අනාත්ම
මේක හරියට තේරුම් ගත්තොත් උඹල shock වෙන්ඩ ඕන..
මිනිස්සු හැමෝම එක වගේ නෑ. පෙනුමෙන් වෙනස්, හිතන විදියෙන් වෙනස්
ඕනෑම මනුෂ්‍යයෙක් ගත්තම, එයා අනිත් අයගෙන් වෙනස් වෙනව. එයාටම අනන්‍යවූ ලක්ෂණ තියෙනව.
මෙහෙම වෙනස් වන ආකාර, ප්‍රධාන වශයෙන් 2ක් තියෙනව
1. ශාරීරික ලක්ෂණ
2. මානසික ස්වභාවය

ලැබිල තියෙන ශරීරය අනුව මනිස්සු එකිනෙකාට ගොඩක් වෙනස්. සමහරක් අය ලස්සනයි, සමහරක් අය එච්චර ලස්සන නෑ..
තව කට්ටියක් සුදුයි, තව කට්ටියක් කලුයි.. ආ කියන්ඩ ඕනම දේ අමතක උනා.. ගෑනු පිරිම අනුවත් අපි වෙනස් වෙනව
උසයි, මිටියි, මහතයි මේ විදියට අපි හැමෝම අනිත් අයගෙන් වෙනස් වෙනව
දැං අපි හිතමු, හැමෝගෙම ශාරීරික වෙනස් කං අයින් කරල, හැමෝවම එකම මට්ටමකට ගන්නව කියල.
දැං හැමෝවම පේන්නෙ එක වගේ. කවුරුවත් වෙන් කරල හඳුන ගන්ඩ බෑ.
උදාහරණෙකට, ගහැනු අයගෙ ගැහැනු ලක්ෂණත් අයින් කරල, පිරිමින්ගෙ පිරිමි ලක්ෂණත් අයින් කරල දැම්ම ම, ගැහැනු පිරිමි වෙනස්කමක් දකින්ඩ නෑ. (හැබැයි මෙතනදි ගැහැනු මානසික ලක්ෂණ, පිරිමි මානසික ලක්ෂණ සැලකුවෙ නෑ. ඒකට එනව පස්සෙ)
දැං ඔය ශාරීරික ලක්ෂණ හැමෝගෙම ඒව සමාන කලා වගේ.. අපි හිතමු මානසික ලක්ෂණත් එක මට්ටමකට ගෙනාව කියල
සමහරක් අය වසයි, සමහරක් අය අහිංසකයි. ඒ වගේ වෙනස් කං අයින් කරල, හැමෝගෙම මානසිකවත් එකම මට්ටමකට ගේනව
දැං මොකද වෙන්නෙ, ඔක්කොමල්ල එක සමානයි..
අපි මේ සංසාර ගමනෙදි, පුරුදු කරපු පුරුදු අනුව, අපිට එක එක ලක්ෂණ ලැබුන. ශාරීරිකවත් මානසිකවත්.
දැං මං මේ කතාව වෙන විදියකට කියනව
අපි ගමු මහින්ද රාජපක්ෂවයි, අපේ ජනාදිපති මෛත්‍රීපාල මහත්තයවයි..
දැං මේ දෙන්න වෙනස්. රාජපක්ෂගෙ ශරීරය අයින් කරනව. සිරිසේන මහත්තයගෙ ශරීරයත් අයින් කරනව. ඊට පස්සෙ දෙන්නටම වෙනම විදියෙ එක සමාන ශරීරවල් දෙකක් දෙනව. උදාහරෙණකට ගමු මැඩෝන කියල
හැබැයි මනසින් නං දෙන්න තාම වෙනස්. මෙතනදි මානසික ලක්ෂණ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ ඕන.
මානසික ලක්ෂණ කිව්වම ගොඩක් දේවල් ඒකට අයිතියි
1. පෞරුෂය
2. උපන් දා ඉඳල තියෙන මතකය
3. චරිත ස්වභාවය වගේ දේවල්
දැං ආයෙ කතාවට එමු. රාපක්ෂගෙ මනසෙ තියෙන, එයාටම අනන්‍ය වූ ටිකයි, සිරිසේන මහත්තයගෙ මනසෙ තියෙන දේවල් ටිකයි (දෙන්නගෙම මතකයත් ඇතුලුව) අයින් කරනව. අයින් කරල මැඩෝනගෙ මනස දෙන්නටම දානව දැං මොකද වෙන්නෙ. දෙන්නම එක සමාන වෙනව. දෙන්නම දැං කතා කරන්නෙ මැඩෝන වගේ..
දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?
හැබැයි අපි දන්නව කලිං හිටියෙ මෙයා මෙයා කියල. ඒත් දැං දෙන්නගෙ වෙනස් කමක් කාටවත් කියන්ඩ පුලුවන්ද ? කොටින්ම රාජපක්ෂටවත් සිරිසේනටවත් කියන්ඩ පුලුවන්ද ? මොකද දැං එයාලගෙ මතකයත් අයින කරල තියෙන්නෙ..
මං හිතන්නෙ දැං ඔයාලට යමක් තේරෙන්ඩ ඇති කියල හිතනව
මෙන්න මේකයි මට තේරුං කරන්ඩ ඕන උනේ..
අපිට ස්ථිර ආත්මයක් කියල එකක් නෑ.. මොකද ආත්මය කියල ගත්තම, එයින් අදහස් කරන්නෙ එකිනෙකාගෙ අනන්‍යතාවය.. මං ඔයාලට දැං පෙන්නුව එහෙම අනන්‍යතාවයක් තියෙන්ඩ විදියක් නෑ කියල..
මම ඔය රූපයක් දාල තියෙන්නෙ.. කාටහරි කියන්ඩ පුලුවන්ද, තරුවෙන් පෙන්නල තියෙන්නෙ මොකද්ද කියල
රාපක්ෂගෙ ශාරීරික ලක්ෂනයි මානසික ලක්ෂණයි ඔක්කොම අයින් කලාම ඉතුරු වෙන්නෙ ඔය තරුව විතරයි
සිරිසේන මහත්තයටත් එහෙමයි. එයාටත් තරුව විතරයි ඉතුරු වෙන්නෙ..
හැබැයි මේ තරු දෙක එක සමානයි.. කිසිම වෙනසක් නෑ.. (අපි ආත්මය කියල වරද්දන් තියෙන්නෙ ඕක)
මම ඔය තරු වලට කියන්නෙ.. අපිව මේ සංසාරෙ ඉදිරියට ගෙනියන ගාමක බලය කියල.. (ආසාවන් පස්සෙ දුවන)
අපි හැමෝගෙම මේ ගාමක බලය සමානයි.. කිසිම වෙනසක් නෑ.. සංසාරෙ අපි මහුණ දෙන අත්දැකීම් අනුව, ඇති කරගන්න පුරුදු අනුව විවිධ අනන්‍ය වූ ලක්ෂණ ගොඩ නගා ගන්නව... හැබැයි ඒව කවදාවත්, හැම භවයකදිම එක වගේ තියෙන් නෑ..
භවයෙන් භවයට මාරු වෙවී යනකොට, මේ භවයෙ කෙනෙක්ගෙ තියෙන ලක්ෂණ ටික ටික අඩුවෙල, කවද හරි නැත්තටම නැති වෙන්ඩ පුලුවං.. එතකොට කලිං තිබුණ අනන්‍යතාවෙ එයාට දැං තියෙනවද ? අලුත්ම පුද්ගලයෙක් දැං ඉන්නෙ.. කලින් භවයක ඉඳල ස්ථිරව ඉදිරියට ගේන අනන්‍යතාවයක් (ආත්මයක්) නෑ..
අද ඉන්න රාජපක්ෂ යම් භවයකදි සීයයට සීයයක්ම මෛතීපාල වගේ වෙන්ඩ පුලුවං.. එතකොට අර රාජපක්ෂ කියල කියපු කෙනා කෝ ?
කලින් හිටපු රාජපක්ෂයි මේ රාජපක්ෂගෙයි වෙනසක් ඔයාලට කියන්ඩ පුලුවන්ද ? බෑ...
අඩුම ගානෙ රාජපක්ෂටවත් ඒක තේරෙන් නෑ..
මගේ ඊළඟ ත්‍රෙඩ් එක, මේකට සම්බන්ධයි
ඒකෙ ටොපික් එක තමා.. Free Will and Determinism
ඉස්සරහට බලාපොරොත්තු වෙන්න..
අද “හෙන පොර” ලබන භවයෙදි “චූ පොන්නයෙක්” වෙන්ඩ පුලුවං.. ඒ වගේම තමා ඒකෙ අනික් පැත්තත්
ජීවිතය තේරුං ගන්ඩ. යහපත් විදියට ජීවත් වෙන්ඩ

Last edited: