Skylark ට ප්‍රස්නයක්

Jul 5, 2012
1,773
265
0
Skylark ට ප්‍රස්නයක්

images

අනත්ත කියන එක ගැන මම ඉස්සෙල්ලාම කියෙව්වෙ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොතෙන්. ඒක් එච්චර ගැබුරු පොතක් නෙවෙයි. ඒත් බුදු දහමේ මූලික හරය අවබෝද කරගන්න ඒක මට උපකාරී වුනා

අවාසනාවකට මෑතක ඉඳලා අනත්ත කියන එකට මගේ යාලුවන් පවා විවිධ අර්තකතන දෙන්න පටන් අරන්. දැන බොහෝ දෙනෙක් කියන්නෙ අනත්ත කියන්නේ අනාත්ම කියන එක නොවෙයි, ආත්මයක්, Hidden Agent කෙනෙක් , soul නැත යන්න නොවෙයි කියායි. අනත්ත යනු "තමන් වසඟයේ පවත්වා ගන්නට බැරි බව" යනුවෙන් දැන්බොහෝ නාලිකාවල, ස්වාමීන්වහන්සේලා, උපාසකවරු සහ දසසිල් මාතාවන් ප්‍රකාශ කරනවා.

වල්පොල රාහුල හිමියන් පමනක් නොව ද්වි-භාශා උගත් බොහො හිමිවරු නම් අනත්ත යන්න පැහැදිලි කලේ "අනාත්ම- ආත්මයක් නැතිබව" යනුවෙනි. මෑතක පටන් මේ සිදුවීගෙන යන වෙනස මට නම් අරුමයකි. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මට වැටහෙන ආකාරය

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔබ අසන ලද ප්‍රශ්නයට සුදුසු යැයි මට හිතෙන පිළිතුර මම මෙතැන පළ කලා:

http://www.trekmentor.com/si/content/book/87

පින්වත් ජිංතක ජිල්ලබකිට, පෙර ඔබ අසා තිබුණා මමද කමල් වික්‍රමනායක යනුවෙන් හඳුන්වන්නේ කියලා. එය නිවැරදියී. Skylark යන නම මමම (කමල් වික්‍රමනායකම) තමයි පාවිච්චි කරන්නේ. මම උත්තර නොදුන්නේ මම Elakiri වල නැවත උත්තර දමන්නේ නැහැ යැයි තීරණය කර තිබූ නිසා. ඒ Elakiri වල ඇති දෝෂයක් නිසා නොවෙයි. නියාමනය (moderation) ඉතාම අඩු නිසා (නැති තරමයි) ධර්ම සාකච්චා කරන්න Elakiri ඉතාම හොද තැනක්. ඔබ මටම යොමුකරලා දහම් කරුණක් ගැන අසා තිබුන නිසා එයට උත්තර නොදී සිටීම නුසුදුසු යැයි සිතුනු බැවිනුයි මම මේ උත්තර ලියුවේ. යම් දහම් ගැටළුවක් ඇත්නම් කෙලින්ම මගේ සයිට් එකට යොමු කරන්න. එය මට පහසුයි.

සමහරක් ප්‍රශ්න වලට උත්තර දෙන්න මට දින ගනනක් උනත් ඒ ගැන හිතන්න, ත්‍රිපිටකයේ එහා මෙහා ගොස් බලන්න උවමනායි. බොහෝ විට මම උත්සාහ කරනවා නොතේරෙන අයට තේරෙන පමණට පැහැදිලි ලෙස සහ විස්තර සහිත ලෙස පිළිතුරු සපයන්න. මම වැරදීම් නොවන්න දැඩි උත්සාහ ගෙනයි පිළිතුරු සපයන්නේ, ඒත් සමහරක් තැන් වලදී මමම පැටලෙනවා. ඉතින් මම කැමතියී ඒ අවස්ථාවලදී එම මට වැරදුනු තැන් හැකි ඉක්මනින් සහ මුලින්ම වැරදුණු තැන් වලම නිවැරදි කරන්න සහ අන් අයට එම වැරැද්ද නිවැරදි කරන ලදැයි දන්වන්න. අනිත් එක මම ලියන සමහර කරුණු වෙන තැනක පළ කලොත් ඒ පළ කරන තැන් වල අයටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්නේ. ඔය වාගේ හේතු නිසා Elakiri සයිට් එකේ මගේ නම කියලා ප්‍රශ්න අහලා තිබුනත් උත්තර නොදී ඉන්න මම තීරණය කර තිබෙනවා. සුදුසු යැයි හිතුනොත් පමණක් ලිනක් පළ කරනවා ගැටළුවක් ඇති නොවෙන ලෙස. ඒ අන් අයගේ දැන ගැනීම පිණිස පමණයි. එවිට අන් අයට ගැටළුවකුත් නැහැ, මටත් පහසුයි.

ලියන ලද පිළිතුර ගැන ඔබට යම් දෙයක් පැවසීමට ඇත්නම් Elakiri සයිට් එකේම දමන්න. මම යම් නිවැරදි කිරීමක්, විස්තර වැඩි කීරිමක් කල යුතු යැයි සිතුනොත් ඉදිරි සති කීපයේදී එවන් සැලකිය යුතු වෙනස්කමක් කලොත් ඒ ගැන මෙහිම සඳහන් කරන්නම්. පසු කාලීනව කරන සැලකිය යුතු වෙනස්කම් මෙහි සඳහන් නොකරත් ලින්ක් එකෙන් දැක්වෙන පිටුවේ ඒ ගැන සඳහන් කර තියන්නම්.

කමල් වික්‍රමනායක (Skylark)

Jul 5, 2012
1,773
265
0
ඔබ තුමා ගේ පිලිතුරට බොහෝ පින්. සෑහෙන්න මහන්සි වෙලා, පොත් පත් බලා ලියපු එකක් බව පේනවා. ඔබේ කාලයත් වැය වෙන්න ඇති. බොහෝ පින් ඒ පිලිතුරට.

ඔබ වගේ දැන උගත් කෙනෙක් එලකිරියට වරින් වර වත් ඇවිත් මේ වගේ ප්‍රස්න ඇති අයට උපකාර කරනාව නම් හොඳයි. ඒ ගැනත් නැවත අපි වැනි අය ගැන සිතා බලා තීරනයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
 
Jul 5, 2012
1,773
265
0
ubata hariyatama denaganna oni mokakda kiyapanko.......

okata pehedili pilithurak denna puluwan ethakota...

මම හිතන්නේ හොඳ පිලිතුරක් ලැබුනා.

ඔබත් පිලිතුරක් දෙනවා නම් අගෙයි. හැබැයි සිංහලෙන් කොටන්න.

මගේ ප්‍රස්නය වුනේ අනත්ත යනුවෙන් බුදු දහමේ කියවෙන්නේ ආත්මයක්, මම, මගේ යනුවෙන් ගත හැක්කක් නැති බව නම්, සමහර අය අනාත්ම යන්න "තම වසඟයේ පවත්වා ගන්නට බැරි බව" යනුවෙන් අර්ත ගන්වනේ ඇයි? එය හරිද යන්නයි.
 
