සොසේජස් මාමගෙ ඩ්‍රෙසින් රූම් සංචාරය සහ අබ්ලික් වුන ගෙදර වැඩ......

සොසේජස් මාම මැච් එක පටන් ගන්නකල් සොසේජස් බේසමත් අරගෙන කස්ටියගෙ ඩ්‍රෙසින් රූම් පැත්තෙ කරක් ගැහුව. එයා ඉස්සෙල්ලම ගියේ ඕස්ට්‍රේලියානු ටීම් එකේ කාමරේ ලඟට. කාමරේ දොර වහල තිබුන. ඇතුලෙන් සද්දෙට කතා කරන සද්දෙ ඇහෙනව. දොරට තට්ටු කරන්නත් හදල කොයිකටත් කියල යතුරු හිලෙන් බැලුව.
මිචෙල් ජොන්සනුයි මිචෙල් ස්ටාකුයි දෙන්න හුඹහෙන් ඇදල ගත්ත තලගොයි දෙන්න වගේ.....

"මේක නං කරන්න බෑ සර්....." ජොන්සන් පුහුණුකාරයට කිව්ව.
"බෑ කියල බෑ.... කොහොම හරි කප්එක ගන්නත් එපැයි! අපේ රටටත් ආපු එකේ මේ සැරෙත් බැරිනං බෑ ඉතිං" පුහුණු කාරය කිව්ව.
"යංතං එකක් ගහගත්ත.... මැක්සිට පිංසිද්ධ වෙන්න..... දැක්ක නේ අරුං මාරයො වගේ ගහපු හැටි! අරූ කකුල අවුල් කරගත්තෙ නැත්නං හොම්බෙං තමයි යන්න වෙන්නෙ......" එහෙම කිව්වෙ ස්ටාක්. සොසේජස් මාමට කාරණාව හරියට පැහැදිලි නෑ...

ඒ ගමන එයා ගියා නවසිලන්ත කාමරේට. එතනත් ඇතුලෙ කලබලයක් වගේ....
"කලිං සැරේ ගැහුවට මෙදා නං ලේසි නෑ වගේ.... මට නං බෑ ප්‍රැක්ටිස් යන්න.... ඕන දෙයක් වෙන්න කියල පුළුවං විදියකට ගහනව මංනං" එහෙම කිව්වෙ බ්‍රෙන්ඩන් මැකලම්.
"එහෙම ගහන්න බෑ පුතා.... ප්‍රැක්ටිස් නැතුව ගහන්නෙ කොහොමද?"
"ප්‍රැක්ටිස්? මොන %$^&&*$#ද? කාට කියලද දැං හෝම්වර්ක් කරන්නෙ?" එහෙම ඇහුවෙ ටිම් සවුති. එයාගෙ ප්‍රශ්නෙට පුහුණු කාරයටත් උත්තර නෑ..... එයා ඔහේ බලාගත්ත අත බලාගෙන හිටිය...

ඊලඟට එයා ගියේ ඉන්දියාවෙ කාමරේ පැත්තට. යතුරු හිලෙං එබිල බලද්දි සුරේෂ් රයින රොටී හදන්න පිටි අනනව. කෝලියි රහානෙයි උඩ පැත්ත හරවපු අයන් දෙකක තියල රොටී පුච්චනව. දෝනි ටවල් එකක් දාගෙන ඕනවට එපාවට රොටියක් හපනව.
"ස්කොට්ලන්ත කාරයො දිනුවොත් නං අපි ඉවරයි සර්...." රොටී කෑල්ලක් කටේ දාගත්ත දෝනි පුහුණුකාරයට කිව්ව.
"ඒක නං හැබෑව... අඩු ගානෙ සෙමියවත් ගහන්න බැරි වෙනව එහෙම උනොත්....." පුහුණුකාරය කිව්ව.
"සර් කරනව නං පොඩි වැඩක් නං තියනව...." එහෙම කිව්වෙ කෝලි. අනිත් කට්ටිය එයා දිහා බැලුව.
"මොකද්ද?"
"අපේ ප්‍රයිම් මිනිස්ටට කියල මොකක් හරි ගිවිසුමක් ගහන්න බැරිද මේ සැරෙත්?"

"ම්.......... මාත් ඕක කල්පනං කලා..... දැං ඒක විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ....." පුහුණු කාරය කිව්ව.
සොසේජස් මාමට හරිම පුරස්නෙ! මොකක් ගැනද මේ හැමෝම කතා කරන්නෙ? ඒ ගමන එයා ගියා ස්කොට්ලන්තෙ කාමරේ පැත්තට. එයාලට නං වැඩිය අවුලක් නෑ වගේ.....
"හරි. අපි කොහොමත් පරාදයිනෙ. ඔන්න ඕකත් ගහල දාමු. ඕව දැනගත්ත කියල ආයෙ අමුතු මහන්සියක් වෙන එකක්යැ අපි" නායකය කිව්ව. අපරාදෙ! කලිං මෙතෙන්ට ආව නං කතාව අහගන්න තිබුන.

ඒ ගමන සොසේජස් මාම ගියේ දකුණු අප්‍රිකාවෙ කාමරේට. ක්‍රීඩකයන් කට්ටිය රවුමට තියාගෙන පුහුණු කාරය මැද ඉන්නව. එයා අතේ ටැබ් එකක්.
"රයිට්! මෙන්න ඩේටබේස් එක!...... මේකෙ තියනව කාගෙත් වීඩියෝස්..... ඒ ටීම් එකේ විස්සයි....ක්ලබ් ගහන කට්ටිය හත්සීයයි.... ඉස්කෝලෙ යන හොඳ එවුන් එක්දාස් පන්සීයයි.... කාගෙත් වීඩියෝ තියනව..... බලල පාඩං කරල බෝල් කරමු!" ඇලන් ඩොනල්ඩ් එහෙම කිව්ව විතරයි ඩේල් ස්ටේන් කපාදාපු ගහක් වගේ සිහි නැතුව ඇද වැටුන.... මොනේ මෝකල් ඔලුවෙ අත ගහගෙන, වැටෙන්න කලිං පුටුවකට බරවුනා..... වතුර බෝතලයක් කඩපු ඩොනල්ඩ් ඩේල්ගෙ මූනට වතුර ඉස්ස..... ඒබී ඩිවිලියස් ටවල් එකකිං හුලං ගැහුව.... ඔන්න ටික වෙලාවකිං ස්ටේන්ට සිහිය ආව....

"මට බෑ... මට බෑ.... මට රිටය වෙන්න ඕන...." ස්ටේන් කෑගහන් ගත්ත. ඒ ගමන සොසේජස් මාම දොරට තට්ටු කලා. සොසේජස් මාම ඇරපු දොරෙන් අැතුලට පැනගත්ත.
"මොකද්ද සර්ල මෙච්චර වදවෙන අපිවත් නොදන්න ප්‍රශ්නෙ?" සොසේජස් මාම ඇහුව.
"ඇයි දන්නැද්ද? අර ශ්‍රී ලංකාවෙ #&^%$$#ල දවස ගානෙ තුවාල කරගන්නව.... ඊට පස්සෙ අලුත් එවුන් ගෙන්නගන්නව.... යකෝ අපි කාටද බෝල් කරන්නෙ කියල දන්නැතුව කොහොමද ප්‍රැක්ටිස් කරන්නෙ?.... මෙදාපාර ක්වාටර් ගහන්න වෙන්නෙ උං එක්ක....." එහෙම කියපු ස්ටේන් ආයෙත් ඇදවැටුන..... කට්ටිය වතුර ඉහින අතරෙ සොසේජස් මාම ඇරිල තිබුන දොරෙන් එලියට පැනගත්ත...

ඉස්සුවේ මෙතනින් :http://raj1st.blogspot.com/2015/03/blog-post.html