Network Field එක ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ම&#3546

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Network Field එක ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ම&#3546

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ කට්ටිය මේ ගැන ගොඩාක් හැම වෙලේම මගෙන අහන නිසා මේ ගැන ටිකක් කියන්න හිතුනා. අද ඉඳන් අහන අයට මේ පොස්ට් එකේ ලින්කුව තමයි දෙන්නේ එක නිසා තරහා වෙන්න එපා. මෙතන තියෙන ටික කියෝපුවාම ඇති වෙයි කියලා හිතෙනවා. ඒ වගේම මේක ලියන්න හේතු ගොඩාක් තියෙනවා එව්වත් මගදී ටික ටික කියන්නම්.

    මෙන්න මෙහෙමයි මගේ කතාව. මම දැනට අවුරුදු 1 හමාරක් විතර ඉඳන් Networking ගැන ප්‍රධානවම සහ Linux Server Administration, Windows Server Administration ගැන ඇතුළුව ජොලියට වගේ BIT එකයි Web Design ගැනයි ඉගෙන ගන්නවා. Web Design & Developing ගැන නම් කොහෙවත් පන්ති යන්නේ එව්වා මෙව්වා නැ තනියම ගෙදර ඉඳන් විනොදන්ශේ විදියට තමයි කොරන්නේ.

    එතකොට Network කතාව පටන් ගන්නේ මෙහෙමයි. මිට අවුරුද්දකට විතර කලින් මම Cisco Networking Academy එකක CCNA කියන course එක කරන්න පටන් ගත්තා. cisco කියන්නේ ඇත්තටම Product එකක්. තවත් විදියකින් කියනවනම් brand name එකක්. ( www.cisco.com ) හුගක් අය මේක පටලෝගෙන. ඉතින් CCNA කියන්නේ Network Field එකේ මොන්ටිසෝරි කොර්ස් එකක්. මේ CCNA වලදී cisco ලගේ device එක්ක වැඩ කරන command 1500 ක් විතර කියා දෙනවා පටන් ගැන්මක් විදියට. ( හරියට කරන ඇකඩමි එකකදී ). ඉතින් මේ හැමදෙයක්ම එක්ක තමන්ට හොඳට කැපවෙලා වැඩ කරන්න පුලුවන්නම් Industrial Exam එකට 1000 න 850 න් එහා පැත්තේ ලකුණු ගන්න එක සිම්පල් කෙස් එකක්.

    අපි මොනවා කරත් CCNA පාස් වෙන්න නම් අපි CCNA Industrial exam එක ලියන්න ඕනි. හුගක් අය ඕක කරන්නේ නැ එක නිසා නිකන්ම CCNA කරා විතරක් වෙනවා. මේ industrial exam එක පාස් වෙන්න නම් මම කලින් සදහන් කරා වගේ ලකුණු 850 න එහා පැත්තේ ගන්න ඕනි. සම්පුර්ණ ලකුණු 1000 න්. exam paper එකේ ඔක්කොම ප්‍රශ්න 50 ක් තියෙනවා වෙලාව විනාඩි 90 ක් තියෙනවා. ඒ කියන්නේ පැයකුත් විනාඩි 30 කුත් තියෙනවා. පරශ්න 50 හා ඇතුලේ practical lab තුනක් හතරක් වගේ ගානක් තියෙනවා. ඉතින් මේ lab එකකට අපි විනාඩි 10 ගානේ ගත්තොත් විනාඩි 30 ක් වගේ ඉවරයි. කරුමෙට වත් lab 4 රැක ආවොත් තවත් විනාඩි 10 ක් ඉවරයි. ඉතින් සාමාන්‍ය degree program එකකදී වගේ ලකුණු 40 ක් අරගෙන පාස් වෙන්න අමාරුයි මේක. එක නිසා හුගක් අය හිතනවා වගේ හෙන ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි cisco exam කියන්නේ. හැබැයි කැපවීමෙන් වැඩ කරන කෙනෙකුට හෙන සිම්පල් කෙස් එකක්. මේක මෙහෙම වෙන්න හේතුව තමයි networking කියන්නේ critical field එකක්. විනාඩි 5 ක down time එකකින් ඇති වෙන පාඩුව සමහර විට කෝටි ගානක් වෙන්න පුළුවන්. ඉතින් අඩුම 850 ක් වත් ලකුණු ගන්න බැරි කෙනෙක් මේ field එකට සුදුසු නැ කියන එකේ තේරුමක් තියෙනවා. ඉතින් මේ Industrial exam එක එක පාරක් කරන්න ඩොලර් 250 ක් විතර ඕනි. එක පාරක් ෆේල් උනොත් ආයිත් දවස් 180 කට cisco කිසිම exam එකක් ලියන්නත් බැ.

    ඉතින් මේ මාසේ 30 වෙනිදගෙන් Cisco 640-802 course එක කරන එක නවත්තනවා. ඒ කොර්ස් එක අලුත් විදියකට සිලබස් එක update කරලා ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳන් 5.0 update එකට වැඩ පටන් ගන්නවා. exam කරන්න කට්ටිය ඉන්නවනම් පරණ සිලබස් මේ 30 වෙනිදට කලින් කරන්න ඔන්න. දැන් නම් හුගක් exam centers වල පරණ සිලබස් වලට ආසන වෙන් කරන්න බැ දුක තමයි. ඒ යටත් අලුත් එක කරන්න වෙනවා.

    ඊළඟට කියන්න ඕනි තමන් මේ කොර්ස් එක කරනවානම් reputed තැනක් තොර ගන්න. සමහරක් තැන් වලින් exam කියලා දීලා පාස් කරලා කට්ටිය එවනවා. ලංකාවේ ප්‍රසිද්දම නම ගිය තැන් වලින්. හැබැයි මේ එන අය field එකට වැටුනාම ඉවරයි. අඩුම තරමේ subnet එකක්වත් දන්නේ නැති අය ඉන්නවා. සමහරක් අය IP assign කරන්නේ අන්තිම PC එකට දාපු එකේ අගට 1 ක් එකතු කරලා. තවත් සමහරු public IP & private IP කියන්නේ මොනවද දන්නේ නැ. එක නිසා කරන එක හරියට කරන්න මුලින්ම තැනක් හොයා ගන්න. මගෙන් නම් තැන් ගැන අහන්න එපා ඇ.

    මේ ඇති වගේ අදට. ඉතින් මමත් මේ ගැන ගොඩාක් විස්තර දන්නේ නැ. දන්නා ටික තමයි ගලපලා කිව්වේ අලුතින් කරන්න හදන කෙනෙකුට. හැමෝටම සුබ පතනවා එහනම්. ගොඩාක් අයගේ ප්‍රශ්න වලට උත්තර මෙතන ඇති කියලා හිතෙනවා. තව ඕනි දේවල් තියේ නම් මේ ගැන අහන්න. දන්නා විදියට වෙලාවක් ලැබුනාම මෙතනම උදවු කරන්නම්.


    ඉස්සුවේ ගීක් එකෙන්.. වැදගත් වෙයි කියල හිතුව නිසා share කරා..
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    mamath ccna course ekak kala. sunimal gunawardana kiyala sir kenek(srilankan air eke wedakaranne).bambalapitiye unity eka issaraha aurudu 4 kata kalin.exam eka liwwe nehe.
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mamath ccna course ekak kala. sunimal gunawardana kiyala sir kenek(srilankan air eke wedakaranne).bambalapitiye unity eka issaraha aurudu 4 kata kalin.exam eka liwwe nehe.

    xam eka liyanne nathuwa job ekakata set wenna puluwanda
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    VTA Cisco Networking Academy - Narahenpita 1 year Academic
    VTA Lalith Athulathmudali - Rathmalana 6 Months Academic
    KDU Rathmalana - 1 Year Academic
    SLIIT - 1 Year Academic


    CCNA karanawanam hodama than tika thama me

    podi podi kadawalin karana eka terumak na CISCO gana idea ekak nathnam, experience tiyenam Turnkey Winsys wage than hodayi

    Great Lake hodayi with experience but un salli passe pannananwa wadiyi onawatath wada
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    VTA Cisco Networking Academy - Narahenpita 1 year Academic
    VTA Lalith Athulathmudali - Rathmalana 6 Months Academic
    KDU Rathmalana - 1 Year Academic
    SLIIT - 1 Year Academic


    CCNA karanawanam hodama than tika thama me

    podi podi kadawalin karana eka terumak na CISCO gana idea ekak nathnam, experience tiyenam Turnkey Winsys wage than hodayi

    Great Lake hodayi with experience but un salli passe pannananwa wadiyi onawatath wada

    Great Lake reputation එක නම් හොද නෑ එච්චරම..

    අනිත් කතාව නම් සිරා.. අලුතින් එන කෙනෙk Academy එකකම කරන්න..