ආදරණීය මාධ්‍යවේදී අයියා වෙත
ආදරණීය මාධ්‍යවේදී අයියා වෙත
දූ බලන්න වරම් නැතුව
මැරෙනා ඔය අකුරුවලින්
කවියක් ලියමුද දූටත්
පිය සෙනෙහස ඉතිර යන්න
සුදු දෝණිගෙ ඇස් පියවෙන රෑ ජාමේ ගෙට ගොඩ වී
සුදු දෝණිගෙ ඇස් ඇරෙනා උදෑසනින් යළි පිට වී
අකුරු වැලින් නුඹ අමුණන පුංචි ඔබේ මාළිඟාව
කවදාවක එළිවේවිද ආසයි අපි දැන ගන්නට
හීන පොදිය තුරුළු කරන් නුඹ එන මග බලා සිටින
සිකුරාදා හවස පමණි නුඹ සමහරදාට එන්නෙ
දූ එනමුුදු ආස වේවි නුඹ අනනා බත් කටකට
හැකි නම් හැමදාම යන්න සොඳුරිය තේ හදා දේවි
සංකල්පය - මාලන් විදානපතිරණ
(සත්‍ය අත්දැකීමක් පාදක කර ගනිමිනි)