කුමාර්_සංගක්කාර

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    කුමාර්_සංගක්කාර

    මම කැමති ජාතික වීරයා කුමාර් සංගක්කාර ය

    දිනන මැච් පමණක් නරඹන රසිකයෙකු වන මට මේ මොහොතේදී සංගක්කාර විසින් වර්ණවත් කළ තීරණාත්මක ඉනිමක් ගැන මතකයක් නොවේ. ඔහු "වමත්"ද "දකුණත්" ද කියා දන්නේ නැති උනත් ඔහු "බුද්ධිමත්" බව මම දනිමි. ඒ බුද්ධිමත් භාවය ඔහු ප්‍රකට කලේ කටිනි. "කට" වනාහී බොහෝ බුද්ධිමතුන් වරද්දාගන්නා පොදු සතුරාය.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟයකදි එතෙක් මෙතෙක් වැඩිම ලකුණු ගණනක් රැස් කළ ක්‍රීඩකයා කුමාර් සංගක්කාර බව මම දැන ගත්තේ ඉතා මෑතකදීය. ඒ 2011 අවුරුද්දේ Marylebone Cricket Club (MCC) හි වාර්ෂික කොලින් කවුඩ්රි දේශනයේදී ය. එදා සංගා නොදැවී ලකුණු දෙකෝටි තුන්ලක්ශ විසි අටදහසක් රැස් කළේය. එය ශ්‍රී ලාංකිකයෙකුට එක් ආත්මයකදී රැස් කළ හැකි වැඩිම ලකුණු ගණනයි.
    අපි විවිධත්වයකින් යුතු රටක් වෙමු. අපේ ලකුණු අපේ මිනිස්සුන්ටය. අපේ ලකුණු මහින්ද රාජපක්ෂටය, රනිල් වික්‍රමසිංහටය, රෝහණ විජේවීරටය, එච්.ආර්. ජෝතිපාලටය, හකීම්ටය, ආර්. සම්පන්දන්ට හෝ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ටය. නමුත් මේ සා සංකීර්ණ රටේ ඇති සියලු ලකුණු නැවතත් එක් මිනිහෙක් වෙනුවෙන් එක් තැන්විය. ඒ කුමාර් සංගක්කාර ඉදිරියෙනි. සෑම ගෙදරකම සිටිය යුතු හොඳ මහත්තයා කුමාර් සංගක්කාරය. දෙකෝටි තුන්ලක්ෂ විසි අටදාහක් ශ්‍රී ලාංකීය හදවත් තුළ ඔහුගේ පිළිමයක් නෙලා ඇත්තේය. ඔබේ සැබෑ හදවත විවර කරගෙන ඒ පිලිමයට කතා කරන්නට දෙන්න. එය ඔබට මෙසේ පවසනු ඇත.


    "I am Tamil, I'm Sinhalese, I'm Muslim and Burgher. I'm a Buddhist, I'm a Hindu, a follower of Islam and Christianity. But above all, today and always I will be, proudly, Sri Lankan."

    රට ඔබෙන් ඉල්ලන්නේ කුමාර් සංගක්කාර කෙනෙකි. එය ඔබේ හදවත දනී.

    කුමාර් සංගක්කාර ගෙදර ඉන්නවාද?

    එසේ නම් ඔබේ හදවතට වංචා කිරීමෙන් වලකින්න.

    "ඔබ සිංහලය, ඔබ ද්‍රවිඩය, ඔබ මුස්ලිම්ය, බර්ගර්ය. ඔබ බෞද්ධය, හින්දුය, ඉස්ලාම්ය, ක‍තෝලිකය. නමුත් මේ සියල්ලට පෙර ඔබ 'ශ්‍රී ලාංකිකය'." ඔබේ අභිමානය එයයි.

    ඉහත සටහන නදිෂා චන්ද්‍රසේන විසින් 2014 අප්‍රියෙල් 12 දා මුහුණුපොතෙහි පළකරන ලද්දකි.



    කොලින් කවුඩ්රි දේශනය -


    Source: Lakbima
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    Lara.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Jayasuriya may be the best batsman but his personality is not good :)
    Kumar Sangakkara is a great batsman with skill and outstanding personality :)
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    සත්ව ඝාතනයට අනුබල දෙන කිසිවෙක් මගේ ජාතික තියා නිකන් වීරයෙක් හැටියටවත් පිලි නොගනිමි.