කාල තරණය.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒ බං මට ට්ට ආසයි මේ වගේ සීන් වලට...:yes::yes:ඹලත් කැමති ඇති කියල හිතල දැම්මෙ.....
    දැනගන්න යමක් ඇති කියල හිතනව...
    :D:D
    බලපල්ලා............

    සිව්වැනි මානය හා කාල තරණය.



    බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.


    1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

    ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.


    නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.

    බොහෝ දුරට අතීතයට ගමන් කිරීම කල නොහැක්කක් තරම් වන තත්වයකි ඇත්තේ. කළු කුහර හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත. නමුත් මේවා තවමත් ඇත්තේ සංකල්ප තත්වයේය. මෙම මතවාද නිවැරදි බවට පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැත.

    විද්‍යාවේ දියුණුවත් සමග ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කල හැකි අභ්‍යවකාශ යානයක් නිපදවුවත් එහි ගමන් කිරීමට කෙනෙකු ඉදිරිපත් වීමට තීරණය කරයි නම් ඔහුට ඒ තීරණය අතිශය අපහසු තීරණයක් වනු ඇත. මන්දයත් මෙම මූලධර්මයට අනුව කාලයේ ආපසු ගමන් කිරීම සිදු කල නොහැක්කක් බැවිනි. එනම් අනාගතයට ගමන් කරනා කෙනෙකුට ආපසු ඒමක් නැත. අනාගතයේ ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් වුවත් එය පිළිගැනීමට ඔහුට සිදු වෙනවා ඇත.


    උපුටා ගැනීමකි.




    වෙනත් එව්වා
    ->>>>

    Star Gate???-
    http://www.elakiri.com/forum/showthread.php?t=1666124
    ෆ්ලෝටිං මාකට් එකේ...-http://www.elakiri.com/forum/showthread.php?t=1665574
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    alokaye wegayen yanne kohetada ban ? pruthuwiya wateeda nathnam eeken eliyatada ?
    උඹත් අහන ඒව,
    කොහෙවත් නෙමේ මයි හිතේ.....
    ඒතරම් වේගෙකින් කාලය ගමන් කරන්නෝන නේ.......
    :yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Oya mathe hari. Me lagadi aloketa wadiya wegen yana anshuwak hoyagaththane. Mata ekanam mathaka na. Siyalla sapekshai. E kaleta anuwa wegawathma de alokaya. Dan ara mn kiyapu anshuwa.
    Anagathe balanna puluwan ara kiyapu eke vegeta wada wadi wegekin giyoth. :yes:
    Einstein thamai wadda :cool:.
    Tfs
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    එල එල දිගටම ලියමු
    මම නම් හිත්න්නේ ආලෝකයේ වේගයෙන් යන්න පුලුවන් දෙයක් හදන්න බැරි වෙයි එච්චර වේගෙකින් යනකොට අංශුවක් වත් ඉතුරු වෙන්නේ නෑ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Oya mathe hari. Me lagadi aloketa wadiya wegen yana anshuwak hoyagaththane. Mata ekanam mathaka na. Siyalla sapekshai. E kaleta anuwa wegawathma de alokaya. Dan ara mn kiyapu anshuwa.
    Anagathe balanna puluwan ara kiyapu eke vegeta wada wadi wegekin giyoth. :yes:
    Einstein thamai wadda :cool:.
    Tfs

    :yes: :):):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    twin paradox එකේ හැටියට, මට නං එක්කෙනෙක්ට වැඩියෙන් කාලෙ ගතවෙනව කියන එක, හිතා ගන්ඩ බෑ.. දෙන්නට දෙන්න එක විදියටනෙ, සාපේක්ෂ වෙන්නෙ ?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩේට නම් ආසයි ඒත් තාත්වික සැබෑ දෙයක් නෙවේ
    නිසා දුකයි නැත්තම් පට්ටම ආතල් වැඩේ ඕයි ;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Future eken kenek enawanam melahakata thawa BLACKLIST_MEMBER kenek inda one :rolleyes:

    mama mee uuu enakan thamai datha kata madagena inne :nerd:

    habai ithin past eke indan future ekata enawa harenna future eke indan past ekata yanna puluwan kramayak naha neda? (twin paradox)

    continuum and 12 monkeys baluwada umba? :rofl:
     
    Last edited: