විදුලි බලාගාර

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කණියා;18092926 said:
    වික්ටෝරියා, ලක්ෂපාන, කොත්මලේ වගේ ලොකු බලාගාර හැම තිස්සෙම දුවනවා.. 20MW හෝ ඊට අඩු නැත්තං බලාගාරෙක unit 3ක් තියේ නං ඒකිං එකක් වගේ නවත්තන වෙලාවල් ති‍යේ.. ගල් අගුරු බලාගාර දුවන එක පාඩු නෑ තාමත්.. හැම දේම තිරනය වෙන්නේ ඒ වෙලාවේ රටේ තියෙන විදුලි අවශ්‍යතාවය අනුව

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113

    තෑන්ක්ස් මචං පැහැදිලි කරල දුන්නට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ කියන විදියට ජල විදුලිය දෙවැනි තැනට තියා ගෙනයි, විදුලිය නිශ්පාදනය කරන්නෙ..
    අපි අහල තිබුණට වඩා වෙනස් කතාවක් :shocked:
    හොඳටම වැස්ස තියෙන කාලෙටත් එහෙමද මචංල ?
    ජල විදුලිය ලාබයි නේ.. :confused:
    අපි හිතුවෙ පීක් වෙලාවට ගල් අඟුරු බලාගාර ඔන් කරනව කියල..
    දැං බලං යනකොට වෙන්නෙ අනික් පැත්ත :baffled:

    :O අඩෝ මාත් හිතං හිටියෙ පුළුවන් හැමවෙලාවෙම ජල විදුලිය අරගෙන අවශ්‍ය වුනාම ගල් අඟුරු පුච්චනව කියල :O
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :O අඩෝ මාත් හිතං හිටියෙ පුළුවන් හැමවෙලාවෙම ජල විදුලිය අරගෙන අවශ්‍ය වුනාම ගල් අඟුරු පුච්චනව කියල :O

    ;) දැක්කනෙ මගෙ ත්‍රෙඩ් එක ගිය දුර
    මේකෙ හොඳ දැනුම තියෙන එවුං ටිකක් ඉන්නව.. ඕන දෙයක් දැනගන්ඩ පුලුවං..

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    :O අඩෝ මාත් හිතං හිටියෙ පුළුවන් හැමවෙලාවෙම ජල විදුලිය අරගෙන අවශ්‍ය වුනාම ගල් අඟුරු පුච්චනව කියල :O

    Peak 1kedi oya dekath madi wenawa ban.:sorry::sorry:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පාවිච්චි කරන විදුලිය ප්‍රමාණයට වතුර පාලනය කරන system එකට කියන්නේ governer System කියල. මම net එකේ බලල තොරතුරු හම්බ උනොත් දාන්නම්..

    උසස් පෙළ කීර්ති සර් ගෙ class ගිය අය මේ ගැන අහල ඇති.
     
    • Like
    Reactions: S_M_S

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    ;) දැක්කනෙ මගෙ ත්‍රෙඩ් එක ගිය දුර
    මේකෙ හොඳ දැනුම තියෙන එවුං ටිකක් ඉන්නව.. ඕන දෙයක් දැනගන්ඩ පුලුවං..

    පාවිච්චි කරන විදුලිය ප්‍රමාණයට වතුර පාලනය කරන system එකට කියන්නේ governer System කියල. මම net එකේ බලල තොරතුරු හම්බ උනොත් දාන්නම්..

    උසස් පෙළ කීර්ති සර් ගෙ class ගිය අය මේ ගැන අහල ඇති.

    Governer එකෙන් කරන්නේ Fine tuning. load එකේ වෙන සුළු වෙනස් කම් වලදී අවශ්‍ය RPM එක පවත්වාගැනීම. සාමාන්‍යයෙන් power station එකක Load එක අපි manually සෙට් කරනවා.. එකට Power Setter කිියලා switch එකක් තියේ...
     
    • Like
    Reactions: rajitha_ks

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    පාවිච්චි කරන විදුලිය ප්‍රමාණයට වතුර පාලනය කරන system එකට කියන්නේ governer System කියල. මම net එකේ බලල තොරතුරු හම්බ උනොත් දාන්නම්..

