල් ජෙනීවාහි දී පැරදුණේ නම් ඒ දෙමළ ජාතිවාදයට කප්පම් නොගෙවීම නිසා මිස වැරදි විදේශ ප්‍රතිපත්තියක් නිසා නො වේ. අප ජයග්‍රහණය කර ඇත්තේ අඩු තරමින් දහතුනවත් දෙමළ ජාතිවාදයට දීමේ පොරෙන්දුව රැගත් වැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි.

එහෙත් මීළඟ මහා මැතිවරණයෙන් එ ජා ප ජයග්‍රහණය කළහොත් දෙමළ ජාතිවාදයට තව තවත් කප්පම් දීම වැළැක්විය නො හැකි ය. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මානව හිමිකම් නොව රට බෙදීම ය. ඔවුන්ගේ රටවල නැති මානව හිමිකම් ඔවුන් අපට ලබා දෙන්නේ කෙසේ ද? එ ජා ප මහා මැතිවරණයෙන් බලයට පත්වුවහොත් රට බෙදීම වැළැක්විය හැකි නො වේ. අප කෙසේ නමුත් ඒ උවදුර නැතිකළ යුතු ය. එය කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පමණකි.

පලිහක්කාර මහතා උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සාමාජිකයෙක් විය. මම එහි සාක්‍ෂි දීමට ගියෙමි. සාක්‍ෂියක් දී ගත නොහැකි ඇතැම් ජාතිවාදීහු බොරු වීරකම් පාමින් ඉන් ඉවත්වූහ. එහෙත් සාක්‍ෂි දීම නිසා මම අඩුම තරමෙන් පලිහක්කාර මහතා ගැන යමක් දැනගතිමි. අද බොහෝ ජාතිකවාදීන් වුව ද දෙමළ ජාතිවාදයේ ආරම්භය 1948න් එහාට ගෙනයෑමට සූදානම් නැත. එහෙත් ඉංගිරිසින් යටතේ දෙමළ ජාතිවාදයේ ආරම්භය අඩු තරමෙන් 1833 දක්වා දිව යයි. දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය ගැන මම මගේ සාක්‍ෂියේ දී කරුණු ඉදිරිපත් කළෙමි. ඒ කිසිවකට කොමිසමේ කිසිවකුට කිව හැකි දෙයක් නො වී ය. අවසානයේ දී පලිහක්කාර මහතා කියා සිටියේ මා කියන සියල්ල සත්‍ය වුව ද දෙමළ දේශපාලනඥයන්ට යමක් දිය යුතු බව ය! පලිහක්කාර මහතාට අවශ්‍ය වූයේ ප්‍රශ්නය විසඳීම නොව දෙමළ දේශපාලනඥයන් සතුටු කිරීම ය. ඔහු උතුරු පළාතේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම ගැන දෙමළ දේශපාලනඥයන් සතුටු වීම පුදුමයට කරුණක් නො වේ.

දෙමළ ජාතිවාදයේ ඉතිහාසය, විකාශය හා බටහිරයන් එය සිංහලයන්ට විරුද්ධව යොදාගන්නා ආකාරය නොදැන දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක මම මේ සඳහා ලිපි රාශියක් ලිව්වෙමි. ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යනුවෙන් පොතක් පළ කළෙමි. එහෙත් අවාසනාවකට ජාතිකවාදීන් ද මා ලියූ සියල්ල ඉවත දමා ඇත. අදාළ ලිපි බොහෝමයක් කාලය වෙබ් අඩවියේ කියවිය හැකි ය. එහෙත් අවාසනාවකට ඒ වෙබ් අඩවිය නිසි ලෙස සැලසුම් කර නැත. එයටත් වඩා අවාසනාව වෙබ් අඩවිය සකස්කිරීමට කිසිවකු මට ආධාර නො කිරීම ය.

අද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බිස්වාල් මහත්මිය ලංකාවට පැමිණ ඇත. ඒ නිදහස සැමරීමට නොව තිබෙන සීමිත නිදහසත් මැරීමට ය. පසුගිය දා සොල්හයිම් තමන්ට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට තිබූ වුවමනාව ඔහුගේ ට්විටරයේ සඳහන් කර තිබුණේ ය.

එක් පැත්තකින් දෙමළ ජාතිවාදය ය. අනෙක් පැත්තෙන් අපේ සීමිත නිදහස නැති කර අපේ සිංහයා පිට උඩ යෑමට උත්සාහ කරන බටහිරයන් ය. තවත් පැත්තකින් බටහිර ගැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ය. හතරවැනුව බටහිරයන්ගේ කටුකන සරසවි හා ඊනියා රාජ්‍ය නොවන උගතුන් ය. අපි කෙසේ අත් පා දිග හරිමු ද? අපට සැමරිය හැකි නිදහසක් නැත. අප මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ල නි ප පෙරදැරි කරගෙන නිදහස දිනාගැනීමට පෙළ ගැසිය යුතු ය.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 03

www.kalaya.org
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නලින්ද සිල්වාට පිස්සු කියලා දන්නේ නැද්ද අංගොඩ ඉන්න ඔනේ එකෙක් කැම්පස් ගිහිල්ලා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    ඔවුන්ගේ රටවල නැති මානව හිමිකම් ඔවුන් අපට ලබා දෙන්නේ කෙසේ ද?
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහින්ද කියන හොර වෙනුවෙන් පෙනී සිටින නලින්ද සිල්වා ගේ කියුම් කෙරුම් හඩ්සන් සමරසිංහ ගේ කියුම් තරම් වත් ගණන් ගතයුතු නොහේ. නිදහස් දිනේ වගේ දවසක මේ අපේ කොඩියට අපහාස කරපු කාලකන්නි බල්ලට හෙන ගහන්න ඕනි නැත්තේ ඇයි. මුන්ව මේ රටේ ඉද්පදුන එකත් පාපයක්. මහින්දව බලයට ගෙන්න අපේ දාතික දජය බලු කරපු එක තොපි අනුමත කරන්නෙහිද ? කෝ මේකේ ඉන්නේ පකේ ඊනියා දේශප්‍රේමියෝ... අපට රනිල් ව විවේචනය කිරීම ඇමෙරිකාව විවේචනය කිරීම ප්‍රශ්නයක් නැත. එත් මේ ජාතික දජය දේශපාලනය සදහා යොදහනිම කෙතරම් ජඩ ද යන කරණය සියලුදෙනා ත්රුම් ගනිත්වා.

    :angry::angry::angry::angry::angry:

    මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතිව කියල තියෙන එක බලපිය. මේක ඇමරිකාව්වෙ පත්තරේක දාල තිබුන පින්තූරයක් මේකෙන් පෙන්නන්නෙ සිංහයගෙ පිට උඩ නැගපු ඇමරිකන් කාරයෙක් ගෝඨාභයව පන්නපු බව. ඒ ඇමරිකන් පත්තරේ කියන්නෙ එහෙම කරලත් මදි ගෝඨාභයව යුධ අධිකරණයකටත් ගෙනියන්න ඕනෙ කියල.


    ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ නිව් යෝක් ටයිම්ස් පත්තරේ ලිපියට ලින්ක් එක.
    http://www.nytimes.com/2015/01/20/op...democracy.htm





    මේ පින්තූරෙ නලින් ද සිල්වා හදපු එකක් නෙවෙයි. ඇමරිකන් කාරයො එන්නෙ මොකාටද කියල පෙන්නයි මේ පින්තූරෙ එතුමාගෙ ලිපියට දාල තියෙන්නෙ.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නිදහස් දිනේ වගේ දවසක මේ අපේ කොඩියට අපහාස කරපු කාලකන්නි බල්ලට හෙන ගහන්න ඕනි නැත්තේ ඇයි. මුන්ව මේ රටේ ඉද්පදුන එකත් පාපයක්. මහින්දව බලයට ගෙන්න අපේ දාතික දජය බලු කරපු එක තොපි අනුමත කරන්නෙහිද ? කෝ මේකේ ඉන්නේ පකේ ඊනියා දේශප්‍රේමියෝ...
    :angry::angry::angry::angry::angry:

