ආදරණීය මාධ්‍යවේදී අයියා වෙත

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරණීය මාධ්‍යවේදී අයියා වෙත

ආදරණීය මාධ්‍යවේදී අයියා වෙත

දූ බලන්න වරම් නැතුව
මැරෙනා ඔය අකුරුවලින්
කවියක් ලියමුද දූටත්
පිය සෙනෙහස ඉතිර යන්න

සුදු දෝණිගෙ ඇස් පියවෙන රෑ ජාමේ ගෙට ගොඩ වී
සුදු දෝණිගෙ ඇස් ඇරෙනා උදෑසනින් යළි පිට වී
අකුරු වැලින් නුඹ අමුණන පුංචි ඔබේ මාළිඟාව
කවදාවක එළිවේවිද ආසයි අපි දැන ගන්නට

හීන පොදිය තුරුළු කරන් නුඹ එන මග බලා සිටින
සිකුරාදා හවස පමණි නුඹ සමහරදාට එන්නෙ
දූ එනමුුදු ආස වේවි නුඹ අනනා බත් කටකට
හැකි නම් හැමදාම යන්න සොඳුරිය තේ හදා දේවි

සංකල්පය - මාලන් විදානපතිරණ
(සත්‍ය අත්දැකීමක් පාදක කර ගනිමිනි)
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ වගේ බොහෝ කැපවීම් කරන තව අය කොතෙක් ඇත්ද....එත් ඒ හැමෝටම ලැබිය යුතු අගය ලැබෙනවාද කියන ඒක ලොකු ගැටළුවක්....
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මේ වගේ බොහෝ කැපවීම් කරන තව අය කොතෙක් ඇත්ද....එත් ඒ හැමෝටම ලැබිය යුතු අගය ලැබෙනවාද කියන ඒක ලොකු ගැටළුවක්....

අනිවාර්යයෙන්ම.ඒ ගැන සොයා බැලිය යුතුයි.බොහොම ස්තුතියි:yes:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පද පේලී හරි ලස්සනට ගලපල තියනවා මචන්....:love:

    ඔච්චර අකුරු පොඩි ඇයි බන් :baffled:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පද පේලී හරි ලස්සනට ගලපල තියනවා මචන්....:love:

    ඔච්චර අකුරු පොඩි ඇයි බන් :baffled:

    බොහොම ස්තුතියි. අනේ මම හිතුවේ අකුරු පොඩි වැඩිවෙයි කියලා.ඒකයි කෝකටත් කියල අකුරු ටිකක් ලොකුවට දැම්මේ