    උසස් පෙළ කීර්ති සර් ගෙ class ගිය අය මේ ගැන අහල ඇති.

    තෑන්ක්ස් මචං :)
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    System control of electricity

    machan, liyala terum karanna amarui. consumtion eka balala Hz gana tamai control karanne. etakota genarate karana MW gana control wenawa. Consumptn eka adu unot generation eka adu wenawa. turbine ekat release karana water flow eka adu wena eka tama wenne otanadi.
    Peak , off peak waladi meka wenas wenawa. tawa kiwwot holyday waladi, worldcup wage dawasakadi, rain season waladi wenas wenawa.

    www.ceb.lk web site eke godak wistara tiyenawa.
    http://www.ceb.lk/sub/knowledge/hydropower.html
    http://www.ceb.lk/sub/knowledge/awarevideos.html
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    machan, liyala terum karanna amarui. consumtion eka balala Hz gana tamai control karanne. etakota genarate karana MW gana control wenawa. Consumptn eka adu unot generation eka adu wenawa. turbine ekat release karana water flow eka adu wena eka tama wenne otanadi.
    Peak , off peak waladi meka wenas wenawa. tawa kiwwot holyday waladi, worldcup wage dawasakadi, rain season waladi wenas wenawa.

    තත්පරයකට ට‘බයින් එක කැරකෙන වට ගාන නියතව තියාගන්නව කියන්නෙ, ජෙනරේට් කරන වෝල්ටේජ් එක නියතව තියාගන්නව කියන එක නේ...
    ට‘බයින් එක වේගෙන් කැරකුනොත් හ‘ට්ස් ගානත් ඉහළ ගිහින් වෝල්ටේජ් එකේ
    RMS එකත් ඉහල යනව නේ..

    අපි කරන්ට් එක අඩුවෙන් පරිභෝජනය කරන කොට ට‘ බයින් එක වේගෙන් කැරකෙනව ඉබේම.. එතකොට හ‘ට්ස් ගාන ඉහල යනව. ජෙනරේට් කරන වෝල්ටේජ් එකත් වැඩි වෙනව.. මේක පාලනය කරන්ඩ වතුර පහළට වැටෙන එක ටිකක් අඩු කරනව.. එහෙමද ?
    Hertz ගාණ නිවැරදි කරද්දි ඉබේම වතුර ටිකත් පාලනය වෙනව.. :)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔටෝ සිස්ටම් එකක් නෙමේද බන් තියෙන්නේ ,අපිට වික්ටෝරියා ගිය වෙලේ කිව්වේ ඉල්ලුම අනුව උපරිම සීමාව දක්කවා වැඩි වෙනවා කියලා ,කොහේ හරි බ්රේක් DOWN එකක් උනොත් අනිත් තැනකින් ඇදලා දෙනවා ,

    මොකක් හරි මිමකින් ඕක බැලන්ස් වෙනවා ,මැනුවලි කරන්න අමරුයි
     
    true. machan et oya api kiyanne 50MW wage witarai auto control wenne. loku load adu wadi karanna one manual.e kiyanne control cerntre eken kiyanawa power plant walata machin start karanawada nawattanawaada kiyana eka.
     
    • Like
    Reactions: Plusky

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    true. machan et oya api kiyanne 50MW wage witarai auto control wenne. loku load adu wadi karanna one manual.e kiyanne control cerntre eken kiyanawa power plant walata machin start karanawada nawattanawaada kiyana eka.

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔටෝ සිස්ටම් එකක් නෙමේද බන් තියෙන්නේ ,අපිට වික්ටෝරියා ගිය වෙලේ කිව්වේ ඉල්ලුම අනුව උපරිම සීමාව දක්කවා වැඩි වෙනවා කියලා ,කොහේ හරි බ්රේක් DOWN එකක් උනොත් අනිත් තැනකින් ඇදලා දෙනවා ,

    මොකක් හරි මිමකින් ඕක බැලන්ස් වෙනවා ,මැනුවලි කරන්න අමරුයි

    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මම දන්නා විදිහට පැහැදිලිකිරිම මෙන්න

    ටර්බයින් එකට ජලපාර එවනවා කැරකෙනවා එකෙන් ඩයිනමෝ එක කැරකෙනවා විදුලිය ජනනය වෙනව. අපි ගන්න විදුලි බලය (watt) වැඩි නම් ඩයිනමෝ එක කරකවන්න වැඩි බලයක් යොදන්න ඕනා එතකොට
    ඩයිනමෝ එකේ නියත වේගයකින් කරකවන්න නම් වැඩි ජල පරිමාවක් අවශ්‍යයි.