    Umbata mental upset da ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    කොඩියට කරල තියෙන වැඩේට නන් විරුද්ධයි ඒක මේ පොස්ට් එකෙන් අයින් කරා නන් තමා හොද ඇමරිකන් කාරයටත් ඕනි ඕක හැම තැනම යවන්න.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලිපිය නොකියවා comment කලාට සමාවෙන්න...
    කියවලා comment එකක් දාන්නම්... :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වරදිමල් මචං පස්සේ මම usa පත්තරේ බැලුවේ. කාලයේත් ඕක දල තිබ්බ නිසා මම එක දැම්ම. කණගාටුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    ලිපිය නොකියවා comment කලාට සමාවෙන්න...
    කියවලා comment එකක් දාන්නම්... :D

    වරදිමල් මචං පස්සේ මම usa පත්තරේ බැලුවේ. කාලයේත් ඕක දල තිබ්බ නිසා මම එක දැම්ම. කණගාටුව
    ඊයෙ කඩ්ඩ එක දැම්මට කවුරුවත් බලල තිබ්බෙ නෑනෙ :(. එල එල කියවල බලල කමෙන්ට් එකක් දාපන්:):)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    20goodman-articleLarge.jpg


    මේකේ මොකද්ද බන් වැරද්ද ඇමරිකන් කාරයෝ උන්ගේ කොඩියට සලකන්නේත් එහෙම තමයි උන්ගේ කොඩිය බිකිනියටත් දානවා උන්ට එච්චර මහ දෙයක් නෙවෙයි .අපේ එවුන් ඔය කොඩියට වහන් වෙලා හැම බලු වැඩක්ම කරනවා ඒව හොදයි .උබල තමයි සිංහ කොඩිය දැක්ක ගමන් කිපෙන්නේ අර මුස්ලිම් කාරයන්ට වැඩිය අන්තවාදි වෙන්න එපා .මේ කොඩියට කිසිම අගෞරවයක් වෙලා නෑ.එක උන් ලංකාව ගැන දකින විදිය පින්තුරයකින් ඉදිරිපත් කිරිමක් විතරයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුලින් සිංහල ලිපිය විතරක් කියවල පිර්ලයි කලට කණගාටුව. ඔය පොටෝ එක නලින්ද සිල්වාගේ සයිට් එකත් තියනවා. මිනිහ එත් ඕක ගැන කිසිම විවේචනයක් කරලා නැහැ. මිනිහ ඩිගින් දිගටම ලියලා තියෙන්නෙ මහින්ද ගන විතරයි. කොහොමත් මහින්ඩව එලවන්න ඔනි උනෙ අමරිකාවට විතරක් කියන එක වැරදි. එක මුලු රටෙම බහුතර ජනයාට ඔනි උන කාරනාවක්.

    ඔකට හොඩ කතවක් තියනවා හොයලා දාන්නම්


    මෙන්න අහල බලන්න -ශ්‍රී ජ පුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය

    අහන් ඉන්න පුළුවන් උදාහරණ සහිතව අපේ රටේ සිදු වන අයුක්තිසහගත සමාජය ගැන කතා කරයි —
    අහලා බලන්න
    බලලා තීරණය කරන්න


    https://www.facebook.com/video.php?v=1750174738541093&set=vb.16912499777669 03&type=3&theater
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    මුලින් සිංහල ලිපිය විතරක් කියවල පිර්ලයි කලට කණගාටුව. ඔය පොටෝ එක නලින්ද සිල්වාගේ සයිට් එකත් තියනවා. මිනිහ එත් ඕක ගැන කිසිම විවේචනයක් කරලා නැහැ. මිනිහ ඩිගින් දිගටම ලියලා තියෙන්නෙ මහින්ද ගන විතරයි. කොහොමත් මහින්ඩව එලවන්න ඔනි උනෙ අමරිකාවට විතරක් කියන එක වැරදි. එක මුලු රටෙම බහුතර ජනයාට ඔනි උන කාරනාවක්.

