මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාව

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාව

    කැනන් සමාගම මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදෙයි.

    20150205_hiRes_eos5dsr_3qlens-660x495.jpg



    ජපානයේ යොකොහාමා නුවර පැවැත්වෙන CP+ ඡායාරූප ප්‍රදර්ශණයේ දී කැනන් සමාගම මෙගාපික්සල් 50ක විබේධනයක් ඇති සෙන්සරයක් සහිත මිලිමීටර් 35 ෆුල්ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදුනි. Canon EOS 5Ds ලෙස නම්කොට ඇති මෙම මාදිලිය දැනට ඇති ඉහලම මෙගාපික්සල් විබේධනයෙකින් යුතු වෘත්තීය මට්ටමේ DSLR කැමරාව බව විචාරකයින් පවසයි.

    CMOS තාක්ශණයේ සෙන්සරයක් වන මෙය විශාලත්වයෙන් ෆුල්ෆ්‍රේම් හෙවත් මිලිමීටර් 35 සෙන්සරයකි. ෆුල්ෆ්‍රේම් ලෙසින් හැඳින්වෙන්නේ පැරණි සේයාපට කැමරාවල මිලිමීටර් 35 සේයාපටයක එක් ෆ්‍රේම් එකක විශාලත්වයෙන් යූතු සෙන්සරයකි. මෙහි විශාලත්වය 35mm x 24mm වේ. සාමාන්‍යයෙන් වෙලඳපොලේ මිලදීගැනීමට ඇති කැමරාවලින් විශාලම සෙන්සර් අඩංගුවන්නේ 35mm ෆුල්ෆ්‍රේම් කැමරාවලය. ඊට අමතරව මෙම කැමරාවට කැනන් සමාගමේ නවතම DIGIC 6 ප්‍රොසෙසර් දෙකකින් සමන්විත ප්‍රොසෙසර් පද්ධතියක් ලබාදී ඇත්තේ විශාල අධිවිබේධන ඡායාරූප ඉක්මණින් processes කරවා ගැනීමටය.



    5ds_feature_01a.jpg


    Canon EOS 5Ds කැමරාවේ තාක්ශණික තොරතුරු මෙසේය.



    • 50MP CMOS sensor
    • 5fps continuous shooting
    • ISO 100-6400 (Extends to 12,800)
    • 61-point AF module with input from 150k pixel metering sensor
    • Dual Digic 6 processors
    • 3.0" 1.04m dot LCD
    • CF & SD slots (UHS-I compatible)
    • 1080/30p video
    • M-Raw and S-Raw down-sampled formats
    • 30MP APS-H crop and 19.6MP APS-C crop modes
    • USB 3.0 interface

    මීට අමතරව, කැමරාව මගින් ලබාදෙන අතිවිශාල විබේධනය ආධාරයෙන් ඉහලම තත්වයේ ඡායාරූප ලබාදීම සඳහා සුවිශේෂී තාක්ශණික උපක්‍රම රැසක් මෙම කැමරාව තුල අඩංගුකොට ඇත.



    උපුට‍ා ගැණිමකි
    Code:
    http://vidya-gaweshana.blogspot.com/2015/02/50.html


    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes: