දෙමළ සංවිධාන තහනම ඉවතට
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු ලන්ඩනයේ සිට
පසුගිය රජය විසින් තම සංවිධානයද ඇතුළු දෙමළ සංවිධාන වෙත පනවන ලද තහනම ඉවත්කර ගැනීමට නව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.
ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානයේ නායක ආචාර්ය එස්. ඡේ. එමානුවෙල් පියතුමන් විසින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්‌ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පිලිප් හැමන්ඩ් වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ දැනට බ්‍රිතාන්‍ය සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා දූත පිරිසට එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස පවසමිනි.
ආචාර්ය එමානුවෙල් පියතුමන්ද පසුගිය රජය විසින් ත්‍රස්‌තවාදියකු ලෙස නම්කර ඇති පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් අද (10 දා) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය.
http://www.divaina.com/2015/03/10/news02.html