ටයිම්ස්-කවරයට-ගිය-බල්ලා
ටයිම්ස් සඟරාවේ කවරයේ ජායාරුපය සැරසු බල්ලා.
මුලින්ම බලන්නකෝ ඔය උඩින් තියෙන පින්තුරය දිහා. ඒ ඉන්නේ ‘ලුකානිකොස්’ කියන සුනඛයා. මේ නම විදි සටන්කරුවන් දාපු එකක්. එකේ තේරුම තමයි 'ජයග්‍රහණය රැගෙන එන්නා' කියන එක.
ඉතිං මේ ඇවිල්ලා උසස් පෙළපතකින් පැවතෙන එන සුනඛයෙකුත් නෙමෙයි, එහෙමත් නැත්තන් ප්‍රසිද්ධ කෙනෙක් ගාව ඇතිදැඩි වන සුනඛයෙකුත් නෙමෙයි. මේ ඉන්නේ කාත් කවුරුත් නැති සාමාන්‍ය වීදී සුනඛයෙක්. එහෙම කෙනෙක්ගේ රුව සුප්‍රකට ටයිම්ස් සඟරාවේ ප්‍රධාන කවරය සරසන්න තරම් හේතුවක් උනේ කොහොමද? ඒ ගැන විස්තරය තමයි සරල සිංහලෙන් පහලින් තියෙන්නේ.
මේ ‘ලුකානිකොස්’ කියන්නේ ග්‍රීසියේ ඇතන්ස් නගරයේ විදියක උපන් සුනඛයෙක්. පොඩි කාලේ ඉදලම ඇතන්ස් නුවර විදි අතර එහෙ මෙහෙ ඇවිදමින් සිටි මෙයාට හරියට කෑමක් බිමක් ලැබුනෙත් කලාතුරකින්. කෑම ටිකක් බලාපොරොත්තුවෙන් මිනිසුන් ලගට ගියත් මෙයාට ගොඩක් වෙලාවට ලැබුනේ අකාරුණික මිනිසුන්ගේ ගුටි බැට ප්‍රහාර වල ලක්වෙන්න.
කොහොම හරි මෙයා ටිකින් ටික වැඩිමහලු වෙලා තරුණ වයසට එනකොට, ඒ කියන්නේ 2010 අවුරුද්දේදී වගේ ග්‍රීසියේ මහා ලොකු ජනතා නැගිටීමක් හට ගත්තා. ඒකට හේතු උනේ ඒ රටේ ඇතිවූ ආර්ථික ගැටළු, එහි රජය මිනිසුන් මත පැටවූ අසාධාරණ ආර්ථික ප්‍රතිපත්ති වගේ දේවල්.
ඉතිං මේ ප්‍රශ්න නිසා හෙම්බත් වූ ජනතාව පාරට බැස්සම පස්සේ ඒ අය උද්ඝෝෂණය කරන ජායාරුප ආදිය ලෝකේ පුරාම තියෙන මාධ්‍යය වල ප්‍රචාරය උනා. මේ ජායාරුප දිහා බලන ගොඩ දෙනෙකේ පුදුම උන කාරණයක් තිබුනා, ඒ තමයි අපේ කතානායකයා වන ‘ලුකානිකොස්’ සාමාන්‍ය ජනතාව සමග එක්ව අදාල විදි සටන් වල පෙරමුණේ සිටීම.
ඒ කියන්නේ ‘ලුකානිකොස්’සෑම විටම ගත්තේ, අසාධාරණයට ලක්වූ සාමාන්‍ය ජනයාගේ පැත්ත. ඒ සදහා ඌට හොද දැනුමක් තිබුනා. රජයේ නියෝග ක්‍රියාත්මක කරමින්, ජනතාවට පහර දීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට බුරා දුවපනිමින් තමුන්ට පුළුවන් ආකාරයට අරගලයට සහය දැක්වීමට ‘ලුකානිකොස්’කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, පොලිස් නිලධාරීන් විසින් අරගලකරුවන්ගේ දෙසට එල්ල කරනු ලබන කඳුළු ගෑස් උණ්ඩ සිට මුවින් රැගෙන ඉවතට ගොස් දැමීමටද මෙයා කටයුතු කළා.