    අනිත් එක සුළු ලෝඩ් එකක් නම් ගන්නේ ටර්බයින් 5ක් තියේ නම් 1යි ඔන් වෙන්නේ. වැඩි බලයක් ඕනා විට තව එකක් ඔන් කරනව. එතකොට ඒකට වෙනම තව ජලය ඕනා.

    පැට්‍රොල්,ඩිසල් ජෙනරේටර් වල වෙන්නෙත් ඕකමයි. බලය වැඩියෙන් ගන්නකොට එන්ජිම වැඩි බලයක් යොදනවා වැඩියෙන් තෙල් පිච්චෙනවා.
     
    • Love
    Reactions: silentsahan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    තත්පරයකට ට‘බයින් එක කැරකෙන වට ගාන නියතව තියාගන්නව කියන්නෙ, ජෙනරේට් කරන වෝල්ටේජ් එක නියතව තියාගන්නව කියන එක නේ...
    ට‘බයින් එක වේගෙන් කැරකුනොත් හ‘ට්ස් ගානත් ඉහළ ගිහින් වෝල්ටේජ් එකේ
    RMS එකත් ඉහල යනව නේ..

    අපි කරන්ට් එක අඩුවෙන් පරිභෝජනය කරන කොට ට‘ බයින් එක වේගෙන් කැරකෙනව ඉබේම.. එතකොට හ‘ට්ස් ගාන ඉහල යනව. ජෙනරේට් කරන වෝල්ටේජ් එකත් වැඩි වෙනව.. මේක පාලනය කරන්ඩ වතුර පහළට වැටෙන එක ටිකක් අඩු කරනව.. එහෙමද ?
    Hertz ගාණ නිවැරදි කරද්දි ඉබේම වතුර ටිකත් පාලනය වෙනව.. :)

    ඔව් Synchronize වෙනව ජෙනරේටර් එකේ වේගය ලෝඩ් එක අනුව
     
    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    මේකේ පට්ට පහදිලිකිරීම් ටිකක් දාල තියෙනවා. :yes: ඒ අස්සේ මම මේකේ basic එක කියන්නම්.

    මූලිකම කතාව මේකයි

    විදුලිය කියන්නේ හරියටම ඒ වෙලාවේ තිඑන ඉල්ලුමට සමානව නිෂ්පාදනය කරන්න ඕන දෙයක්. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ
    ජල විදුලියේදී, නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය = ජලාශයෙන් ලබාගන්න ජල ප්‍රමාණය (සරලව).
    අපේ ඉල්ලුම වැඩි වෙද්දී ඉතින් ස්වයන්ක්‍රීයව හරි සේවකයින් අතින් හරි ටර්බයිනයට සපයන ජල ප්‍රමාණය වෙනස් කරනවා.

    ගල් අගුරුද, වතුරද, තෙල්ද කියල තීරණය කරන්නේ cost එක අනුව. මුලින් ලාබ ඒවා දුවලා ඉල්ලුම වැඩි වෙලා සැපයුම මදි වෙනකොට ගිනි ගණන් ඒවා on කරනවා.
    දැනට මම දන්නා තරමින් ලාබම වතුර. ඊට පස්සේ ගල් අගුරු, ඊලගට දැවි තෙල් (කෙරවලපිටිය). ගාන වැඩිම ඩීසල්.
    එත් ගල් අගුරු හිතෙන හිතෙන වෙලාවට පත්තු කරන්නයි නිමන්නයි බැරි නිසා නොරොච්චෝලේ දිගටම දුවනවා (900 MW).එකෙන් 900 MW අරගෙන මදි වෙනකොට ජල බලාගාර, තෙල් බලාගාර පත්තු කරනවා.ලංකාවේ මේ දවස්වල දවල්ට සාමාන්‍ය ඉල්ලුම 1200MW විතර වෙනවා. රෑට 2000MW විතර වෙනවා.