    ඔකට හොඩ කතවක් තියනවා හොයලා දාන්නම්


    මෙන්න අහල බලන්න -ශ්‍රී ජ පුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය

    අහන් ඉන්න පුළුවන් උදාහරණ සහිතව අපේ රටේ සිදු වන අයුක්තිසහගත සමාජය ගැන කතා කරයි —
    අහලා බලන්න
    බලලා තීරණය කරන්න


    https://www.facebook.com/video.php?v=1750174738541093&set=vb.16912499777669 03&type=3&theater
    උබලගෙම සයිට් එකක ඕක තිබ්බෙ නන් මෙහෙමයි.
    http://www.wsws.org/sinhala/2015/2015jan/slta-15j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/slpe-14j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/pevp-07j.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හෙළයෙක්;17844376 said:

    උබලා කොහොමත් දන්න්වා ජ් වි පෙ කව්ඩාවත් අමරිකන් ගති නොවන බව. හමදාම අම්රිකවට විරුද්දව ජ වි පෙ හිටියා. ඔය ලියුම් වල අඩාල කරුනු වලට අපි උත්තර ඩිලා තියන්වා ඉනි තරම්. උබ දන්නවා එක. අනික අපි මයිත්‍රි ෆැන් ලා කියලා හිතන්න එපා. මහින්ඩ හරි
    අව්ස්තාවල මහින්ඩට උපරිම සහය ඩිලා තියනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,079
    113
    උබලා කොහොමත් දන්න්වා ජ් වි පෙ කව්ඩාවත් අමරිකන් ගති නොවන බව. හමදාම අම්රිකවට විරුද්දව ජ වි පෙ හිටියා. ඔය ලියුම් වල අඩාල කරුනු වලට අපි උත්තර ඩිලා තියන්වා ඉනි තරම්. උබ දන්නවා එක. අනික අපි මයිත්‍රි ෆැන් ලා කියලා හිතන්න එපා. මහින්ඩ හරි
    අව්ස්තාවල මහින්ඩට උපරිම සහය ඩිලා තියනව
    ඒක මම දන්නව ඒත් මෙතනදි උබල හරි වැරද්ද බලපු නිර්නායක මොනවද?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ මන්ද මොනවයින් මොනවා වෙන්න යනවද කියල හිතාගන්න බෑ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලිපිය නොකියවා comment කලාට සමාවෙන්න...
    කියවලා comment එකක් දාන්නම්... :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1815 පෙර සිට සුදාගේ %ක ලොවන පරම්පරාවෙන් පැවතෙන පරගැති unp ගොබ්බයන්ට සුද්දා පැමින &* ඇරියත් කම් නැත, වල්බුරු unp *න්නයන්ට සුද්දා වනාහි දෙවියන් වැනි වැදුම් පිදුම් කල යුතු පිරිසකි. එවන් උන්මතකන් සහ දෙමලුන් තම්බියන් විසින් පත්කරගත් පරගැති ආණ්ඩුව පරාජය කිරිමට, බත් කන සි0හලයන් එක්වීමට කාලයයි.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මුලු ජාතික ව්‍යාපාරයම එක මනුස්සයෙක් (මහින්ද) වටේ ගොනු කරන එක නම් කිසිම තේරුමක් නැති දෙයක්...

    දැන් හදිස්සියේ මහින්ද මැරුණොත් අපිට කියන්නේ මූදෙ පනින්න කියලද?

    එහෙම නෙවෙයි මේ වෙලාවෙ කරන්න ඕන කොහොම හරි මෛත්‍රීපාල මහතා ජාතික ව්‍යාපාරයට එකතු කර ගැනීමයි. නලින් මහතා ඉන්නේ ඒක කරන්න බෑ කියන පූර්ව නිගමනයේ.

    දැන් රට යන විදිහට මොන අවස්ථාවක හරි හරිගස්සන්න බැරි වරදක් රනිල්ගේ ආණ්ඩුවෙන් වෙනවා (at some point, they're bound to make a mistake they'll never be able to undo. Ex- Millenium City). අන්න ඒ වෙලාවේ ක්‍රියාත්මක වීම සඳහා ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව තබාගත යුතුයි. (මාධ්‍ය මර්දනය නම් බරපතල ප්‍රශ්ණයක්.)