එක්තර ගැහැනියක් උනුසුම් වායු බැලුනයක නැගී තම මිතුරියක හමු වීමට යමින් උන්නා ය. මද වේලාවකින් තමන් අතරමන් වී සිටින බව තේරුම්ගත් ඇය බිම සිටි මිනිසකු දැක බැලුනය පහත් කොට ඔහුට කෑ ගැසුවය.
"මේ ඇහුණ ද? ඔයාට පුලුවන් ද මට උදව් කරන්න. මම දැන් පැයකට කලින් යාළුවෙක් ව මුණ ගැහෙන්න පොරොන්දු වෙලා ගමන පිටත් උණේ. ඒත් මම දැන් ඉන්නේ කොහෙද කියලා වත් දන්නේ නෑ. ඔයට කියන්න පුළුවන් ද මම ඉන්නේ කොහෙද කියල?"
පහළ උන් මිනිසා වහා පිළිතුරු දුන්නේ ය.
"ඔයා දැන් ඉන්නේ උණුසුම් වායු බැලුනයක නැගල, දළ වශයෙන් පොළෝ මට්ටමෙන් අඩි 30ක් විතර ඉහළින්, පැයට කිලෝමීටර් 10ක වේගයෙන් හමන හුළගක් එක්ක උතුරෙන් අන්ශක 52ක දිශානතියකට ගමන් කරමින්"
"ඔයා ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනෙ" මොහොතක් නිහඩ ව සිටි උඩ සිටි බැලුම්කාරිය කෑ ගැසුවාය.
"ඔව් මම ඉන්ජිනේරුවෙක් තමයි."
බිම සිටි මිනිසා පිළිතුරු දුනි.
"ඔයා කොහොම ද හරියට ම කිව්වේ?"
"අපොයි ඒක සුලු දෙයක්" බැලුම්කාරිය උත්තර බැන්දා ය. "ඔයා මට කිව්ව හැම දෙයක් ම තාක්ෂණික ව හරි වෙන්න පුළුවන්. ඒත් ඔයා කියපු දේවල්වලින් ප්රයෝජනයක් ගන්න හැටි ගැන නම් කොහෙත්ම තේරෙන්නේ නෑ. මම තාමත් අතරමන් වෙලයි ඉන්නෙ. ඔහෙත් එක්ක කථාවට ගිහින් මට වෙච්ච එකම දේ මගේ ගමන තවත් ප්රමාද වෙච්ච එක විතරයි."
පහළ සිටි මිනිසා ඊට ප්රතිචාර දැක්විය.
"ඔයා කළමනාකාරිනියක් වෙන්න ඕනේ."
"ඇත්තට ම ඔව්" බැලුනයේ සිටි කාන්තාව පුදුමයෙන් පැවසුවාය. "ඔයා කොහොම ද හරියට ම කිව්වේ?"
"ඒක සුළු දෙයක්."
පහළ සිටි මිනිසා පිළිතුරු දුන්නේය.
"ඔයාට ඔයා ඉන්න තැන ගැන හරි යන තැනක් ගැන හරි කිසිම අදහසක් නෑ. ඔයා මෙච්චර උඩට නැගල ඉන්නේ පුම්බපු හුළං නිසා. ඔයා ඉෂ්ට කරන්නේ කොහොමද කියලා කිසි ම අදහසක් නැති පොරොන්දු දීලා තියනව. ඔයා හිතනවා ඔයාට යටින් ඉන්න අය ඔයා ගෙ ප්රශ්නෙ ඔයා වෙනුවෙන් විසදලා දේවි ය කියලා. අනෙක මාව අහම්බෙන් හම්බ උණත් නැතත් ඔයා ගෙ ප්රශ්නෙ වෙනස් වෙන්නෙ නෑ, ඒත් හදිස්සියෙ දැන් මම තමයි ඒ සේරට ම වෙරදිකාරය."
උපුටා ගැනීමකි.


රෙප්