ඒ වගේම තමයි මෙයා සටන මැදදි පලායන කෙනෙක් නෙමෙයි. ආරක්ෂක අංශ උද්ගෝෂණකරුවන්ට එල්ල කරපු දරණු ප්‍රහාර අතරවාරයන් වලදිදී ‘ලුකානිකොස්’බොහොම ධෛර්යය සම්පන්නව අරගලකරුවන් සමග රැදී සිටියා.
කොහොම උනත් කඳුළු ගෑස්,සහ විෂ වායු වලට නිරාවරණය වීම නිසා ‘ලුකානිකොස්' ගොඩක් ඉක්මනට දුර්වල උනා. ඒ වගේම පොලිස් නිලධාරීන් එලල් කරපු දරුණු පා පහරවල් නිසා මෙයා අසනීප වෙන්නත් පටන් ගත්තා.
මේ හේතුව නිසා ‘ලුකානිකොස්’ ට ආදරය කරපු පිරිසක් එකතු වෙලා මෙයාව අරං ගිහිං,කාරුණික පවුලක් ලග නැවැත්තුවා. කොහොම උනත් සාමානයෙන් සුනඛයෙක් අවුරුදු 14-15 ක් වගේ කාලයක් ජිවත් වෙලා ඉන්නවා. ඒත් ‘ලුකානිකොස්’ නං ජිවත් උනේ ඊට වඩා බොහොම අඩු කාලයක්. එයා ජිවත් උනේ 2014 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකන් විතරයි. මේ වගේ බොහොම ඉක්මනට මරණය සොයා යාමට හේතුව තමයි කලින් කිව්වා වගේ මෙයාට කුඩා කාලයේදී හරි හැටි පෝෂණයක් නොලැබීම, විදිසටන්වලදී විෂ වයුන්ට නිරාවරණය වීම සහ පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාර වලට ලක්වී රෝගී වීම වගේ දේවල්.
කොහොමහරි මේ ලෝකේ ඉන්න මිනිසුන් මෙන්ම සතුන් වෙනුවෙනුත් පෙනී ඉන්න පුළුවන් එකම හයිය තියෙන කෙනා තමයි මනුස්සයා. ඒත් එහෙම උනත් මේ තරම් දියුණු ලෝකෙක මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් විදිබැහැල මිනිසුන්ගේ සටනට උර දීලා, ඒ හේතුව නිසාම බොහොම කලින් ජිවිතෙන් සමුගන්නත් සිදු උන ‘ලුකානිකොස්’ගේ මතකය කාරුණික මිනිසුන්ගේ හදවතේ සදා රැදෙනු ඇති....
මේ පහල පින්තුර වලින් දැක්වෙන්නේ ‘ලුකානිකොස්’ සිය සටන් සගයන් සමග විදියේ අරගල කරන අයුරු තමයි....
1)
අරගලකරුවන් සමග පෙරමුණේ...
2)
පොලිස් ප්‍රහාරයක් අතර තුරේ...
3)
පොලිසිය සමග ඇතිවූ ගැටුමක් අතරතුරේ..
4)
සාමාන්‍ය ජනතාවට පහර දීමට පැමිණෙන පොලිසියට විරෝධය පල කරන 'ලුකානිකොස්’
5)
පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරට ලක්වෙමින්..
6)
රාත්‍රී කාලයේද අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්...
7)
පොලිස් ප්‍රහාරයක් අතර තුර..
8)
පොලිස් නිලධාරියෙක්ගේ දරුණු පා පහරකට ලක්වෙමින්...
9)
විෂ දුම් ප්‍රහාර වලට නිරාවරණය වෙමින්...
10)
විදියේ නිදාගෙන සිටිනා ‘ලුකානිකොස්'
මම මේ මෙතන සරල සිංහලනේ දාලා තියෙන්නේ ටයිම්ස් එකේ වගේම තවත් වෙබ් අඩවි රැසක තිබුණු විස්තර වල එකතුවක්. මේකෙන් ඔයාලා නොදන්නා දෙයක් ඉගෙන ගත්තා නං ඒක මට සතුටක්.
-මම කලින් දාපු ත්‍රෙඩ්-
අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව