Sinduwen Sinduwa

Status
Not open for further replies.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ~
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ..
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ~
    අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනි..

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...//

    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා //

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

    ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
    මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
    දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා //

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...//​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    oවෙලා හිම සීතේ~
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේහෙන් මා මත් වෙලා~
    නිල් ගැබේ පායනා..
    පුන් සඳේ රැස් පවා~
    සිනාසී අ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇති දෝ
    උන්ගේ හිත රැඳි තනිය මකන්නට
    මව්නට කවදා හැකි වේ දෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දේවතාවන් හිතන දේවල්
    දිව්‍යලෝකෙන් මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිණි බිදක්‌මත්
    දිලිසි දිලිසී අවදි වෙන්නෑ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
    මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
    මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
    මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
    මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි...

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

    ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා
    බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
    බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
    ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

    කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
    මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී
    ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
    ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පති කුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පති කුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ


    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඹයා
    සතුට්න් ඉනු මැන මගෙ සතුට ගෙන ජිව්තේ පවතින තුරා
    මම ව්ඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන් ඵපා
    සාසරෙ කොතැනක මට ලැබුනු දුක ඹබට ලැබෙනු ඵපා
    දිනෙක අයේත් ලං වෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ සඳ හිනැහෙන මැදියම් යාමේ
    මීවිත බඳුනක මදු රස වැහේ
    මා සිත යාකල පෙම් රේකාවේ
    ඒ සිත කාගේදෝ...
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රෑ සඳ හිනැහෙන මැදියම් යාමේ
    මීවිත බඳුනක මදු රස වැහේ
    මා සිත යාකල පෙම් රේකාවේ
    ඒ සිත කාගේදෝ...

    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ....
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
    ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....
    සෙනෙහසමයි පැතුවේ... ඔබ ගැනමයි හිතුවේ....
    රිදවාලා...හඬවාලා... මොනවද ලැබුනේ...//
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....

    නිම නොවෙන පෙම් කතා... අතරමග නවතලා...
    අළුත් කතාවක් සොයා... ඔබ ගියා වෙන් වෙලා...//
    මා තනිකර දාලා... කාගේද වීලා...
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....

    අපෙ මතක එක් කළා... එකිනෙකට ගලපලා...
    සොයාගන්නකෝ ඔයා... වැරදුනේ ඇයි කියා...//
    මා තනිකර දාලා... කාගේද වීලා...
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
    ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු:shocked:....​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ~
    මදි මට මුලු සංසාර යුගේ..
    ඔබව බලාගන්නට අම්මේ~
    ඔබව ..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ~
    මදි මට මුලු සංසාර යුගේ..
    ඔබව බලාගන්නට අම්මේ~
    ඔබව ..

    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුහපැතුම් අගාධයෙ ගීතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ
    බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේඋමතු
    වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...

    තනිවී ගිම්හානයේ වැලපෙයි කොවුලා වනේ
    තනිවී ගිම්හානයේ වැලපෙයි කොවුලා වනේ
    සඳ මත ආදරයේ සෑය මැවේ
    වියැකී බඹර ගීත මලක රොන් සැලේ

    විස මධු පුරවා විතේගෙනදී දෝතින් ඔබේ
    විස මධු පුරවා විතේගෙනදී දෝතින් ඔබේ
    මා හද සෑය දවා දෑස නිවා
    නංවනු මන්දහාස මියෙන මා නෙතේ..​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෙමුණු සුදු ගවුමේ
    ඇයිද ඔබ ඒ සිසුවියගේ වත සිඹින්නේ
    නාරී රූපා පාන ශෝභා
    වහින වැස්සේ සැඟව සිතු සේ
    නුඹත් හරි
    ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර....
    හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගැලූ දිය කඳ හැපී බිඳුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස්වලින් කී දේ ආදරේ නේ
    හුරතලේ මූණේ මල්මිටක් වාගේ
    කම්මුලක් ගානේ හාදු ඕනේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    න්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමි වෙලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන ගම්මානේ~
    පින්බර රන් මැණිකේ..
    බාලේ හිත බැන්ඳා~
    මා කෙරේ..
    මතකේ ඈත මගේ~
    අද ඊයේ වාගේ..
    කුඹුකේ දොළ ලන්ඳේ~
    ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුලක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හදවත අද...
     
    Status
    Not open for further replies.