ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කෙසේද?
DSLR Camera පිලිබද මෙයින් විස්තර කරන්නට හිතුවා....
ඔබගේ නිවසේත් ඩිජිටල් කැමරාවක් තිබෙනවාට සැක නැත. නැතහොත් හොඳ ඩිජිටල් කැමරාවක් ගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා මාදිලි ගැන සොයා බලමින් තොරතුරු ගවේශණයේ යෙදෙනවා වන්නට පුලුවන. අද බොහෝ ජංගම දුරකථනවල පවා ඉතා ඉහල මට්ටමේ ඡායාරූප ගත හැකි කැමරා තිබේ. විවිධ ප්‍රමාණවලින්, විවිධ මිළගණන් වලට විකිණීමට ඇති කැමරා වර්ග දහස් ගණනක් වෙළඳපොලේ ඇති අතර මේවායින් තමන්ට වඩාත් සුදුසුම කැමරාව තෝරාගැනීම පාරිභෝගිකයින්හට අපහසු කරුණක් වී ඇත්තේ තෝරා ගැනීමට ඇති කැමරා නිශ්පාදක සන්නාම (brand-names) හා මාදිලි (models) අති විශාල වීම නිසාමය.
Flood of Digital Cameras in the market (වෙළඳපොල විවිධ කැමරා මාදිලිවලින් ඉතිරී ගොස් ඇත )
උදාහරණයක් ලෙස නිකොන්, කැනන්, සෝනි වැනි කැමරා නිශ්පාදකයින් එකම මෙගාපික්සල් ප්‍රමාණයේ විබේධනයකින් (resolution) ඡායාරූප ගත හැකි කැමරා මාදිලි ගණනාවක් විවිධ මිළගණන් වලට වෙලඳ පොලට හඳුන්වා දී ඇත.
කැමරාවක් මිළදීගැනීමේ බලාපොරොත්තුවෙන් වෙළඳපොලට යන පාරිභෝගිකයෙකුගේ සිතට වදදෙන ගැටලු ගණනාවක් ඇත. ඒවායින් පොදු ගැටලු කිහිපයක් පහත දක්වා ඇත.
මේ කැමරා එකිනෙක වෙනස් වන්නේ මොන ආකාරයකින්ද?
කැමරාවක් මිළදී ගැනීමේදී එහි ඡායාරූප විබේධනය (එනම් මෙගාපික්සල්
ප්‍රමාණය) කොතරම් වැදගත්ද?
එක නිශ්පාදකයෙක් එකම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා මාදිලි විශාල සංඛයාවක් හදුන්වාදී ඇත්තේ ඇයි?
මෙගාපික්සල් ප්‍රමාණය සමාන නම් එම කැමරාවල මිලගණන් මෙතරම් වෙනස් වන්නේ ඇයි?
උදාහරණයක් ලෙස සෝනි සමාගම 2012 වසර තුලදී මෙගාපික්සල් 16 කැමරා මාදිලි 7ක් විවිධ මිළගණන්වලට හඳුන්වාදී ඇත. මින් Sony Cybershot HX100V නම් මෙගාපික්සල් 16 මාදිලිය රුපියල් 60,000කටත් අධික මිලක් වන අතර Sony Cybershot W630 ලෙස නම්කොට ඇති මෙගාපික්සල් 16 මාදිලිය රුපියල් 25,000කට අඩුවෙන් මිලදී ගත හැකිය. එකම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා දෙකක මිළගණන් මෙතරම් වෙනස් වන්නේ කෙසේද?
මේ ලිපියේ අරමුණ මෙවැනි ගැටලුකාරී තත්වයන් පහදා දී ඔබට ගැලපෙන කැමරාවක් තෝරාගැනීම සඳහා මගපෙන්වීමයි.
Types of Digital Cameras
මුලින්ම අපි ඩිජිටල් කැමරා වර්ග නැතිනම් කුලක හඳුනා ගනිමු. ඩිජිටල්
කැමරා වර්ගීකරණයේදී විවිධ මානයන් භාවිතාකරන අතර විවිධ නිශ්පාදකයින් විවිධාකාරයෙන් සිය කැමරා වර්ගීකරණය කරයි. පොදු සම්මතයක් නොමැති බැවින් අපි කැමරාකරණය හා ඡායාරූපකරණය වෙනුවෙන්ම බිහිවී ඇති ඡායාරූපකරණ සඟරා (photography magazines - E.g. Popular Photography, Digital Photography, Asian Photography වැනි සඟරා) භාවිතාකරන සරල මානයන්ගෙන් කැමරා කුළක හඳුනාගැනීමට උත්සහ කරමු.
1. Digital Single Reflex Lens Camera - DSLR Camera
2. Bridge Camera / Compact Superzoom Camera
3. Point and Shoot Camera
Digital Single Lens Reflex Camera - DSLR Camera
වෘත්තීයමය ඡායාරූප ශිල්පීන් හා ඉතාමත් කැපවීමෙන්, විනෝදාංශයක් ලෙස කැමරාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන් DSLR කැමරා භාවිතාකරයි. මේවා මිලෙන් ඉතා අධික වන අතර අතිශය තියුණු ඡායාරූප ලබාදීමේ හැකියාව හා සාමාන්‍ය කැමරාවලට හසුකරගත නොහැකි ඡායාරුප ලබාදීමේ හැකියාව මෙම කැමරාවලට ඇත.
ඔබ විදේශීය සඟරා කියවන්නෙකු නම් (Time, Newsweek, National Geographic etc.), එම සඟරාවල ඇති අතිශය තියුණු, දැකුම්කළු ඡායාරූප හසුකරගෙන තිබෙන්නේ DSLR කැමරාවලින් බව සලකන්න. විශේෂයෙන්ම National Geographic සඟරාව ලොව ඉහලම ගණයේ වෘත්තියමය ඡායාරූප ශිල්පීන්ගේ සේවය ලබාගන්නා සඟරාවකි. National Geographic සඟරාවේ තමන් ගන්නා ලද ඡායාරූපයක් පලවීම ඡායාරූප වෘත්තියේ ඉහල ජයග්‍රහණයක් ලෙස බටහිර රටවල ඡායාරූප ශිල්පීන් සලකයි.
Nikon D7000 DSLR කැමරාව - මෙවැනි කැමරාවක්, කාචසැකැස්ම (Lens kit) සමග රුපියල් 150,000කට වඩා මිලෙන් වැඩිය. National Geographic වැනි සඟරාවලට ඡායාරූප ගන්නා වෘත්තිකයින් මෙවැනි කැමරා භාවිතා කරයි.
මෙවැනි ඡායාරූප magazine quality ඡායාරූප ලෙස බටහිර කැමරා විශේෂඥයින් හඳුන්වයි (ඉතා අනර්ඝ තත්වයේ සේයාරූ). කැමරා වෙලඳුන් මොන ආකාරයේ පොරොන්දු ලබාදුන්නත් එවැනි තියුණු magazine quality ඡායාරූප කිසි ලෙසකින් හෝ සාමාන්‍ය ඩිජිටල් කැමරාවකට හසුකරගත නොහැකිය. යම් කැමරා වෙළඳ ආයතනයක් ඔබට අඩුමිල කැමරාවක් (රුපියල් 40,000කට අඩු), DSLR වර්ගයේ කැමරාවකින් ගත හැකි ආකාරයේ තියුණු ඡායාරූප ලබාගත පවසමින් අලෙවිකරන්නට තැත්කරන්නේ නම්, ඔහු වංචනිකයෙකු හෝ කැමරා පිලිබඳ මූලික දැනුමක් හෝ නොමැත්තෙකු බව වටහාගන්න.
DSLR කැමරාවල මූලික ගුණාංග
අතිශය තියුණු, විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කලහැකි (large-format print) ඡායාරූප ලබාදේ
ඡායාරූප ශිල්පියාට ඉතා විශාල පහසුකම් (features & options) ප්‍රමාණයක් ලබාදෙයි
DSLR කැමරාවක් මගින් ඡායාරූප ශිල්පියාට ලබාදෙන විවිධ පහසුකම් හා ගුණාංග
කැමරාවේ කාච සැකසුම් (lens kit) ගලවා වෙනත් කාච සැකසුම් සවිකල හැකිය.
Zoom, telescopic, macro, fish-eye, wide angle වැනි විශේෂ කාච සැකසුම් මෙම කැමරාවලට සවිකල හැකිය.
නිකොන් D7000 වැනි DSLR කැමරාවකට සවිකල හැකි කාච සැකසුම් එකතුව - නිකොන් සමාගමේ අනුග්‍රහයෙනි.
කැමරාවේ shutter speed, aperture, exposure, white balance, ISO speed වැනි සැකසුම් ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ආකාරයට සීරුමාරු කිරීමට පහසුකම් ඇත.
ඉතා මද ආලෝක තත්ව යටතේ (low-light photography) තියුණු, සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකිය.
ඩිජිටල් කැමරාවක ආලෝකයට සංවේදී කොටස එනම් ඡායාරුපය සටහන් කරගන්නා කොටස image sensor නම් වන අතර, DSLR කැමරාවල image sensor පරිපථය ඉතා සංවේදී මෙන්ම විශාලත්වයෙන්ද වැඩිවේ. සාමාන්‍ය කැමරාවක image sensor පරිපථයට වඩා 10ගුණයක් විශාල image sensor පරිපථ DSLR කැමරාවල අඩංගුය.
ඩිජිටල් කැමරාවක ඡායාරූප සැකසීම සිදුකරන්නේ image processor නම් microprocessor වර්ගයකිනි. DSLR කැමරාවල ඉතා බලසම්පන්න image processor අඩංගුකොට ඇති නිසා විශාල image sensor එකක් මගින් ලබාදෙන high resolution ඡායාරූප ඉක්මණින් සකස්කොට ගබඩාකරගත හැකිය.
RAW නැමති ඡායාරූප ආකෘතියට (image format) ඡායාරූප ගබඩාකරගනීමේ හැකියාව DSLR කැමරාවලට ඇත. RAWආකෘතියෙන් ඡායාරූප ගබඩාකරගත් විට සාමාන්‍ය කැමරා ඡායාරූප ගබඩාකරගන්නා JPG ආකෘතියට වඩා විශාල විබේධනයකින් යුතු ඡායාරූප ලබාදෙයි. එමෙන්ම RAW ආකෘතිය, ඡායාරූපය පසු සැකසුම් ක්‍රියාවලියට (post-processing) භාජනය කිරීමේදී ඡායාරූපයේ ගුණාංග වෙනස් කිරිම පහසුකරයි. Photoshop වැනි මෘදූකාංගවල RAW ආකෘතියේ ඡායාරූප සැකසීම සඳහා විශේෂ පහසුකම් ඇත.
ඡායාරූප ගැනීමේදී කැමරාව යම් ආකාරයකින් සෙලවීමකට ලක්වුනහොත් ඡායාරූපය බොඳවී පැහැදිලි බවෙන් අඩුවී යනබව ඔබ දන්නා කරුණක්. DSLR කැමරාව සෙලවීම් වලින් ඡායාරූපය බොඳවීයාම වැලැක්වීම සඳහා image stabilization නැතහොත් vibration reduction නම් විශේෂ තාක්ශණයන් අඩංගුකොට නිපදවා තිබෙනවා.
උපුටා ගැනීම
සියලු අයිතීන් මුල් කතෘ සතුය