හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    11.gif
    11.gif
    :)
    මුස්තාපා සමග
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අතිවිශිෂ්ටයි සහෝදරවරුනි.. උත්කෘෂ්ඨයි.... සලං බලං ලදරං සින්දු බලෙන් අස්සන මේ කාලෙ මෙවැනි විචාරයක් කියවන්න ලැබීමත් භාග්‍යයක්...
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේ අපූරු නූල කියවද්දි මටත් හිතුණා මං ආසම කරන ගීයක් ගැන පොඩ්ඩක් ලියන්න. හැබැයි මේ ගැන කලින් ත්‍රෙඩ් වල ලියලද දන්නෑ. මේ මගේ පළමු ගීත විකාරය (හුටා.. වැරදුණා. විචාරය). වරද ඇත්නම් සමා වෙන සේක්වා!
    රත්න ශ්‍රී විජේසිංහ - නූතන ගේය කාව්‍ය රචකයන් අතර අපූර්වතම අනන්‍යතාවයක් සහිත රචකයෙක්. ඔහු තම බොහෝ කෘතීන් සදහා ‍බෞද්ධ සාහිත්‍යය ඇසුරු කර ගත් බව නොරහසක්. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'අජානේය ස්කූටර' ගීතය වෙනුවෙනුත් ඔහු ජාතක පොතේ එන සිරිකාලකණ්නි වස්තුව ආශ්‍රය කර ගන්නවා.
    සිරිකාලකන්නි වස්තුව කෙටියෙන් කියලා ඉන්නම්. සිරිකාලකන්නියා දිසාපාමොක් තක්සලාවේ දක්ෂතම ශිෂ්‍යයා. ඉතින් සිරිත් ප්‍රකාරව ගුරුතුමාගේ දියණිය විවාහ කර දුන්නේ මේ දක්ෂ ශිෂ්‍යයාට. මේ රූමත් තරුණියත් එක්ක නැවත ගමරට එන අතරේ කාලකන්නියාට කුසගින්නක් දැනෙනවා. අතරමගදී උදුම්බර හෙවත් දිවුල් ගසක් දකින ඔහු ඊට නැගි දිවුල් කඩාගෙන කනවා. මේ දකින බිරිය තමාටත් කුසගිනි බැවින් මටත් දිවුල් දෙව යැයි ඉල්ලා සිටිනවා. "ඇයි තොපට අතපය නැද්ද.. ගසට නැග කඩා ගෙන කව" යැය පවසන සිරිකාලකන්නියා ගසෙන් බසිනවා. කුසගිනි ඉවසිය‍ නොහැකි තරුණිය ගසට නැගි වහාම ඇයට බිමට බැසිය නොහැකි වන ලෙස ගස වටා කටුඅකුල් දමා සිර කරන කාලකන්නියා පලා යනවා. තක්සලාවේම ඉගෙනගත් බ්‍රහ්මදත්ත රාජකුමාරයා ඒ මගින් එන විට දිඹුල් ගස උඩ සිටින කුමාරිය දකිනවා. මේ රූමතිය ගසෙන් බස්සවා ගන්නා ‍ඔහු ඇය සිය මෙහෙසිය කරගෙන තම රාජ්‍යය කරා රැගෙන යනවා. දිවුල් ගස උඩ සිට හමුවූ නිසා ඇය උදුම්බරා දේවිය ලෙස ප්‍රකට වෙනවා. ගමට යන කාලකන්නියාට සිල්ප උගත්තත් රැකියාවක් නෑ. ඔහු පාරේ කම්කරුවෙක් ලෙස සේවය කරනවා. දිනක් රජතුමා සමග රථයෙන් සංචාරය කරන උදුම්බරා දේවිය මේ කාලකන්නියා දැක සිනා පහළ කරනවා.
    රත්නශ්‍රී මේ කතාන්දරය හරි අපූරුවට වර්තමානය හා ගලපනවා. දැන් කුමාරිය වඩින්නේ අජානේය ස්කූටර පිටින්. ඈ තම හිමියාට තුරුළුව නගර සිරි බලමින් ඉගිල යනවා. සූසැට සිල්පය උගත්තත් වර්තමාන කාලකන්නියාටත් රැකියා නෑ.
    සූසැට සිල්පය උගෙනා - පාරගතව ගියෙනා
    පාරෙ වැඩට හවුල් වෙන්න - උදැල්ල මට ලැබුණා
    කොයිතරම් උගතෙක් වුණත් දැන් ඔහුට සිද්ද වෙන්නෙ පාරෙ වැඩ කරන්නට. ඔහු හා එකම පන්තියේ උගත්. විභාග සමත් නුවූවත් ධනයෙන් ආඪ්‍ය සගයා ඔහු දැක සිනා පහළ කරනවා. තම පන්තියේ 'බැච් ටොප්' පාරෙ වැඩ කරද්දි ඔහුගේම සිහින කුමාරිය හා සවාරි යන සගයාගෙ මුවට නැගෙන්නේ සදය සිනාවක්. ජාතක කථාවේ කුමරියගේ මුවට නංවන සිනාව රත්නශ්‍රී නංවන්නේ පෙම්වන්තයාගේ මුවට. මේ දූවිලි සුවද පෙම්වතියට ගැලපෙන්නේ නෑ. ඈ තම විලවුන් ගෑ ලේන්සු පොටින් මුව වසා ගන්නවා.
    මාගත දාදිය හදුනා - සගය සිනා නගනා
    ප්‍රේමවන්ති විලවුන් ගෑ - ලේන්සු පට සිබිනා
    වර්තමාන කාලකන්නියා මේ සමාජ අසාධාරණයට වෛර කරන්නේ නෑ. තම සිහින කුමාරිය වෙන අයෙකුට අයත් වුණත් ඔහුගේ හිතේ වෛරයක් නෑ.
    සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා රදනා
    උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා...
    මේ පෙම්වතිය ඔහුට උදුම්බරාවක්. සිරිකාලකන්නියාත් උදුම්බරාව ගසේ තනිකර ගියේ අනාදරයකින් නෙවෙයි. තමාට මේ තරුණියට දුකක් නොදී රැක බලා ගත නොහැකි බව ‍ඔහු දැන සිටියා. මේ පෙම්වතාත් තම පෙම්වතිය සිහිනයෙන් පමණක් වැළද සැනසෙනවා. 'කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා' මේ අවසාන ප්‍රාර්ථනය ඉතා සංවේදී එකක්.
    මේ ගීතය මට දැනුනෙ‍ මෙහෙමයි. ඉඩ තියෙන වෙලාවට තව එකක් දෙකක් ලියන්නම්. මේ අපූරු නූල අපි දිගටම කරගෙන යමු. ජයවේවා...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මේ අපූරු නූල කියවද්දි මටත් හිතුණා මං ආසම කරන ගීයක් ගැන පොඩ්ඩක් ලියන්න. හැබැයි මේ ගැන කලින් ත්‍රෙඩ් වල ලියලද දන්නෑ. මේ මගේ පළමු ගීත විකාරය (හුටා.. වැරදුණා. විචාරය). වරද ඇත්නම් සමා වෙන සේක්වා!