Last edited:

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන දැන ගත්තේ මගේ මිත‍්‍රයෙකුගේ ගෙදරක තිබුණ ධර්ම සාකච්ඡාවකට සහභාගී වීමෙනුයි. එදා එතන සාකච්ඡාවට මූලික වුණු රාජ් විජේවික‍්‍රම මහත්තයා මට හම්බ වුණේ එදාමයි. එතුමා එදා සාකච්ඡා කළේ බුදු දහමේ එන ඉතාමත් වැදගත්ම කාරණාවක් වන ත‍්‍රිලක්ෂණය ගැන යි. එදා මට තේරුණා ඒ සාකච්ඡාවේ විග‍්‍රහ වුණු ත‍්‍රිලක්ෂණය පිළිබඳ කාරණා මම මෙතෙක් ඒ ගැන විවිධ ධර්ම දේශනා කෙරෙන් අසා දැන ගෙන තිබුණු කරුණුවලට වඩා ඉතාම සාර්ථකයි කියලා. ඉතිං ඒ රාජ් මහත්මයා අපට විග‍්‍රහ කළ ඒ ත‍්‍රිලක්ෂණය පිළිබඳ එකී සාර්ථක විග‍්‍රහය වහරක ලොකු හාමුදුරුවන්ගේ විග‍්‍රහයක්. උන්වහන්සේ බුද්ධ ධර්මයේ සැඟවුණු අරුත් මේ විදිහට අපට කියා දීම ගැන මම හුඟක් ම පැහැදුණා. මමත් ධර්මය ගැන විවිධ අයුරින් කරුණු කාරණා සොයමින් හිටිය කෙනෙක්. එදා සාකච්ඡාවේදී ත‍්‍රිලක්ෂණය ගැන විග‍්‍රහ කෙරෙන ආකාරය අනුව මට තේරුණා, ඒ ධර්ම කරුණු විග‍්‍රහය ඉතාම නිවැරදියි සහ ගෝචරයි කියලා. ඒ විතරක් නෙවෙයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මම එතෙක් අසා තිබුණු අර්ථ ගැන්වීම් වලට වඩා මේ සාකච්ඡාවේදී අසා දැනගත් කරුණුවලට මම ඉතාම සතුටින් එකඟ වුණා. ඒ වෙලාවේ තමයි මම රාජ් මහත්මයාගෙන් විමසුවේ ඔබතුමාගේ ගුරුවරයා කවුද කියලා. අන්න එහෙමයි මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන මුලින්ම දැන ගත්තේ. ඉන් නොබෝ දවසකින්ම අපි ගියා වහරක ලොකු හාමුදුරුවෝ බැහැ දකින්නට. එදා පටන් මම බුද්ධ ධර්මය ගැන වහරක ලොකු හාමුදුරුවෝ කරන නිවැරදි විග‍්‍රහාත්මක කරුණු මගේ දැනුමට ග‍්‍රහණය කර ගනිමින් ඉන්නවා. ඒක හරියටම කාන්තාරයක සාපිපාසාවෙන් ගමන් කරන පුද්ගලයෙකුට සීතල නිල් ජලාශයක්ම හම්බ වුණා වගෙයි. අන්න ඒ සතුට අද මම භුක්ති විඳිනවා. වහරක ලොකු හාමුදුරුවන්ගේ මෙම විග‍්‍රහාත්මක ඉදිරිපත් කිරීම්වල තියෙන විශේෂත්වය තමයි ඒවා නිකම්ම ප‍්‍රකාශ නොකිරීම. ඒ කරුණු ඉතාම බුද්ධිගෝචර ආකාරයකට පැහැදිලි කර දෙනවා. ඉතිං ඉන් ඔබ්බට කෙනෙකුට ඉතිරි වී ඇති දේවල් වටහා ගැනීම ඉතා ම පහසුයි. ඇත්තටම අපට දහම් කරුණු නිවැරදිව දැනකියා ගන්නට අවශ්‍ය පතපොත පවා හිඟ තත්වයක්නේ තිබුණේ.
    ඒත් නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයේ නියමු ස්වාමීන් වහන්සේ වන කිරම විමලජෝති නායක හාමදුරුවන්ටත්, ඒ කාර්ය මණ්ඩලයටත් පින් සිද්ධවෙන්නට තමයි අපට දැන් තියෙන ධර්ම ග‍්‍රන්ථ ප‍්‍රමාණය පවා ලැබිල තියෙන්නේ. ඒකට විශේෂ ස්තූතියක් කිරම විමලජෝති ලොකු හාමුදුරුවන්ට පිදිය යුතු වෙනවා. ආයෙත් අපි මේ කතාබහට ආවොත් මම ඔබට නිදර්ශණයක් හැටියට කියන්නම් ත‍්‍රිලක්ෂණය ගැන වහරක ලොකු හාමුදුරුවන්ගේ විග‍්‍රහය කොහොමද මේ තරම් බුද්ධිගෝචර වෙන්නේ කියලා. අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන මේ ත‍්‍රිලක්ෂණය ගැන පාලියෙන් නිවැරදිව සටහන් වෙලා තියෙනවා. සංයුක්ත නිකායේ හතර වැනි කොටසේ අජ්ජානිච්ච සූත‍්‍රයේ මේ ගැන පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේක ඇත්තටම කාගෙන්වත් ප‍්‍රමුඛත්වයක් ලැබුණේ නැති සූත‍්‍රයක්. ඒත් බුදු දහමේ පිඬු කළ අරුත කැටිකර ගත්තු ත‍්‍රිලක්ෂණය ගැන මේ සූත‍්‍රයේ සටහන් වෙනවා.
    චක්ඛුං භික්ඛවේ අනිච්චං
    යද නිච්චං තං දුක්ඛං
    යං දුක්ඛං තදනත්තා

    මෙහි නිවැරදි අර්ථ තමයි ඇස අනිච්චයි, යමක් අනිච්ච නම් එය දුකයි, යමක් අනිච්ච නම් දුක නම් එය අසාරයි, අනත්තයි. ඔය අනත්ත කියන පදයේ අර්ථය අභිධර්මයේ විග‍්‍රහ වෙනවා. ඒ අසාරකට්ඨෙන අනත්තා කියලයි. එතකොට අසාර කියන අර්ථයෙන් තමයි අනත්තා යෙදෙන්නේ. මේ කරුණු සිංහලට පරිවර්තනය කිරීමේ දී ලොකු ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මොකද මේ පරිවර්තන කළ අපේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා රහත් වුණු උදවිය නොවෙයි නේ. උන්වහන්සේලා මේ පරිවර්තන කරලා තියෙන්නේ භාෂා දැනුම මූලික කර ගෙනයි. එතන දී තමයි මේ ප‍්‍රශ්නය පැනනඟින්නේ.
    අනිච්ච නම් දුකයි, දුක නම් අනත්තයි කියන පද සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි කියලයි
    මෙන්න මේ ගැටලූව තමයි අපට තිබුණේ. ඒ කියන්නේ ඉන් කියවෙන්නේ යමක් අනිත්‍ය ද, එය දුකයි කියලයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන සොබාවක් ඇති කියන තේරුමනේ.
    ඉතිං වෙනස් වෙන සොබාවය දුක නම්, වෙනස් වෙන හැම දෙයකින්ම හැම අවස්ථාවේම දුක ඇති වෙන්නට එපැයි. වෙනස් වෙන කිසිම දෙයකින් සැපක් ලැබෙන්නට විදිහක් නැහැනේ. ඒ ගැන නිදර්ශනයක් බොහොම කෙටියෙන් සරලව කියනවා නම්, මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ මුල් දශක තුන ඇතුළත ඒ පුද්ගලයා වෙනස් වෙන ආකාරය ගැන, ඒ පුද්ගලයාට හෝ අන් අයට තියෙන්නේ දුකක් ද? කුඩා දරුවකුව ඉපදිලා ඇති දැඩි වෙලා ළමා වයස පහු කරගෙන තරුණ වයසට පත්වෙලා පිරිපුන් පුද්ගලයෙක් විදිහට වසර තිහක් ඇතුළත සිදුවන වෙනස් වීම් ගැන තියෙන්නේ දුකක් ද? ඇත්තටම එහෙම වෙනස් නොවුණා නම් නේද දුක? හැමදාම කුඩා දරුවකුගේ තත්ත්වයේම ප‍්‍රමාණයෙන් හෝ නො වැඞී හිටියා නම් ඒ ගැන ඇතිවන්නේ දුකක් නේද? එහෙම බැලූවහම අර වෙනස්වීම සැපක් නේද? සතුටක් නේද?
    උන්වහන්සේගේ විග‍්‍රහයට අනුව ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට අනුව නොවීම හෝ නොතිබීම. ඉතිං මේ මූලික විග‍්‍රහයට අනුව බැලූවහම මේ අනිච්ච කියන පදයට අනිත්‍ය කියලා අපි යෙදුවොත් අර මූලික අර්ථයම අවුල් වෙලා සියල්ල වෙනත් දිසාවකට යොමු වෙනවා. හේතුව, මම දකින විදිහට මේ තමයි බුදු දහමේ සාරාර්ථය. මෙතන අපි අවුල් විදිහට තේරුම් ගත්තෝතින් අපට ඉන් ඉදිරියට කිසිවක් නිවැරදිව වටහා ගන්නට බැරි වෙනවා. බුදුන්ගේ ශ‍්‍රී මුඛයෙන් ධර්මය දේශණා වුණාට පසුකාලීනව ලියැවුණු කිසිම අර්ථකතාවක මේ කාරණාව, මේ විදිහට නිවැරදිව විග‍්‍රහ වෙලා නැහැ. අන්න ඒ හින්දයි අපට අපේ වහරක ලොකු හාමුදුරුවන් වහන්සේගේ වටිනාකම ඉතා ඉහළින් දැනෙන්නේ.
    නහී සීල වතං හෝතු
    උප්පජ්ජංති තථාගතා
    අට්ඨක්කරා තීන පදා
    සම්බුද්ධේන පකාසිනො

    ඉන් කියවෙන්නේ බුදු කෙනෙකුන් උපදින්නේම මෙන්න මේ අකුරු අටයි, පද තුනයි ගැන ලෝක සත්වයාට තේරුම් කර දෙන්නයි කියන එකයි. ඒ පද තුන තමයි අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන ත‍්‍රිලක්ෂණය. මෙහි අකුරු අට එන්නේ බැඳි අකුරු ලෙස ගැනීමෙන්. ඉතිං මේ කාරණාව වටහා ගැනීම අවුල් වුණොත් එතනිං එහාට අපට කිසිම දෙයක් නිවැරදිව වටහා ගන්නට ලැබෙන්නේ නැති බව දැන් පැහැදිලි වෙනවා නේද? මජ්ජිම නිකායේ සීල සූත‍්‍රයේ කියල තියෙනවා යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්නට අවශ්‍ය මොනව ද කියලා. ඒ තමයි ත‍්‍රිලක්ෂණය වටහා ගැනීම. සකෘදාගාමී ඵලයට පත්වෙන්නට අවශ්‍යත් එය ම තමයි. අනාගාමී වෙන්නටත්, අරිහත් ඵලය ලබන්නටත් අවශ්‍ය ඒ දෙයම තමයි. හැබැයි මේ ඵලයන්හි තත්ත්වය අනුව ඒ වටහා ගැනීම පවතින්නේ එක් එක් මට්ටම්වලයි. අපි අර මිනිසාගේ වෙනස්වීම ගැන කියූ නිදර්ශනයට වඩා ඉදිරියට ගිය සියුම් වටහා ගැනීම් මේ තුළ තියෙනවා. ඒ වටහා ගැනීම් ග‍්‍රහණය වෙන්නේ එක් එක් කාලවලදීයි. ඉතිං ඔන්න ඔය විදිහට යි අපි, වහරක ලොකු හාමුදුරුවෝ ධර්මය විග‍්‍රහ කරන ආකාරය ගැන පැහැදුණේ. බුද්ධ ධර්මය ගැන, එහි එන සියුම් කාරණා ගැන උන්වහන්සේ කරන තවත් වටිනා විග‍්‍රහාත්මක දේ ගැන අපි ඉදිරියටත් කතා කරමු

    වින්සර් හොස්පිටල් හි සභාපති
    වෛද්‍ය ආර්. පී. වීරසිංහ (MBBS/DFM/MCGP/MPFAM)

    හදවතට එකඟව තේරුම් ගන්න බලපන්. උබට ගැලපෙන්නෙ නැත්නම් අතඇරල දැම්මට කමක් නෑ .
     
    Last edited:
    • Like
    Reactions: mmaxx
    Jul 5, 2012
    1,773
    265
    0
    මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන දැන ගත්තේ මගේ මිත‍්‍රයෙකුගේ ගෙදරක තිබුණ ධර්ම සාකච්ඡාවකට සහභාගී වීමෙනුයි. එදා එතන සාකච්ඡාවට මූලික වුණු රාජ් විජේවික‍්‍රම මහත්තයා මට හම්බ වුණේ එදාමයි. එතුමා එදා සාකච්ඡා කළේ බුදු දහමේ එන ඉතාමත් වැදගත්ම කාරණාවක් වන ත‍්‍රිලක්ෂණය ගැන යි. එදා මට තේරුණා ඒ සාකච්ඡාවේ විග‍්‍රහ වුණු ත‍්‍රිලක්ෂණය පිළිබඳ කාරණා මම මෙතෙක් ඒ ගැන විවිධ ධර්ම දේශනා කෙරෙන් අසා දැන ගෙන තිබුණු කරුණුවලට වඩා ඉතාම සාර්ථකයි කියලා. ඉතිං ඒ රාජ් මහත්මයා අපට විග‍්‍රහ කළ ඒ ත‍්‍රිලක්ෂණය පිළිබඳ එකී සාර්ථක විග‍්‍රහය වහරක ලොකු හාමුදුරුවන්ගේ විග‍්‍රහයක්. උන්වහන්සේ බුද්ධ ධර්මයේ සැඟවුණු අරුත් ....
    හදවතට එකඟව තේරුම් ගන්න බලපන්. උබට ගැලපෙන්නෙ නැත්නම් අතඇරල දැම්මට කමක් නෑ .

    බොහොම පින් පිලිතුරට.

    හැබයි මේකට නම් එකඟ වෙන්න බැහැ. විශේෂයෙන් අර ලමයෙකු වැඩිහිටියෙක් වීම දක්වා වන වෙනස් වීම ගැන කියන කතාව මට නම් විහිලුවක්. ඒ වගේ පටු අර්ත කතන වල හිරවෙන්න එපා. අනිත් එක බුදු දහමේ සැඟවුන අරුත් නැති බවයි මගේ වැටහීම.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා "සබ්බේ සංකාර අනිච්චා, සබ්බේ සංකාරා දුක්ඛා, සබ්බ ධම්මා අනත්තා" කියල. සියලු සංස්කාරයෝ අනිච්චයි, දුක්ඛයි,
    සියලු ධර්මයෝ අනත්තයි කියල. මේක ඔය විදියට අර්ත ගැන්නුවොත් වෙන්නේ හරිම අලකලංචියක් නේද?
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ජිංතක ජිල්ලබකිට;17958700 said:
    බොහොම පින් පිලිතුරට.

    හැබයි මේකට නම් එකඟ වෙන්න බැහැ. විශේෂයෙන් අර ලමයෙකු වැඩිහිටියෙක් වීම දක්වා වන වෙනස් වීම ගැන කියන කතාව මට නම් විහිලුවක්. ඒ වගේ පටු අර්ත කතන වල හිරවෙන්න එපා. අනිත් එක බුදු දහමේ සැඟවුන අරුත් නැති බවයි මගේ වැටහීම.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා "සබ්බ ධම්මා අනත්තා" කියල. සියලු ධර්මයෝ අනත්තයි කියල. මේක ඔය විදියට අර්ත ගැන්නුවොත් වෙන්නේ හරිම අලකලංචියක් නේද?

    හරි හරි අවුලක් නෑ . කැමතිනම් www.waharaka.coam (Helabodupiuma)ගිහිල්ල බලන්න. මම මෙතන දැම්මෙ එක කොටසක් විතරයි. ඔක්කොම බැලුවොත් සමහරවිට තේරුම් ගන්න පුලුවන්වෙයි . කැමතිනම් ගිහිල්ල කියවල බලන්න.

    මේ කරුනු ඔයාට ගෝචර වෙන්නෙ නෙත්නම් අතඇරල දාන්න. ඔලුව කචල් කරගන්නෙ නැතුව.
     
    ස්තුතියි නැවතත්. තෙරුවන් සරණයි.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජිංතක ජිල්ලබකිට;17958700 said:
    බොහොම පින් පිලිතුරට.

    හැබයි මේකට නම් එකඟ වෙන්න බැහැ. විශේෂයෙන් අර ලමයෙකු වැඩිහිටියෙක් වීම දක්වා වන වෙනස් වීම ගැන කියන කතාව මට නම් විහිලුවක්. ඒ වගේ පටු අර්ත කතන වල හිරවෙන්න එපා. අනිත් එක බුදු දහමේ සැඟවුන අරුත් නැති බවයි මගේ වැටහීම.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා "සබ්බේ සංකාර අනිච්චා, සබ්බේ සංකාරා දුක්ඛා, සබ්බ ධම්මා අනත්තා" කියල. සියලු සංස්කාරයෝ අනිච්චයි, දුක්ඛයි,
    සියලු ධර්මයෝ අනත්තයි කියල. මේක ඔය විදියට අර්ත ගැන්නුවොත් වෙන්නේ හරිම අලකලංචියක් නේද?

    කරුණාකරලා කියනවද එහෙම ගන්න එකේ තියෙන වැරැද්ද මොකද්ද කියල?

    'අප්පියෙහි සම්පයොගෝ දුක්ඛො' කියන කරුණ අරගෙන බලමු. එතන තියෙනව නේද අනිත්‍යය වෙනවනම් සැපයක් වෙන අවස්ථාවකට උදාහරණයක්? අප්‍රියයන් හා එක්වීම දුකක් නම් ඒ දුක දෙන කරුණ අනිත්‍ය තත්ත්වයට පත් වීම (අවසාන වීම) සැපයක් නේද?

    එහෙම ගන්න එකේ වරදක් තියෙනවද? එහෙම නම් කරුණාකරල කියල දෙනවද?

    බුදු දහමේ සැඟවුනු අරුත් නැති බවට මමත් එකඟයි. නමුත් සියුම් වූ දහම් කරුණු අවබෝධ කරගැනීම එක් එක් අයගේ ඤාණය මත පදනම් වෙනව. එහෙම අවස්ථාවකදි කෙනෙක් තමන්ට තේරෙන අයුරින් කෙනෙක් කරන අර්ථකථනය වැරදි වෙන්න පුළුවන් නේද?
     
    බුදුහාමුදුරුවොන්ගේ දහම දර්ශනයක්. ඒක සත්වයන්ගේ පැනනැගීම, "පැවැත්ම", සහ අවසානයේ ක්ෂයවීම කියන සමස්ත ප්‍රහේලිකාවට පිලිතුරක්.

    ඔබ කියන විදියට අප්‍රියයන් හා එක්වීම නැවතුන තැන සතුටක් ඇත. නමුත් ඒ සතුට ඔබට දිගටම මැරෙනතුරාවටම පවත්වා ගත හැකිද? එහෙම පවත්වාගත් කෙනෙක් ඉන්නවාද? අනේ එහෙම ආතල් එකේ ඉන්න පුලුවන් නම් මට කියන්න.

    අප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි සිල්ලර කාරනා පමනක් නොව ධ්‍යාන වලට සමවැදීමෙන් ලැබෙන ප්‍රීතියද අවසන දුක්ඛ ම වන්නේ යයි අප මහ බුදු පියානෝ වදාලසේක. ඒවා දුක්ඛ වන්නේ මන්ද? ඒවා අනිත්‍ය නිසාවෙනි.

    "යද් අනිච්චං තං දුක්කං" යනුවෙන් වදාලේ එහෙයිනි.

    දුක්ඛ තෙවැදැරුම වෙයි, දුක්ඛ - දුක්ඛ (වෙදනාව නිසා ඇතිවන දුක ), විපරිණාම දුක්ඛ ( වෙනස්වීම නිසා) සහ, ප්‍රධානම එක වන සංකාර දුක්ඛ (පංච උපාදනස්කන්දය නම්වූ (නිසා ඇතිවන ) දුක.

    මේවා හරියට අවබෝධ කර නොගත් අයට වහරක ස්වාමීන් වහන්සේ කොල කඩා පෑවාට, මේ කරන්නේ මහා විනාසයක් බව අවබෝද කරගන්න.

    පොඩ්ඩක් අපේ දූපත් චිනතනයෙන් මිදිලා හිතුවොත්, පාලි, සංස්කෘත දන්න හිමිවරු හිටියේ ලංකාවේ විතරක් නෙවෙයි. ජර්මන්, ඉංග්‍රීසි, ජපාන, ඔස්ට්‍රියානු සහ ඇමරිකන් හාමුදුරුවරු මේ භාෂාවන් වල හසල දැනුමක් ඇති අය සිටියා, දැනටත් ඉන්නවා. ඒ කිසි හාමුදුරුනමකට අවබෝද කරගත නොහැකිවූ සියුම් දර්ම කරුනු අපේ වහරක හාමුදුරුවන්ගේ පද නිරුක්තියට අසුවෙනවාලු! මට නම් මතක් වෙන්නේ අර නුගේගොඩ සුපර්මාර්කට් එක පිටිපස්සේ පිලිකාව, දත් අමාරුව, පිටකොන්දේ කැක්කුම යන ඔක්කොම ලෙඩ වලට එකම තෙලක් විකුනන තෙල් බේත් වෙලන්දාවමයි!

    ඔබට සැබෑ දර්මය අවබෝධ වේවා!
    බොහො පින් ලැබේවා!
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජිංතක ජිල්ලබකිට;18022896 said:

    ජින්තක, මම ඒ ප්‍රශ්ණය ඇහුවේ ගැටීමක් ඇතිකරගන්න නෙවෙයි. ත්‍රිලක්ෂණය ගැන ගැඹුරෙන් හදාරමින් ඉන්න නිසා, ඔබේ අදහසත් දැනගන්න කැමති නිසයි ඇහුවෙ. ලොකේ ඕනෙ තරම් මහා බුද්ධිමතුන් ඉන්නව. ඒක මමත් පිළිගන්නව. නමුත් ඒ එක ජගතෙකුට වත් බැරි වුනානෙ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පසක් කරගත්තු සත්‍ය පසක් කරගන්න. ඒක නිසා ඒ අවශේෂ අයගේ පාලි, සංස්කෘත, ජර්මන්, ජපන්, ඔස්ට්‍රියන්, ඇමරිකන් අන්තර්ජාතික චින්තනයෙන් අපිට පළක් නෑ නෙද? අපිට අවශ්‍ය වෙන්නෙ ඒ අයගෙ තණතුරු, පදක්කන්, IQ නෙවෙයි නෙ. අපිට මෙතන අවශ්‍ය වෙන කරුණ ගැන බලමු. මොකද මේ මතය ඉදිරිපත් කරන කෙනාගෙ පට්ටම් මත ඉදිරිපත් කරන මතයේ සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම පුහු ආචාර්‍යවාදයක් මිසක සත්‍යයක් නොවන නිසා.

    මම බෞද්ධයෙක් වෙන්න මූලිකම හේතුවක් වුනේ, බුද්ධ ධර්මයේ නිදහස් චින්තණයට කිසිම භාදාවක් නැති නිසයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපට ඉගැන්වූයේ කවුරුවත් කියන නිසා වත්, පොතක තිබුනු නිසාවත්, පරම්පරාවෙන් ආපු නිසා වත් පිළිගන්න නෙවෙයිනෙ. ත්මන්ගෙ බුද්ධියට ගෝචර වෙන තරමට, තමන්ට පිළිගන්න පුළුවන්, තමන්ගේ දහම් දැනුමට ගළපන්න පුළුවන් දේ (තම තම නැණ පමණින්) අවබෝධ කරගන්න ඉඩ තියෙනවනෙ. ඉතින් අපි ප්‍රශ්ණ කරලා, අහලා, ගළපලා බලමු. එහෙම කරන්න වෙන කිසිදු ධර්මයක නැති නිදහසක් අපට තියෙන නිසා අපි ඒ නිදහස නිර්වාණගාමී වීමට පහසුවක් කරගණිමු. වහරක හමුදුරුවෝ හරි වෙනත් අප්‍රසිද්ධ හාමුදුරුණමක් කියපු නිසාම, අනිත් පණ්ඩිතයන් පිළිනොගත් නිසාම අහක දාන එක සුදුසු නෑ නේද? එන්න අපි දහමට ගළපලා බලමු පිළිගන්න පුළුවන්ද කියල. ඒහි පස්සිකෝ...

    ලොකයෙ තියෙන හැම දේකම (නාම ධර්ම, රූප ධර්ම ) අනිත්‍ය ස්වභාවයක් තියෙනව. ඒක අපි කවුරුත් දන්නව. ඒක බෞද්ධ නොවන ආගමිකයන් පවා දන්නව. ඒක ඇස් පණාපිට පේන්න තියෙන ධර්මතාවයක්. ඇති වුනු දේ පැවතිලා නැති වෙනව. එතකොට එහෙම ඇතිවන හැම දේම නැති වීම දුකට හේතුවක් වෙනවද? ඔබම කල්පනා කරල බලන්න. අපේ හිතට දුකක් ඇතිවෙන්නෙ යම් දෙයක් අපිට ඕනෙ විදිහට නැති නිසා නේද?

    ඒ කියන්නෙ, යම් දෙයක් පැවතීමට අපි කැමති නම්, ඒ දේ එහෙම පවතිනකොට අපිට සතුටක්, සැපයක් කියල හිතෙනව. නමුත් ඒ දේ අපිට ඕනෙ විදිහට පවතින්නෙ නැති වෙනකොට ඒක අපිට දුකක් ගෙණදෙනව නේද? ඕක අනිත් පැත්තට ගත්තහම, අපි කිසියම් දෙයක් පවතිනවට අකමැති නම් ඒකෙ පැවැත්ම අපිට දුකක්, ඒ දේ නැතිවෙලා වැනසිලා යන එක අපිට සැපයක් විදිහට දැනෙනව නේද?

    එහෙනම් දුක තියෙන්නෙ ලොකේ නෙවෙයි කියන එක අපිට තෙරුම් ගන්න පුළුවන්. ලෝකෙ සිදුවීම් වෙනව. හිරු පායනව, ගස් වැවෙනව, සත්තු උපදිනව, මැරෙනව, ලෙඩ වෙනව, වහිනව, පායනව, කුණාටු ගංවතුර ඇති වෙනව... මේ ආදී නොයෙක් දේ වෙනව. එතකොට මේවයින් මොනවද දුක වුනේ? කොහොමද දුක වුනේ? අපි මේ සිද්ධීන් දැනගත්තහම ඒවට නොයෙක් වටිනාකම් දෙනව. අපිට කැමති විදිහට වෙන දේ හොඳ, සැප දේ ලෙසත්, අකමැති හැටියට වෙන දේ නරක, දුක දේ ලෙසත් අපි මූලික වර්ග කිරීමක් කරනව (විස්තර කිරීමේ පහසුව තකා මැදහත් ලෙස ගන්නා වේදනාවන්/දැනීම් මේ විස්තරයට මම ගන්නෙ නෑ). එතකොට දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි අපේ හිතේ නේද කියන එක අපිට පැහැදිලි වෙන්න ඕන.

    අවට වෙන දෙවල් අපි දුක, සැප ලෙස අරගෙන සතුටු වීමත්, දුක් වීමත් කරනව. එතකොට අනිත්‍ය වීම කියන පටු කුලකයකට දාල මේ කරුණ හිතුවොත් ඒකට අයිති නොවන කොටස (අනිත්‍ය වීම නිසා අපි සැපයි කියල ගත්තු කොටස) බුදු දහමින් විස්තර කරන්න බැරිද? නෑ. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශණා කරන ලද ශ්‍රී සත් ධර්මයේ අඩුපාඩු නැහැ. හැම දේකටම ගළපලා තෙරුම් ගන්න පුළුවන් සර්ව සම්පූර්ණ ධර්මයක්. එහෙමනම්, අපි 'අනිච්ච' එහෙමත් නැත්නම් 'කැමති සේ නැති වීම' නිසා දුක හටගන්නව කියල තෙරුම් කරගත්තොත්? 'අනිත්‍ය වීම' කියන උප කුළකය 'අනිච්ච' කියන කුළකය විසින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කෙරෙනව නේද? දුක තියෙන්නෙ ලොකේ කියන දෘශ්ථියෙන් බලන නිසා මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි, අපි ලෝකෙට දෙන වටිනාකම් වලයි, කියන සත්‍යය තේරුම් ගත්තම අපිට දේවල් සරළ වෙනවා. 'යද අනිච්චං තං දුක්ඛං' වෙන්නෙ ඔන්න ඔහොමයි. අපිට ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න බලාපොරොත්තු වෙන තාක්කල් දුකෙන් ගැලවීමක් නෑ.

    බුදු පියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දි, 'යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං' (තමන්ට අවශ්‍ය, බලාපොරොත්තු වන පරිදි නැති නිසා දුක ඇතිවන බව) පෙන්වා දීල තියෙනව නේද? ඔබේ බුද්ධියට ගෝචර වෙනවද කියල බලන්න. දහම් දැනුමත් එක්ක ගළපන්න. අප්‍රියයන් ඇසුර 'සිල්ලර කාරණවක්' ලෙස අහක දාන්න එපා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සිල්ලර කරුණු දේශණා කරල නෑ. උන්වහන්සේ දේශණා කළ ධර්මය බොහොම ඝාම්භීරයි, අඩුපාඩු නෑ. ගැඹුරින් හිතල බලන්න. කවුරුවත් කියන නිසා නෙවෙයි, කවුරුවත් එක්ක වාදයටත් නෙවෙයි, කාටවත් ගර්හාවට, පාඩු කරන්න නෙවෙයි... නිවන් දකින්න ඕන නිසාම.

    මගේ අවබෝධයෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නලා දෙන්න. මමත් තාම ඉගෙන ගන්නව. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගෙ සර්වඤතා ඤාණයෙන් අවබෝධ කරපු ඒ ගැඹුරු ධර්මය තෙරුම් ගන්න අපි හැමෝම වෙර වඩමු. තෙරුවන් සරණයි!

    සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා. නිවණින්ම සැනසෙත්වා.
     
    මහත්තයෝ මගේ අරමුන වුනේ පාලි-සංස්කෘත දන්න ලංකාවේ සහ විදේශීය හාමුදුරුවරු, විශේෂයෙන් මේ භාෂා ගැන අධ්‍යනය කරපු ( උදාහරනයක් ලෙස වලපොල රාහුල හාමුදුවෝ අවුරුදු 17ක් සෝබෝන් වල කරපු පර්යේෂනයක ප්‍රතිපලය තමයි එතුමගේ ඒ ලෝක ප්‍රසිද්ධ පොත ) සහ කරන හමුදුරුවරු එක්කෙනෙකුටවත් හසු නොවුන අමුතු දහමක් වහරක හාමුදුරුවන්ට පමණක් හසු වුනේ කෙසේද යන සදාරණ සැකය මතු කිරීමයි. වහරක හාමුදුරුවන් නිතර කියන "පාලියේ සිට සිංහලට පෙරලීමෙදී වැරදියට පෙරෙලුවා, මෙවා වහල ලියල තියෙන්නේ, පද නිරුක්තියෙන් මෙවායේ හරි තේරුම මතු කර ගත හැකියි" යන අද්භුත කතාවල සත්‍යතාව ගැන ස්වාධීනව බලන ඔනෑම කෙනෙකුට සැකයක් ඇතිවන නිසා එය මතුකිරීමයි මගේ අරමුණ.

    එහෙම නැතුව කාගේවත් පදක්කම්, IQ ගැන මම ලියලා නැහැ නෙව. හැබැයි අන්තර්ජාතික චින්තනයෙන් නම් වැඩක් නැත්තේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ ධර්මය විශ්වයීය සත්‍යක්. ඒක හෙලයන්ටවත්, සිංහලයන්ටවත් විතරක් තෝරා ගන්න, නිවන් යන්න, දේශනා කරපු එකක් නං නෙවෙයි.

    යමක් අහක දාන්න නම් මහත්තයෝ එක නිර්නායකයි නෙව තියෙන්නේ. ශ්‍රී සද්ධර්මයට ගැලපෙනවාද කියලා බලන එකයි. අපේ බුදු පියානෝ වදාලා " මගේ මේ ධර්මය නුවණැත්තවුන්ටයි දේශනා කලේ" කියල (හෙලයන්ට, සිංහලයන්ට දේශනා කලා කියල නං නෑ මම දන්න තරමින්). හැබැයි මහත්තයෝ, කීර්තිය, නම්බුනාම, සැප ලාභ ගන්න ධර්මය විකෘති කරන හොර ගණයින්ට නම් මගේ ගෞරවයක් නැහැ.

    අනිත්‍ය පේන්න තියෙන එකයි, අනිත්‍ය අවබෝධ කරගන්න එකයි දෙකක් නේද මහත්තයෝ? හැමෝටම පේන්න තියෙන එකක් කියන්න සරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වෙන්න ඕනේ නං, ඒක ටිකක් අවුල් වගේ නේද මහත්තයෝ?

    අපේ බුදුපියානන් දේශනා කරපු, අවබෝධ කරගත යුතුවූ, "දුක්ඛ සත්‍ය" කියන්නේ ඔය "හිතට " දැනෙන දුකද ඊට වඩ ගැඹුරු දාර්ශනික තලයක කරපු කතිකාවතක්ද? ඔය මහත්තයා කියන ඔය "අපි" කියන්නේ කවුද? සංච උපාදනස්කන්දයද, ඊට පිටින් ඇති ආත්මයක් වැනි යමක්ද? ඒකෙ බැසගෙන ඉන්න ආත්මයක් වැනි යමක්ද? ඔය කියන "හිත" කියන්නේ නොවෙනස්ව පවතින්නක්ද?

    "මහනෙණි මේ බඹයක් පමනවූ ශරීරය තුල ලෝකයත්, එහි ආරම්භයත්, එහි ප්‍රහාණයත්, ඒ ප්‍රහාණයට මගත් පණවමි"

    "මහනෙණි දුක යනු කුමක්ද? පංච උපාදානස්කන්ධයම දුක වේ"

    මහත්තයෝ ඔය කියන "අපි" කවුද?

    To help us to now understand how the Buddha has talked about the world; there is a definition he once shared with a certain monk named Samiddhi. This monk went to the Buddha and asked, ” Loko lokoti bhante vuccati kittāvatānukho bhante loko ti vuccati?” (Bhante world, world it is said, what is the meaning of world?). Then the Buddha replied, “Lujjatiti kho bhikkhu tasmā lokoti vuccati” (Monk, it is breaking up, it is disintegrating, therefore, it is called the world). The terms: Lujjati, palujjati, bhijjati, nirujjati have more or less the same meaning. That is breaking, evanescent nature of all animate or inanimate things. In other words, this is impermanency. In accordance with the teaching of the Buddha everything is impermanent. So the world is nothing but disintegration. Before his death Albert Einstein himself accepted that everything is in a vibration. This whole system of the universe is nothing but a vibration. And the Buddha said further, “What is disintegrating? The eye is disintegrating, forms are disintegrating, eye consciousness is disintegrating, eye contact is disintegrating, and whatever feeling arises with eye-contact as condition that too is disintegrating. Then ear… nose… tongue… body…mind is disintegrating bhikkhu, therefore, it is called the world.” (S.N. 35.82.9).

    LINK

    මහත්තයෝ ධර්මයේ වලිගෙන් අල්ලාගත්තොත් නාගයෙක්ගේ ඔලුවෙන් ඇල්ලුවා වගේමයි. මහා විනාශයකට පාර කැපෙනවා ඒකාන්තයි.

    අනිච්චා වත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    තේ සං වුප සමෝ සුඛං
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජිංතක ජිල්ලබකිට;18034264 said:

    ජින්තක මහත්තයෝ මම කලින් කිව්ව වගේ ඔබතුමා අනුන් කියූ නිසා විශවාස කිරීමෙන් වැළකිලා, තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල බලන්න. අන්තර්ජාතික චින්තනේ තුලින් ධර්මාවබෝධය කරන්න බැහැ කියන එකයි මගේ හැඟීම. එහෙනම් කී දෙනෙක් මෙලහකට රහත් වෙලා ඉන්න ඕනෙද? මට හිතෙන්නෙ නම් තමන්ගෙ බුද්ධිය මෙහෙයවීමයි ඒකට වැදගත්. එතනදි, කියපු කෙනාගෙ තානාන්තර වලින් වැඩක් නැතිවෙන බවයි මම කිව්වෙ. කියපු කෙනා, කියපු කෙනා අවුරුදු කීයක් පරීක්ශණ කලාද, ඒව කලේ කොහෙද කියන එකට වඩා මට වැදගත් වෙන්නේ, කියපු දේ සහ ඒ දෙය කොතරම් ධර්මයට ගැළපෙනවද කියන එකයි.

    මම හෙළයන්ට, හෝ ලංකාවෙ මිනිස්සුන්ට විතරක් බුදු පියාණන් වහන්සේ දහම් දේශණා කලාය කියලා කිව්වෙ නැහැ නොවැ. ඔබතුමා එහෙම නිගමණයකට ආවෙ කොහොමද කියන එක මට ප්‍රෙහෙළිකාවක්. තිලෝගුරු බුදුපි‍යාණයාණන් වහන්සේ ධර්මය දේශණා කලේ සකල ලෝක සත්වයන් කෙරෙහි අණුකම්පාවෙන්, සියල්ලන්ම වෙනුවෙන් තමයි. කාටවත් ධර්මය අයිතිකරලා දීල නෑ. ඒ පිළිබඳව කිසිම විවාදයක් නෑ. බුදු දහම විශව සත්‍යයක් තමයි. නමුත් එහෙම කියලා තේරුම්ගන්න අන්තර්ජාතික චින්තනේ පස්සෙ යන එක අවශ්‍යද කියල ඔබතුමාම හිතල බලන්න. ඔබතුමා ගෙණහැර දක්වල තියෙන විදිහටම අපේ තථාගත අමාමෑණියන් වහන්සේගේ දේශණාවෙම තියෙනවා නේද සත්‍යය පසක්කර ගන්න "බඹයක් පමණ වන මේ ශරීරය තුළින්ම" පුලුවන් කියන එක. එහෙම එකේ මොකට ඔය අන්තර්ජාතික චින්තන වල රස්තියාදු වෙනවද? කමක් නෑ, ඔබතුමාට හොඳ විදිහක්... තම තම ණැන පමණින්...

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    යමක් අහක දාන්න නම් මහත්තයෝ එක නිර්නායකයි නෙව තියෙන්නේ. ශ්‍රී සද්ධර්මයට ගැලපෙනවාද කියලා බලන එකයි. අපේ බුදු පියානෝ වදාලා " මගේ මේ ධර්මය නුවණැත්තවුන්ටයි දේශනා කලේ" කියල (හෙලයන්ට, සිංහලයන්ට දේශනා කලා කියල නං නෑ මම දන්න තරමින්). හැබැයි මහත්තයෝ, කීර්තිය, නම්බුනාම, සැප ලාභ ගන්න ධර්මය විකෘති කරන හොර ගණයින්ට නම් මගේ ගෞරවයක් නැහැ.

    ඉතින් ඒක නේන්නම් මහත්තයෝ මම කරල තියෙන්නෙ. බලන්නකො මගෙ කලින් උත්තරේ නිවී පාඩුවෙ කියවල. එකේ මම ධර්මයත් එක්ක ගළපල දක්වල තියෙන්නෙ පැහැදිලිවම. ඒක පැහැදිලි මදි නම් කියන්න. කාට වත් බනින්න, සංඝයා වහන්සේට එක එක විශෙෂණ පද දාල කතා කරන්න උවමණා නැහැ නොවැ. ත්‍රිලක්ශ්ණය ගැන මගේ අවබෝධයෙ වරදක් තියෙනව කියල ඔබතුමාට පෙන්නන්න පුළුවන් විදිහ තමයි ඒකෙ අඩුපාඩු පෙන්නලා දෙන එක සහ, හරි දේ කියල දෙන එක. කාටවත් බැන්න කියල වෙන සෙතක් නෑ නෙ? මාතෘකාවට අදාලව කතා කරමු. මම කලිනුත් කිව්ව වගෙ මමත් උත්සහ කරන්නෙ සත්‍ය අවබෝධ කරගන්න. ගැටුම් ඕනෙ නැහැ.

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    අනිත්‍ය පේන්න තියෙන එකයි, අනිත්‍ය අවබෝධ කරගන්න එකයි දෙකක් නේද මහත්තයෝ? හැමෝටම පේන්න තියෙන එකක් කියන්න සරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වෙන්න ඕනේ නං, ඒක ටිකක් අවුල් වගේ නේද මහත්තයෝ?

    ඔව්, යමක් ඉඳුරන්ගෙන් දකින එකයි අවබෝධ අවබෝධයෙන් දකින එකයි දෙකක්. ඒකනේ ඉඳුරන්ගෙන් 'සැප' කියල හිතෙන දේ අවබෝධයෙන් 'දුකක්' කියල දකින්න පුළුවන්. ඔව්, කවුරුත් දන්න දෙයක් කියාදෙන්න මහෝත්තමයෙක් පහළ වෙන්න ඕන නෑ. ඒකෙ පොඩි නෙවෙයි ලොකු අවුලක් තියෙනව. ඒකම තමයි මමත් කියන්නෙ. අනිත්‍ය ස්වභාවය හැම වෙලාවකම දුකක්ම දෙනවා කියන එක පටු සංකල්පයක් කියල ඔබතුමාට පේන්නෙ නැද්ද? අනිත්‍ය නිසා සැප ඇතිවෙලාම නැද්ද? එහෙම සැප ඇතිවෙනවා නම් අපි තෙරුම් ගන්න ඕන නේද අපි 'අනිත්‍ය නිසා දුක ඇතිවේ' කියල ගත්තු එකේ අඩුපාඩුවක් තියෙනව කියල. තිලෝගුරු බුදු වදනේ අඩුපාඩු තියෙන්න බැහැනෙ. එතකොට මොකද මේ වෙලා තියෙන්නෙ? අපි තේරුම් ගත්තු විදිහේ වරදක් නේද? එහෙනම් ආචාර්‍යවාද, පට්ටම්, පදක්කම් පැත්තකින් තියල, ධර්මයට ගළපලා බලමු. එහෙම නේද අපේ බුදුපියාණන් වහන්සේ අපිට උගන්වල තියෙන්නෙ? ඒක නේද බෞද්ධයෝ වශයෙන් අපි කරන්න ඕන?

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    අපේ බුදුපියානන් දේශනා කරපු, අවබෝධ කරගත යුතුවූ, "දුක්ඛ සත්‍ය" කියන්නේ ඔය "හිතට " දැනෙන දුකද ඊට වඩ ගැඹුරු දාර්ශනික තලයක කරපු කතිකාවතක්ද? ඔය මහත්තයා කියන ඔය "අපි" කියන්නේ කවුද? සංච උපාදනස්කන්දයද, ඊට පිටින් ඇති ආත්මයක් වැනි යමක්ද? ඒකෙ බැසගෙන ඉන්න ආත්මයක් වැනි යමක්ද? ඔය කියන "හිත" කියන්නේ නොවෙනස්ව පවතින්නක්ද?

    ඔබතුමා දන්න තරමින් මේ දේවල් මට ගැඹුරින් කියලා දෙයි කියලත්, ඒව අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙයි කියලත් මම උදක්ම බලාපොරොත්තු වෙනව.

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    "මහනෙණි මේ බඹයක් පමනවූ ශරීරය තුල ලෝකයත්, එහි ආරම්භයත්, එහි ප්‍රහාණයත්, ඒ ප්‍රහාණයට මගත් පණවමි"

    "මහනෙණි දුක යනු කුමක්ද? පංච උපාදානස්කන්ධයම දුක වේ"

    මහත්තයෝ ඔය කියන "අපි" කවුද?

    ඔබතුමාම මේ දහම් කරුණු ඉදිරිපත් කරපු එක මට සතුටක්. මෙච්චර පැහැදිලිව දක්වලා තියෙද්දිත් අන්තර්ජාතික චින්තනකය අතරමං වෙන්නෙ මොකටද, නේද?

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    To help us to now understand how the Buddha has talked about the world; there is a definition he once shared with a certain monk named Samiddhi. This monk went to the Buddha and asked, ” Loko lokoti bhante vuccati kittāvatānukho bhante loko ti vuccati?” (Bhante world, world it is said, what is the meaning of world?). Then the Buddha replied, “Lujjatiti kho bhikkhu tasmā lokoti vuccati” (Monk, it is breaking up, it is disintegrating, therefore, it is called the world). The terms: Lujjati, palujjati, bhijjati, nirujjati have more or less the same meaning. That is breaking, evanescent nature of all animate or inanimate things. In other words, this is impermanency. In accordance with the teaching of the Buddha everything is impermanent. So the world is nothing but disintegration. Before his death Albert Einstein himself accepted that everything is in a vibration. This whole system of the universe is nothing but a vibration. And the Buddha said further, “What is disintegrating? The eye is disintegrating, forms are disintegrating, eye consciousness is disintegrating, eye contact is disintegrating, and whatever feeling arises with eye-contact as condition that too is disintegrating. Then ear… nose… tongue… body…mind is disintegrating bhikkhu, therefore, it is called the world.” (S.N. 35.82.9).

    LINK

    මේකත් සිංහලෙන් පැහැදිලි කරල දෙනවනම් බොහොම පින්.

    ජිංතක ජිල්ලබකිට;18034264 said:
    මහත්තයෝ ධර්මයේ වලිගෙන් අල්ලාගත්තොත් නාගයෙක්ගේ ඔලුවෙන් ඇල්ලුවා වගේමයි. මහා විනාශයකට පාර කැපෙනවා ඒකාන්තයි.

    අනිච්චා වත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    තේ සං වුප සමෝ සුඛං

    ඔව් ඔව්...එකඟයි. නමුත් ඔබතුමාට විශ්වාසද ඔබතුමා අල්ලගෙන ඉන්නෙ ඔලුවෙන්ම කියල? මේ ප්‍රශ්ණේ තමන්ගෙ බුද්ධියෙන්ම අහල බලන්න. සැකයක් තියෙනවනම් හොයල බලන්න. මමත් උත්සහ කරන්නෙ හරියටම ඔලුවෙන්ම අල්ලගන්න තමා. ඒක නිසයි මේ ප්‍රශ්ණ අහන්නෙ, ඉගෙනගන්නෙ, දහමට ගලපලා බලන්නෙ, ගැලපෙනවනම් එකතුකරගන්නෙ, නොගැලපෙනව නම් ඉවත්කරන්නෙ.

    තෙරුවන් සරණයි. නිර්වාණාවබෝධයම වේවා.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මාතෘකාවට අදාල නැතත් මේ ටිකත් කියන්න ඕනෙ:

    ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.
     
    • Like
    Reactions: mmaxx

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    උඩුකුරුව පැවති යමක් මුනින් නමන්නේ යම් සේද, විවෘත දෙයක් වසන්නේ යම් සේද, හරි මඟ යන්නෙකුට මඟ වරදවා කියන්නේ යම් සේද, ඇස් ඇත්තෝ රූප නොදක්නාහයි සිතා දැල්වෙන තෙල් පහන නිවා දමන්නේ යම් සේද, එසේ ම වහරක හාමුදුරුවන් විසින් සංස්කාර දුක වරදවන ලදී.

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."
    - අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික වග්ගය, තෙත්තිංසතිම සූත්‍රය (1.10.33)

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."
    - අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය, පඨම සූත්‍රය (1.11.1)

    කොස් ගැන කියා දෙන්නෙමී යැයි පවසමින් දෙල් ගැන කියා දුන්නා හා සමාන වහරක හාමුදුරුවන්ගේ දුක් කෙදිරිල්ල විසි කොට දමන්න. බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස හා දුක් පිණිස වන ලෙස අධර්මයක් ධර්මය යැයි ප්‍රකාශ කරමින් තමන්ටද බොහෝ පව් ද උදා කරගෙන, සද්ධර්මයත් අතුරුදන් කරමින් පවසන එම හිස් ප්‍රකාශන සමාජයෙන් අතුගා දැමිය යුතුයි.

    වහරක හාමුදුරුවන් විසින් ධර්මය යැයි පවසන ලඳ තවත් අධර්මයන් ඔබට දැක ගන්න, දැන ගන්න හැකි උවොත් මටත් දන්වන්න. නමුත් විශේෂයෙන් හොයන්න යෑම නම් කොහෙත්ම කරන්න එපා. මොකද එවන් අධර්මයන් ඇසීම නිසා සියුම් ධර්ම කරුණු වල ඔබවත් පටලැවෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අනික හිස් ප්‍රකාශන අහ අහා කාලය කා දැමීමට වෙනුවට ධර්මය අවබෝධයට කාලය වැය කිරීම යහපත්. අසන්න ලැබුනොත් මිත්‍යා දෘෂ්ඨික ප්‍රකාශනයන් මිත්‍යා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත්, සම්මා දෘෂ්ඨික ප්‍රකාශනයන් සම්මා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත් සම්මා දෘෂ්ඨියේ වැඩි දියුණු බව පිණිසමයි පවතින්නේ. එනිසා අසන්න ලැබුනොත් නුවනින් විමසා බලන්න. එහිදී පවසන අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කල යුතුයි. එම හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා ත්‍රිපිටකය බහුල ලෙස කියවීමටත්, එම දහම් කරුණු නුවනින් විමසා බැලීමටත් යොමුවන්න. එවිට කසළ කසළ ලෙස පහසුවෙන්ම දැකිය හැකියී.

    ඔබතුමාට බොහෝ පින්.

    මම දැනටමත් ඔබේ දම් දෙසුම් වලට සවන් දෙමින් සිටිමි.

    ඔබ විසින් අන්තර් ජාලය ට එක් කරන ත්‍රිපිටකයත් මහත් උපකාරයක් වුනා.

    රත්තපාල සුත්‍රය, අලග්ද්දූපම සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය මැනැවින් පරිශීලනය කරන්නෙකුට සැබෑ දහම තෝරා බේරා ගැනීම අපහසු නොවේ.

    නැවතත් ඔබට බොහෝ පින්!
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    උඩුකුරුව පැවති යමක් මුනින් නමන්නේ යම් සේද, විවෘත දෙයක් වසන්නේ යම් සේද, හරි මඟ යන්නෙකුට මඟ වරදවා කියන්නේ යම් සේද, ඇස් ඇත්තෝ රූප නොදක්නාහයි සිතා දැල්වෙන තෙල් පහන නිවා දමන්නේ යම් සේද, එසේ ම වහරක හාමුදුරුවන් විසින් සංස්කාර දුක වරදවන ලදී.

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."
    - අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික වග්ගය, තෙත්තිංසතිම සූත්‍රය (1.10.33)

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."
    - අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය, පඨම සූත්‍රය (1.11.1)

    කොස් ගැන කියා දෙන්නෙමී යැයි පවසමින් දෙල් ගැන කියා දුන්නා හා සමාන වහරක හාමුදුරුවන්ගේ දුක් කෙදිරිල්ල විසි කොට දමන්න. බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස හා දුක් පිණිස වන ලෙස අධර්මයක් ධර්මය යැයි ප්‍රකාශ කරමින් තමන්ටද බොහෝ පව් ද උදා කරගෙන, සද්ධර්මයත් අතුරුදන් කරමින් පවසන එම හිස් ප්‍රකාශන සමාජයෙන් අතුගා දැමිය යුතුයි.

    වහරක හාමුදුරුවන් විසින් ධර්මය යැයි පවසන ලඳ තවත් අධර්මයන් ඔබට දැක ගන්න, දැන ගන්න හැකි උවොත් මටත් දන්වන්න. නමුත් විශේෂයෙන් හොයන්න යෑම නම් කොහෙත්ම කරන්න එපා. මොකද එවන් අධර්මයන් ඇසීම නිසා සියුම් ධර්ම කරුණු වල ඔබවත් පටලැවෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අනික හිස් ප්‍රකාශන අහ අහා කාලය කා දැමීමට වෙනුවට ධර්මය අවබෝධයට කාලය වැය කිරීම යහපත්. අසන්න ලැබුනොත් මිත්‍යා දෘෂ්ඨික ප්‍රකාශනයන් මිත්‍යා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත්, සම්මා දෘෂ්ඨික ප්‍රකාශනයන් සම්මා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත් සම්මා දෘෂ්ඨියේ වැඩි දියුණු බව පිණිසමයි පවතින්නේ. එනිසා අසන්න ලැබුනොත් නුවනින් විමසා බලන්න. එහිදී පවසන අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කල යුතුයි. එම හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා ත්‍රිපිටකය බහුල ලෙස කියවීමටත්, එම දහම් කරුණු නුවනින් විමසා බැලීමටත් යොමුවන්න. එවිට කසළ කසළ ලෙස පහසුවෙන්ම දැකිය හැකියී.

    කමල් වික්‍රමනායක (Skylark)

    අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කරමිනුයි සිටින්නේ. ඔබතුමාට වත් පුළුවන් වේවිද මගේ අවබෝධයේ වැරදි ඇතොත් ඒව පෙන්නලා දෙන්න සහ ඒ වැරදි නිවැරදි කරන්න. කාටවත් දොස් නැගීමක් නොකර, කරුණු කාරණා ත්‍රිපිටිකය ඇසුරින්ම දක්වනවා නම් කදිමයි.

    අනිත්‍ය, දුක්ඛ ලෙස ගත්තම පෙනෙන අඩුපාඩු මම ඉහත දක්වල තියෙනව. අනිච්ච, දුක්ඛ ලෙස ගන්න එකේ අඩුපාඩුවක් මට සොයාගන්න බැරි වුනා. නමුත් ඔබතුමාට එහෙම දෙයක් පේනව නම්, ඒක ඉස්මතු කරල දක්වන්න පුළුවන්ද? අනිච්ච, දුක්ඛ ලෙස ගත්තහම ත්‍රිපිටක ධර්මය හා නොගැළපෙන තැන් දක්වන්න පුළුවන්ද?

    එහෙම කරන්න බැරි වුනත් කමක් නෑ. මම කැමතියි ඔබතුමන්ලා දක්වන විදිහට ත්‍රිලක්ශණය; අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දක්වන විස්තරයක් ඉදිරිපත් කරනව නම්. ත්‍රිපිටක දහම ඇසුරෙන් විස්තර කරන්න පුළුවන් නම් කදිමයි. ඒ විස්තරය මම අහල තියෙන විස්තර වලට වඩා වෙනසක් තිබෙනව නම් ඒකෙන් මට ඉගෙන ගන්න ලැබේවි. ඒක ඔබතුමන්ලට ධර්ම දානමය පිනක්මක් වේවි.

    තෙරුවන් සරණයි. නිර්වාණාවබෝධයම වේවා.