අනාත්ම
දැං ඔය ශාරීරික ලක්ෂණ හැමෝගෙම ඒව සමාන කලා වගේ.. අපි හිතමු මානසික ලක්ෂණත් එක මට්ටමකට ගෙනාව කියල
සමහරක් අය වසයි, සමහරක් අය අහිංසකයි. ඒ වගේ වෙනස් කං අයින් කරල, හැමෝගෙම මානසිකවත් එකම මට්ටමකට ගේනව
දැං මොකද වෙන්නෙ, ඔක්කොමල්ල එක සමානයි..
අපි මේ සංසාර ගමනෙදි, පුරුදු කරපු පුරුදු අනුව, අපිට එක එක ලක්ෂණ ලැබුන. ශාරීරිකවත් මානසිකවත්.
දැං මං මේ කතාව වෙන විදියකට කියනව
අපි ගමු මහින්ද රාජපක්ෂවයි, අපේ ජනාදිපති මෛත්‍රීපාල මහත්තයවයි..
දැං මේ දෙන්න වෙනස්. රාජපක්ෂගෙ ශරීරය අයින් කරනව. සිරිසේන මහත්තයගෙ ශරීරයත් අයින් කරනව. ඊට පස්සෙ දෙන්නටම වෙනම විදියෙ එක සමාන ශරීරවල් දෙකක් දෙනව. උදාහරෙණකට ගමු මැඩෝන කියල
හැබැයි මනසින් නං දෙන්න තාම වෙනස්. මෙතනදි මානසික ලක්ෂණ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ ඕන.
මානසික ලක්ෂණ කිව්වම ගොඩක් දේවල් ඒකට අයිතියි
1. පෞරුෂය
2. උපන් දා ඉඳල තියෙන මතකය
3. චරිත ස්වභාවය වගේ දේවල්
දැං ආයෙ කතාවට එමු. රාපක්ෂගෙ මනසෙ තියෙන, එයාටම අනන්‍ය වූ ටිකයි, සිරිසේන මහත්තයගෙ මනසෙ තියෙන දේවල් ටිකයි (දෙන්නගෙම මතකයත් ඇතුලුව) අයින් කරනව. අයින් කරල මැඩෝනගෙ මනස දෙන්නටම දානව දැං මොකද වෙන්නෙ. දෙන්නම එක සමාන වෙනව. දෙන්නම දැං කතා කරන්නෙ මැඩෝන වගේ..
දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?[/FONT]