    මේ අපූරු නූල අපි දිගටම කරගෙන යමු. ජයවේවා...
    එළකිරි මචං... තව තවත් විචාර ඉදිරිපත් කරන්න :love:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට හිතෙනවා මචන් ඒ පරස්පර විරෝධී කතාවෙන් ගැහැණියකගේ සිතිවිලි ස්වබාවය පෙන්නුම් කරනවා කියලා .

    මෙතන පරස්පර විරෝධී කතාවක් නෑ.තමන්ගෙ අහිමි වීම දුකක් උනත් අනිත් කෙනා සතුටින් ඉන්න එක ගැන සතුටුයි.
    ඒක හරියට මැච් එක මුල ඉඳන් බලන්න පුලුවන් නං හොඳයි උදේ පාන්දර නැගිටින්න වෙන එක තමා එපා වෙන්නෙ වගේ කතාවක් :oo:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    චන්ද්‍ර කින්නර ජාතකේ...

    කරුණාරත්න දිවුල්ගනේ.. හෙළ ගී කෙත අස්වැද්දූ අපූරු කලාකරුවෙක්. සුභාවිත ගී රසිකයන් අතර අමරණීය වුණු ගීත රාශියක් ඔහු‍ගේ ලයාන්විත හඩින් ගැයුණා. "මන්නාරම් බස්එක නෑ තාමත් ආවේ, පේරැස් මුද්ද දෙන්න, හන්තාන දෙසින් එන, මිනින්දෝරු කන්තෝරුව" වැනි ගීත රාශියක් උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැකියි. නමුත් පසුකාලීනව ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවට වැටුණාට පසු අපට මේ සුවිශේෂ කලා ශිල්පියා අහිමි වෙලා දිවුල්ගනේ කියන ආණ්ඩුකාරවරයා ඉතුරුවුණා.
    පසුගිය ගීත විචාරය වගේම මෙවරත් මා තෝරා ගත්තේ දිවුල්ගනේ විසින් ගායනා කරන අපූරු ගීතයක්. විශේෂත්වය වන්නේ මෙයටත් ජාතක කථාවක ආභාසය ලැබී තිබීමයි. බිදුණු ගේහසික ප්‍රේමයක හද රිදවන මතකය අවදි කරවන මේ ගීතයේ රචකයා තරමක් අප්‍රකට තැනැත්තෙක්.
    මෙන්න ගීතය

    චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
    නුඹ පෙම් බැඳන් මට ළං උනා
    පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන් උනා…
    චන්ද්‍ර කින්නර ජාතකේ…

    ගෙට එන්න පෙර කී කතා
    උඩුගම් බලා ගියෙ දෝ මෙදා
    විස හී සරේ පපුවට හෙලා
    නුඹ නාටකේ වෙනසක් කළා…

    අත දරුවො ගෙන මහගිරි දඹේ
    තනිවම නගින්නද පෙම් කළේ
    කළු කාසියට හදවත් වැසේ
    නුඹ සොයනවද බරණැස් පුරේ…
    චන්ද්‍ර කින්නර ජාතකේ -

    මේ ගීය රචනා කළේ උබේනන්ද දිසානායක නම් රචකයෙක්. ඔහු විසින් ලියූ වෙනත් ගී පිළිබඳ මා දැනුවත් නැහැ. දන්නා අයෙක් වෙත් නම් දැනුම් දෙන්නට කාරුණික වෙත්වා...
    රෝහණ වීරසිංහයන්ගේ මධුර මනෝහර සංගීතයෙන් ඔපවත්ව හදතුළ සිහින් රිදුමක් නගන්නට සමත්වූ ගීතයක්..
    බෞද්ධ සාහිත්‍යයේ මුණගැසෙන ඉතා ආදර්ශවත් පෙම් යුවළක් රචකයා ප්‍රස්තුතය ලෙස යොදා ගන්නවා. පෙම් කරන සමය හැම පෙම්වතුන්ටම සුවිශේෂයි. හැම පෙම්වතෙක්ම බලාපොරොත්තු වන්නේ තම ප්‍රේමවන්තිය සඳ කිඳුරියක් සේ දැකීමටයි. සඳ කිඳුරිය තම ප්‍රේමවන්තයා වෙනුවෙන් දිවි පිදීමට වුවත් සූදානම් තැනැත්තියක්. නමුත් ‍එසේ පොරොන්දු වූ ඇයම විවාහ වී නිවසට ආ පසු වෙනස් වෙනවා. මේ වෙනසට හේතුව ආර්ථික අගහිඟකම් බවයි රචකයා අපට හඟවන්නේ.
    දැන් ඔවුන් බොළඳ පෙම්වතුන් නොවෙයි. බිළිඳු දරුවන් ඇති දෙමාපියන්. පෙම් කරන සමයේ දුටු සිහින ලෝකයට වඩා සැබෑ යථාර්ථය කටුකයි. අතදරුවොත් අරගෙන මේ ජීවිත මහගිරි දඹ තනිව නගින්නටයි ඔහුට සිදුවී තිබෙන්න‍ේ.
    කෝ ඔබ පෙම්කළ සමයේ කී සොඳුරු කථා? ඒවා උඩුගම් බලා ගිහින්දැයි ඔහු විමසා සිටිනවා. සඳකිඳුරු නාටකයේ කිඳුරාට හී පහර එල්ල කළේ බ්‍රහ්මදත්ත රජතුමා විසින්. නමුත් මේ විස හීය ඇය විසින්ම එල්ල කිරීම දරා සිටින්නේ කෙලෙසකද?
    මේ විෂම ආර්ථික සාමාජයීය සාධක තුළ අන්ත අසරණව අවලංගු වී ගිය ගේහසික ප්‍රේමය ගැන ගැයෙන මේ ලයාන්විත ශෝකාලාපය අසා බලන්න. http://geepadura.blogspot.com/2014/09/chandra-kinnara-jathake-karunarathna.html
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ.. මේ ත්‍රෙඩ් එක ආයේ උස්සල ගමු.... කිඹුල් අයියේ වරෝ...
    :):):):)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගහක මල් පිපිලා

    යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරයක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.

    කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.

    යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳී කාරණේ මම
    තවම නොදන්නෙමි

    ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.

    කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි.

    කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි. එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.

    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳී එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.

    විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.

    ගහක මල් පිපීම අරුමක් නොවේ...

    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි