රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය
මම පොඩි වැඩක් පටන් ගත්තනේ බටහිර සංගීතේ ලස්සන තැන් ගැන. ඉතින් මේ ඒකේ තුන්වෙනි නූල.
මේකට ඉස්සරලා බැරොක් යුගේ ගැන දාපු නූල මේක
http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
ක්ලැසිකල් යුගේ ගැන දාපු එක මේක
http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
මේ ඊලග යුගේ ඒ කියන්නේ රොමැන්ටික් ඊරා එක ගැන. මෙතන්දි නම් ටිකක් වැඩේ බරපතල වෙනවා. වැඩ්ඩෝ වැඩියි!
ආ තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙහෙම සංගීතෙ කාලවලට බෙදලා කතා කරනවනේ. ඒක හැබැයි සංගීතෙට විතරක් සීමා වුන එකක් නොවෙයි.
යුරෝපා ඉතිහාසය තමා මෙහෙම කාල වලට බෙදෙන්නේ .ඒ ඒ කාල වලට සමානුරුපීව (පොජ්ජ පොජ්ජ එහා මෙහා වෙනවා තමා) හැම ක්ෂේත්රයකම මේ විදිහට බෙදෙනවා. බැරොක් පීරියඩ් එක ගත්තොත් සංගීතෙට වගේම සාහිත්‍යයට, එතකොට චිත්‍ර වලට, ගොඩනැගිලි ශිල්පයට මේ හැම එකකටම බැරොක් පීරියඩ් එකක් තියනවා. ක්ලැසිකලුත් එහෙමයි. දැන් කියන්න යන රොමන්ටික් ඊරා එකටත් එහෙමයි
ඊටත් කලින් තිබුනයි කීව මිඩීවල් පීරියඩ් වලටත් ඒක අදාලයි
හරි එහෙනම් වැඩෙට බහිමු.
මේ යුග පොජ්ජේ කැකුලො කැකුලියෝ වැඩි හන්දා මේ ආර්ටිකල් පොජ්ජ කොටස් පොජ්ජවල් කීපයකටම කඩා ලාලා පබ්ලිස් පොජ්ජ මන්දු කරන්න හිත් ලෑවා
සෝ මුලින් බලමු මේ යුගේ මුලින්ම හම්බ් වෙන අය. මේ කම්පෝසර්ස්ලා බොහොවිට Classical to Romantic ට්රාන්සිෂනල් කස්ටිය විදිහට ඉතිහාස සෑර්ලා වර්ග කරනවා
ඔය ගොඩෙ කාගේ කාගෙත් හිතට අල්ලපු ගොයියෝ දෙපලක් සිටියා
Franz Peter Schubert (1797 – 1828)
මෙයා ඕස්ට්‍රියන් කොල්ලෙක්- කොල්ලෙක් කීවේ මෙයා තරුන කාලෙම මැරුණ හින්දා.
හැබැයි ඒ සුලු කාලය පුරාවට කරපු වැඩ ටිකනම් අම්බානක්!
ඒ වුනාට එයා ජීවත් වෙලා ඉන්නකොට ඉතින් අද තියෙන පිලිගැනීම ඒ විදිහටම ලැබුනේ නම් නෑ
මොකද මම ඊලගට කියන රොසිනි කියන කෙනාට මෙයාට වඩා පිලිගැනීමක් රට්ටු සහා ලෝකයා දුන්නා
ශුබාර්ටුත් ඇවිල්ලා පොඩි කාලේ ඉදන්ම මියුසික් වලට හපන්කම් පෙන්නපු කෙනෙක්! මේයාගේ ඒවත් අද පරපුරට අටුවෙන් ඇදලා අරන් දූවිලි එහෙම පිහදාලා හොයල කරලා දුන්නේ පස්සේ හිටපු ශ්‍රේෂ්ඨයෝ ටිකක් එක්තු වෙලා
- විශේෂයෙන්ම මෙන්ඩ්ල්සෝන් සහ බ්රහම්ස් කියන ඩබල!
මෙයා මුලින්ම පටන්ගත්තේ සින්දු කියන්න (choirboy) හැබැයි වයස 15දි වොයිස් බොක්ස් එකට කෙල වුනා
- ඊට පස්සෙ ඉතින් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා - එහෙම තමා කොම්පෝසර් කෙනෙක් වුනේ. අනික මෙයා බීතොවන්ගේ මලගෙදර torch bearer කෙනෙක් විදිහටත් හිටියලු!
මෙතුමාත් කීප දෙනෙකුටම ආදරකරපු කෙනෙක්- හබැයි ඒ අයව බදින්න ලැබිලා නෑ විවිධ හේතු නිසා!
වැඩි හරියක් සංගීතේ ලියලා තියෙන්නේ සින්දු වලට. හැබැයි මෙයාගේ සිම්ෆනි එහෙම තියෙනවා.
ශුබාර්ට් ගේ ස්ටයිල් එක මුල් කාලේ බීතොවන්ගේ හැඩයක් ගත්තා කියනවා- හැබැයි පස්සට වෙන්න ටිකක් සංකීර්න පාටක් අරන් තියෙනවා. ඒ කොම්පොසිෂන් ගොඩක් ලස්සන වගේම වාදකයන්ට වදයක් වෙන සයිස් එකට complex!
- එයාගේ සමහර වැඩ වියානා ඕකෙස්ට්රා එක ගහන්න බෑ කියලා රිෆියුස් කරලත් තියෙනවා
. හැගීම් වලට කතා කරන මියුසික්, නැත්නම් රොමැන්ටික් මියුසික් යුගයක් හදන්න මෙයා මූලික වුනා!
වයස 31දී සිපිලිස් හැදිලා මලාය කියලා තමයි කියන්නේ!
රායිට් බලමු මෙයාගේ අපේ ලෝකල් ටේස්ට් එකට අල්ලන වඩ මොනාද කියලා
Piano Quintet in A Major, Op. 114, D. 667, "Die Forelle" (The Trout) : IV
මේකේ වේරියෙශන් ගොඩක් තියනවා.මේ එකක්
Adagio and Rondo Concertante in F Major, D. 487: Rondo: Allegro vivace
Standchen (Schwanengesang, D 957: no 4)
Fantasie in F minor, D.940 for piano 4-hands - මෙක ලියලා තියෙන්නේ ඇත්තටම එකම පියානොෆොර්ටෙ එක දෙන්නෙක් එකවර නෝට්ස් දෙවර්ගයක් ප්ලේ කරන විදිහට. පට්ටා අමාරු වැඩක්
3 Marches militaires, Op. 51, D. 733, Marche Militaire in D major, D. 733, No. 1
Symphonic Fragment D615 - 2 Allegretto
මාරම ලස්සන එකක් ඒත් මේකේ ෆුල් එකක් හොයා ගන්න බැරි වුනා යූ ටියුබ් එකේ.
අැමසන් එකෙ පොඩි ප්‍රීවීව් එකක් තියෙනවා එකේ ලින්ක් එක දැම්මා.
http://www.amazon.co.uk/Schubert-Symphonic-Fragment-Orchestrated-Allegretto/dp/B001N5FAP6
Who is Sylvia? කියලා ලස්සන සින්දුවකුත් තියෙනවා -එකේ ඉන්ග්‍රිසි එකකුත් තියෙනවා
Death and the Maiden එකත් ලස්සනයි
දිග වැඩිද මන්දා....
මෙයාගෙ දානවා නම් තව ගොඩාක් තියෙනවා හරිම ලස්සන ඒවා. හැබැයි එහෙම කලොත් කස්ටියට එපා වෙයි ශුවර් එකටම ඒ හින්දා ඊලග පුද්ගලයා ගාවට යමු එහෙනම්!
Gioachino Rossini (1792 – 1868) ඉතාලි පොරක් . නම සින්හලෙන් කියන්නේ ජොආකීනෝ රොසිනි කියලා
මෙයා එලටම තමන්ව මාර්කට් කර ගත්ත පොරක් - අර අද කාලේ අපේ සමහරු වගේ
විකියේ කියලා තියනවා මම දැක්කා "මට දෙන්න රෙදි නැන්දාගේ බිල, මම ඒකෙනුත් සංගීතය හදලා පෙන්වන්නම්" කියලා කියලා තියෙන්වා -
අපේ බාසාවෙන් කියන්වා නම් එල බුවෙක්! - හැබැයි ඉතින් වැඩත් ගොඩක් සුපිරි-ලු
. අනික මෙයා සංගීතෙන් හොදට හම්බ කරපු හාදයෙක්
මෙයත් සංගීත පවුලක සහා කුඩා කාලෙදිම ගේමට enter වුන කෙනෙක්. හැබැයි පස්සේ ඔය කම්මල් වැඩ එහෙමත් කරාලු.
.
කොහොමහරි මෙයා අදටත් පුරසිද්ද The Barber of Seville කියන
ඔපෙර එක - හැබැයි මේක ඉතින් මෙයාගෙම නෙවෙයි - වෙන කෙනෙක්ගෙ එකක් මෙයා වෙනස් කරල ඔප දාල ගත්ත එකක්. හැබැයි අලුත් මියුසික් එහෙම තනිකරම අලුත් ඒවාය කියලා කියනවා
මෙන්න මේකට මම ගොඩක් කැමතියි - William Tell Overture (End)
කස්ටිය මේක සර්කස් සංදර්ශන වල එහේම අහලා ඇති
මේකේ මියුසික් එකත් ලස්සනයි - සමහර විට ඔයාලට ඔය සින්ග් කරන හැටි අහපුවම හිනා යයිද දන්නේ නෑ
- ඒත් ඔය පට්ට අමාරු ඔපෙරා කෑල්ලක්
මම අහලා තියෙන ඔය කොටසම (වොයිස් ඔන්ලි රෙකොර්ඩින්ග් එකක්) ඔයට වඩා හොදට කියනවා. හැබැයි ඉතින් මේ මනුස්සයත් මාර කැපවීමකින් ඕක කියන්වා ඇත්තේ
La Gazza Ladra (The Thieving Magpie)
William Tell Overture: Call to the Cows
මෙයා අනික හරි මරු මනුස්පයා. මුලම ඔපෙරාව ලීවෙ අවුරුදු 18දී අන්තිම එක ලීවෙ අවුරුදු 37දී. ඊට පස්සෙ ඉදලා හිටලා ඔය පොඩි වැඩ කලාට ඔපෙරා ලීවෙ නෑ- මොකද පොරගේ ඉස්සර ඔපෙරා නියමෙට රන් වෙවී තිබුනේ-
ඇතිවෙන්න සල්ලි - ඉතින් හුගක් දවස් වලට ඔය ලොකු පොරවල්ට අතදිගඇරලා පාර්ටි දීලා තියෙනවා. අනික මිනිහා හොද කුක්කෙක් - එ කීවෙ උයන්න හරි ආසයිලු (මම වගේ!
) - උයලා අනික් අයට කන්න දෙන්නත් ආසයි කියනවා
මේ අයත් මේ කාලෙ හිටපු චන්ඩි තමා
Richard Wagner (1813 - 1883) in German
මෙයා ඔපෙරා වලින් කප් ගහපු මහත්තයෙක්.
තව විෂේශත්වයක් තියෙනවා. මෙයා තනියම තමයි ඉගෙනගෙන තියෙන්නේ මියුසික්!
Ring of the Nibelung කියන ඔපෙරාව තමා වඩ්ඩත්ම ප්‍රසිද්ධ වුනේ
ඔය අද කාලේ අපේ විෂිශ්ට සංගීතඥයෝ වගේ මෙතුමත් සල්ලි තියනකොට අත දිගඇරල වියදම් කරලා නැති දවස්ට හිගා කන සයිස් එකට වැටෙන කෙනෙක්
දවසක් පාරේ ගිය මලාවකට අදුන්නනේ නැති මිනිහෙකුගෙනුත් සල්ලි ඉල්ලල පොර දෙන්න බෑ කීවහම කියල තියනවා "It probably will not happen again that a man like me will apply to you.” - ලොකු ඊගෝ එකකින් හිටියයි කියල කියන්නේ!
පවු හැබැයි මෙයා හුගක් වැඩ කරපු කෙනෙක්
අනික ඉස්සෙල්ලා අක්කව බැදලා ඊලගට අක්ක මෙයා දාල ගියාට පස්සේ නන්ගිව එක්ක ඉදලා වැඩ කෝටියයි
. පස්සේ කාලෙ හෙන ලව් හුට පට තිබිලා තියෙන්ව නොඅඩුව!
සමාජවාදියෙක් - ඒ හින්දම ජර්මනියෙන් මෙයාව පිටුවහල් කරලත් තියෙනවා - පස්සේ කාලේ හිට්ලර් මෙතුමාව අගය කලාලු හැබැයි
මෙන්න මේක ඔය ගොලා අනිවා අහලා ඇති
Here Comes the Bride - Bridal March කියලා කියන්නෙත් ඕකටම තමා
The Ride of the Valkyries
මෙතුමාගේ කාලෙ නම් මෙයාගේ මියුසික් වලට පරිබව කරපු අය බොහොමයි
Carl Maria von Weber 1786 - 1826
සංගීත පවුලක නොවුනට සන්ගීතයට ලග ඒ කියන්නේ තත්තා තියටර් මැනේජර් කෙනෙක්. හුගක් දක්ශයො වගේම මෙයත් අඩුකාලෙන් ලෝකය හැර ගියා
මොසාර්ට් මහත්තයට දුරින් නෑ වෙනවලු.
මෙයා මැරෙන බව දැන දැන තමන්ගෙන් පස්සේ පවුලට සල්ලි ඉතුරු කරන්න ඔන නිසාම (වයිෆ් එපා කියද්දි) ලන්ඩන් ගිහිල්ල එයාගෙ ඔපෙරා එකක් පෙන්වන්න. ඒ තරතුර එයා එහෙදි මැරුනා - ක්ෂයරෝගයෙන්!
Concertino for Clarinet
Grand Duo Concertant for clarine&piano- Allegro
Peter Schmoll und seine Nachbarn, Silvana, Oberon (මේක පෙන්වන්න ගිහිල්ල තමයි මැරුනේ) වගේ ලස්සන එවා තව ගොඩක් තියෙන්වා
Johann Strauss I (1804 – 1849) in Austria
මෙතුමගේ ජුනියර් ස්ට්රවස් කෙනෙකුත් ඉන්නව, කොටිම කීවොත් පරපුරක්ම ඉන්නවා. ජනප්‍රියම වැඩ වුනේ වොල්ට්ස් කියන මාදිලියෙන්ග හැබැයි අපූරුම එක තමා Radetzky March
මෙතුමාට මෙතුමාගෙ වඩාත්ම ප්‍රසිද්ද වෙච්ච පුත්රයව බැංකු කරුවෙක් කරන්නලු ඔන වෙලා තිබුනෙ. හැබැයි එවා කොහෙහ්ද ස්ට්රවස් හාමිනේ ඉන්නකන් - උන්දෑ පුතන්ඩියව සංගීත කාරයෙක් කරලා තමා නතර වෙලා තියෙන්නෙ

Walzer à la Paganini, Op. 11
මෙයාගේ ලස්සන වෝල්ට්ස් ගොඩක් තියෙනව. ආසයි නම් පොඩ්ඩක් යූ ටියුබ් ගහලා බලන්න Täuberln-Waltz, Döblinger Réunion-Waltz, Kettenbrücke Waltz, Wiener Carneval, Wiener Launen-Waltz, Life is a Dance වගේ ඒවා
Frédéric Chopin 1810 - 1849
පෝලන්තේ වර්සො වල තමා ඉපදුනේ. අඩු කාලෙන් ක්ෂයරෝගෙන් මෙයත් මලා. මැරුනේ පැරිසීයෙදි
පෝලන්තේ ප්‍රධානම ඒයාර්පොර්ට් එක නම් කරල තියෙන්නේත් මෙතුමගෙ නමින්!
ගොඩක් වැඩ කලේ පැරිසීයේ ඉද්දී
හැබැයි පෝලන්තෙට හුගක් ආදරේ කලාලු. මැරුනට පස්සේ මෙයාගේ හාර්ට් එක මන්ජුසාවක දාල වර්සො වල පල්ලියකට ගෙනත් තැන්පත් කරලා තියෙනවලු
Nocturne in E-flat major
මෙක ගොඩක් හිතට වදිනවා
හප්පා තව ගොඩක් ඉන්නව මේ යුගේ වැඩ - ඒ වුනාට අදට ඇති - පස්සේ ආයෙ දාන්නම් - නැත්නම් අපේ අයට එපාම වෙලා යාවි මේක
මම පොඩි වැඩක් පටන් ගත්තනේ බටහිර සංගීතේ ලස්සන තැන් ගැන. ඉතින් මේ ඒකේ තුන්වෙනි නූල.
මේකට ඉස්සරලා බැරොක් යුගේ ගැන දාපු නූල මේක
http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
ක්ලැසිකල් යුගේ ගැන දාපු එක මේක
http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
මේ ඊලග යුගේ ඒ කියන්නේ රොමැන්ටික් ඊරා එක ගැන. මෙතන්දි නම් ටිකක් වැඩේ බරපතල වෙනවා. වැඩ්ඩෝ වැඩියි!

ආ තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙහෙම සංගීතෙ කාලවලට බෙදලා කතා කරනවනේ. ඒක හැබැයි සංගීතෙට විතරක් සීමා වුන එකක් නොවෙයි.
යුරෝපා ඉතිහාසය තමා මෙහෙම කාල වලට බෙදෙන්නේ .ඒ ඒ කාල වලට සමානුරුපීව (පොජ්ජ පොජ්ජ එහා මෙහා වෙනවා තමා) හැම ක්ෂේත්රයකම මේ විදිහට බෙදෙනවා. බැරොක් පීරියඩ් එක ගත්තොත් සංගීතෙට වගේම සාහිත්‍යයට, එතකොට චිත්‍ර වලට, ගොඩනැගිලි ශිල්පයට මේ හැම එකකටම බැරොක් පීරියඩ් එකක් තියනවා. ක්ලැසිකලුත් එහෙමයි. දැන් කියන්න යන රොමන්ටික් ඊරා එකටත් එහෙමයි
ඊටත් කලින් තිබුනයි කීව මිඩීවල් පීරියඩ් වලටත් ඒක අදාලයි
හරි එහෙනම් වැඩෙට බහිමු.
මේ යුග පොජ්ජේ කැකුලො කැකුලියෝ වැඩි හන්දා මේ ආර්ටිකල් පොජ්ජ කොටස් පොජ්ජවල් කීපයකටම කඩා ලාලා පබ්ලිස් පොජ්ජ මන්දු කරන්න හිත් ලෑවා

සෝ මුලින් බලමු මේ යුගේ මුලින්ම හම්බ් වෙන අය. මේ කම්පෝසර්ස්ලා බොහොවිට Classical to Romantic ට්රාන්සිෂනල් කස්ටිය විදිහට ඉතිහාස සෑර්ලා වර්ග කරනවා

ඔය ගොඩෙ කාගේ කාගෙත් හිතට අල්ලපු ගොයියෝ දෙපලක් සිටියා
Franz Peter Schubert (1797 – 1828)
මෙයා ඕස්ට්‍රියන් කොල්ලෙක්- කොල්ලෙක් කීවේ මෙයා තරුන කාලෙම මැරුණ හින්දා.
හැබැයි ඒ සුලු කාලය පුරාවට කරපු වැඩ ටිකනම් අම්බානක්!
ඒ වුනාට එයා ජීවත් වෙලා ඉන්නකොට ඉතින් අද තියෙන පිලිගැනීම ඒ විදිහටම ලැබුනේ නම් නෑ
මොකද මම ඊලගට කියන රොසිනි කියන කෙනාට මෙයාට වඩා පිලිගැනීමක් රට්ටු සහා ලෝකයා දුන්නා

ශුබාර්ටුත් ඇවිල්ලා පොඩි කාලේ ඉදන්ම මියුසික් වලට හපන්කම් පෙන්නපු කෙනෙක්! මේයාගේ ඒවත් අද පරපුරට අටුවෙන් ඇදලා අරන් දූවිලි එහෙම පිහදාලා හොයල කරලා දුන්නේ පස්සේ හිටපු ශ්‍රේෂ්ඨයෝ ටිකක් එක්තු වෙලා
- විශේෂයෙන්ම මෙන්ඩ්ල්සෝන් සහ බ්රහම්ස් කියන ඩබල!

මෙයා මුලින්ම පටන්ගත්තේ සින්දු කියන්න (choirboy) හැබැයි වයස 15දි වොයිස් බොක්ස් එකට කෙල වුනා
- ඊට පස්සෙ ඉතින් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා - එහෙම තමා කොම්පෝසර් කෙනෙක් වුනේ. අනික මෙයා බීතොවන්ගේ මලගෙදර torch bearer කෙනෙක් විදිහටත් හිටියලු!
මෙතුමාත් කීප දෙනෙකුටම ආදරකරපු කෙනෙක්- හබැයි ඒ අයව බදින්න ලැබිලා නෑ විවිධ හේතු නිසා!

වැඩි හරියක් සංගීතේ ලියලා තියෙන්නේ සින්දු වලට. හැබැයි මෙයාගේ සිම්ෆනි එහෙම තියෙනවා.
ශුබාර්ට් ගේ ස්ටයිල් එක මුල් කාලේ බීතොවන්ගේ හැඩයක් ගත්තා කියනවා- හැබැයි පස්සට වෙන්න ටිකක් සංකීර්න පාටක් අරන් තියෙනවා. ඒ කොම්පොසිෂන් ගොඩක් ලස්සන වගේම වාදකයන්ට වදයක් වෙන සයිස් එකට complex!
- එයාගේ සමහර වැඩ වියානා ඕකෙස්ට්රා එක ගහන්න බෑ කියලා රිෆියුස් කරලත් තියෙනවා
. හැගීම් වලට කතා කරන මියුසික්, නැත්නම් රොමැන්ටික් මියුසික් යුගයක් හදන්න මෙයා මූලික වුනා! වයස 31දී සිපිලිස් හැදිලා මලාය කියලා තමයි කියන්නේ!

රායිට් බලමු මෙයාගේ අපේ ලෝකල් ටේස්ට් එකට අල්ලන වඩ මොනාද කියලා
Piano Quintet in A Major, Op. 114, D. 667, "Die Forelle" (The Trout) : IV
මේකේ වේරියෙශන් ගොඩක් තියනවා.මේ එකක්
Adagio and Rondo Concertante in F Major, D. 487: Rondo: Allegro vivace
Standchen (Schwanengesang, D 957: no 4)
Fantasie in F minor, D.940 for piano 4-hands - මෙක ලියලා තියෙන්නේ ඇත්තටම එකම පියානොෆොර්ටෙ එක දෙන්නෙක් එකවර නෝට්ස් දෙවර්ගයක් ප්ලේ කරන විදිහට. පට්ටා අමාරු වැඩක්
3 Marches militaires, Op. 51, D. 733, Marche Militaire in D major, D. 733, No. 1
Symphonic Fragment D615 - 2 Allegretto
මාරම ලස්සන එකක් ඒත් මේකේ ෆුල් එකක් හොයා ගන්න බැරි වුනා යූ ටියුබ් එකේ.
අැමසන් එකෙ පොඩි ප්‍රීවීව් එකක් තියෙනවා එකේ ලින්ක් එක දැම්මා.

http://www.amazon.co.uk/Schubert-Symphonic-Fragment-Orchestrated-Allegretto/dp/B001N5FAP6
Who is Sylvia? කියලා ලස්සන සින්දුවකුත් තියෙනවා -එකේ ඉන්ග්‍රිසි එකකුත් තියෙනවා
Death and the Maiden එකත් ලස්සනයි
දිග වැඩිද මන්දා....

මෙයාගෙ දානවා නම් තව ගොඩාක් තියෙනවා හරිම ලස්සන ඒවා. හැබැයි එහෙම කලොත් කස්ටියට එපා වෙයි ශුවර් එකටම ඒ හින්දා ඊලග පුද්ගලයා ගාවට යමු එහෙනම්!
Gioachino Rossini (1792 – 1868) ඉතාලි පොරක් . නම සින්හලෙන් කියන්නේ ජොආකීනෝ රොසිනි කියලා
මෙයා එලටම තමන්ව මාර්කට් කර ගත්ත පොරක් - අර අද කාලේ අපේ සමහරු වගේ

විකියේ කියලා තියනවා මම දැක්කා "මට දෙන්න රෙදි නැන්දාගේ බිල, මම ඒකෙනුත් සංගීතය හදලා පෙන්වන්නම්" කියලා කියලා තියෙන්වා -

අපේ බාසාවෙන් කියන්වා නම් එල බුවෙක්! - හැබැයි ඉතින් වැඩත් ගොඩක් සුපිරි-ලු
. අනික මෙයා සංගීතෙන් හොදට හම්බ කරපු හාදයෙක්මෙයත් සංගීත පවුලක සහා කුඩා කාලෙදිම ගේමට enter වුන කෙනෙක්. හැබැයි පස්සේ ඔය කම්මල් වැඩ එහෙමත් කරාලු.
.කොහොමහරි මෙයා අදටත් පුරසිද්ද The Barber of Seville කියන
ඔපෙර එක - හැබැයි මේක ඉතින් මෙයාගෙම නෙවෙයි - වෙන කෙනෙක්ගෙ එකක් මෙයා වෙනස් කරල ඔප දාල ගත්ත එකක්. හැබැයි අලුත් මියුසික් එහෙම තනිකරම අලුත් ඒවාය කියලා කියනවා
මෙන්න මේකට මම ගොඩක් කැමතියි - William Tell Overture (End)
කස්ටිය මේක සර්කස් සංදර්ශන වල එහේම අහලා ඇති
මේකේ මියුසික් එකත් ලස්සනයි - සමහර විට ඔයාලට ඔය සින්ග් කරන හැටි අහපුවම හිනා යයිද දන්නේ නෑ

- ඒත් ඔය පට්ට අමාරු ඔපෙරා කෑල්ලක්මම අහලා තියෙන ඔය කොටසම (වොයිස් ඔන්ලි රෙකොර්ඩින්ග් එකක්) ඔයට වඩා හොදට කියනවා. හැබැයි ඉතින් මේ මනුස්සයත් මාර කැපවීමකින් ඕක කියන්වා ඇත්තේ
La Gazza Ladra (The Thieving Magpie)
William Tell Overture: Call to the Cows
මෙයා අනික හරි මරු මනුස්පයා. මුලම ඔපෙරාව ලීවෙ අවුරුදු 18දී අන්තිම එක ලීවෙ අවුරුදු 37දී. ඊට පස්සෙ ඉදලා හිටලා ඔය පොඩි වැඩ කලාට ඔපෙරා ලීවෙ නෑ- මොකද පොරගේ ඉස්සර ඔපෙරා නියමෙට රන් වෙවී තිබුනේ-
ඇතිවෙන්න සල්ලි - ඉතින් හුගක් දවස් වලට ඔය ලොකු පොරවල්ට අතදිගඇරලා පාර්ටි දීලා තියෙනවා. අනික මිනිහා හොද කුක්කෙක් - එ කීවෙ උයන්න හරි ආසයිලු (මම වගේ!
) - උයලා අනික් අයට කන්න දෙන්නත් ආසයි කියනවාමේ අයත් මේ කාලෙ හිටපු චන්ඩි තමා
Richard Wagner (1813 - 1883) in German
මෙයා ඔපෙරා වලින් කප් ගහපු මහත්තයෙක්.

තව විෂේශත්වයක් තියෙනවා. මෙයා තනියම තමයි ඉගෙනගෙන තියෙන්නේ මියුසික්!

Ring of the Nibelung කියන ඔපෙරාව තමා වඩ්ඩත්ම ප්‍රසිද්ධ වුනේ
ඔය අද කාලේ අපේ විෂිශ්ට සංගීතඥයෝ වගේ මෙතුමත් සල්ලි තියනකොට අත දිගඇරල වියදම් කරලා නැති දවස්ට හිගා කන සයිස් එකට වැටෙන කෙනෙක්
දවසක් පාරේ ගිය මලාවකට අදුන්නනේ නැති මිනිහෙකුගෙනුත් සල්ලි ඉල්ලල පොර දෙන්න බෑ කීවහම කියල තියනවා "It probably will not happen again that a man like me will apply to you.” - ලොකු ඊගෝ එකකින් හිටියයි කියල කියන්නේ!

පවු හැබැයි මෙයා හුගක් වැඩ කරපු කෙනෙක්
අනික ඉස්සෙල්ලා අක්කව බැදලා ඊලගට අක්ක මෙයා දාල ගියාට පස්සේ නන්ගිව එක්ක ඉදලා වැඩ කෝටියයි
. පස්සේ කාලෙ හෙන ලව් හුට පට තිබිලා තියෙන්ව නොඅඩුව!සමාජවාදියෙක් - ඒ හින්දම ජර්මනියෙන් මෙයාව පිටුවහල් කරලත් තියෙනවා - පස්සේ කාලේ හිට්ලර් මෙතුමාව අගය කලාලු හැබැයි

Last edited: