තාත්තේ ...... ?

ncbrando

Member
Jan 31, 2014
838
115
0
තාත්තේ ...... ?


විසි වසක අතීතය හැරපියා යන්නට
දෙදරවා උළු කැටත් කිපුණු ඇත් රජකු මෙන
බත් කටක් කැවූ ඔය අත් දෙකින් පියඹට
වාවයිද විරහව නුඹ අපට සිනාසෙන

ඈ නෙතේ කඳුලැලි තවම නැත වියැළී
තවත් රෑ නැකතක් අයදිමින් නුඹ යළි
වැඩිවියේ දූගේ හසරැලිත් කර රැලි
නළඟනක් සමග අද පෝරුවේ පෙම් කෙළී

බක්මහේ අකුණු හඬ පැරදවූ ලේ කඳුල
වසන්තේ දවාලා අවුලවයි ගිනි දැල්ල
කැවුම් කිරිබතින් පිරි නව සහල් මංගල්ල
දැන් කුමට හිස්වූ අටුවටත් නැති මෙල්ල

අම්මාත් මා ගතේ උණුහුමට තුරුල් වී
නංගීත් මා නෙතේ උණුහුමට වහල් වී
මග නොමග නොදත් සේ හිතලු මත මුළා වී
කොයිබටද යන්නේ හිඳී නිති ළතැවෙවී

වින්ද දුක අපමණයි මෝල් හිමියන්ගෙන්
බැන්ඳ සෙනෙහේ නමුත් ඉවසුවා නුඹෙ නමින්
වැන්ඳඹුව කර කැදැලි බොරදියේ බාමින්
ලැබුවේද ජීවයක් අද මුකුළු පාමින්

කුමරුවන් දස දහස් මව් සොයා එද්දී
ඇයයි පතිවත රැකන් හිටියෙ නුඹ ඉද්දී
ගඟට ඉනි කැපූ ඒ බැඳුම නුඹ කඩද්දී
අන් සරණ සෙවූ සඳ අපම ගැරහුම විඳී

මාලන් විදානපතිරණ :)

https://www.facebook.com/marlon.Govinda 
 
 

 
Last edited:
  • Like
Reactions: rcccc and mal pappa

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පට්ට මචං උපරිමයි ලස්සනයි. විශිෂ්ටයි කිවුවොත් හරි
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම අපූරුයි. සංවේදී ඒ වගේම හරවත් නිර්මාණයක්...