ජනපති ඝාතන කුමන්ත්‍රණයක්
පසුගිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව නව රජයේ නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතුණු බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යංශය එය ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා කොට ඇති අතර, ඒ අනුව එම දිනය තුළ රජයේ ප්‍රධානීන් ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ.
නිදහස් දින රාජ්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වුණේ විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවකින් සැරසී ය.
1981 වසරේදී ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කළ අයුරින් ම මෙම ඝාතන ද සිදු කරන්නට සැලසුම් කොට තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේ ය.
එම වාර්තාවට අනුව මෙම ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි තොරතුර ලැබී තිබුණේ වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්. යූ. ඩී බස්නායක මහතාට ය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ද ආරක්ෂක ලේකම් බස්නායක මහතා විසිනි.
නිදහස් උත්සවය පැවැත්වීමට මුලින් සැලසුම් කොට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී වන අතර පසුව එය කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී නිදහස් උත්සවය පැවැත්වීමට තීරණය කොට තිබුණේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.
The Colombo Post
නිදහස් දිනයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක්