ආදරණිය ගුණදාස කපුගේ
ලෝකයට ආදරය කල තමන්ට ආදරය නොකළ ආදරණිය මිනිසා ඔහුය. සංගීතය මනුසත්කමෙන් පෝෂණය කල සැබෑ මානවහිතවදිය ඔහුය. ලේ මස් ඇටමිදුළු නහර හාරාගෙන පපු කුහරයට කතා කල සොදුරු හඩ. අප්‍රේල් 3 වන දින වන විට ඔහු අපෙන් නික්ම ගොස් වසර 13 වේ.. එනමුදු ඔහුගේ මතකය අද එයේ සිදුවූ දෙයක් මෙනි.
https://soundcloud.com/sajharsh90/diga-angili-aga-janaka-wickramainghe
දිග ඇගිලි අග රැදුන
මියුරු සත්සර නොඑන
සංගීත කාමරය පාලුයි
ඉඳිකඩින් පැන එන්න
මග බලාගෙන ඉන්න
අම්මගේ ඇස්වලත් කදුළුයි
ගම් නියම් ගම් පුරා ඇවිද අප දැන හැඳින
අපට මග කියාදුන් මහා ඇදුරිඳු ඔබය
අපේ දුක ගැන අසන අපට වැඩියෙන් හඬන
තමන්ටම ආදරය නොකළ මිනිසා ඔබය
දිග ඇගිලි අග රැදුන
මියුරු සත්සර නොඑන
සංගීත කාමරය පාලුයි
ඉඳිකඩින් පැන එන්න
මග බලාගෙන ඉන්න
අම්මගේ ඇස්වලත් කදුළුයි
අපට යා නොහැකි මග පහසුවෙන් ඇවිද ගිය
වරෙක සුළිසුළඟ වූ සොඳුරු මද නල ඔබය
අපේ පපුකුහර තුළ නහර අැටමිදුළුවල
නින්නාද වී ඇසෙන ගැඹුරු කටහඬ නුඹය
දිග ඇගිලි අග රැදුන
මියුරු සත්සර නොඑන
සංගීත කාමරය පාලුයි
ඉඳිකඩින් පැන එන්න
මග බලාගෙන ඉන්න
අම්මගේ ඇස්වලත් කදුළුයි
රචනය - බණ්ඩාර ඇහැලියගොඩ
ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - රංජිත් බාලසූරිය
පහතින් තිබෙන ලිපිය උපුටා ගැනීමකි
මිනිසෙක් කොහිද නුඹ උන් තැන සමවෙන්ට
ප්‍රවීණ සංගීතවේදී ගුණදාස කපුගේ ගේ අනුස්මරණ දිනය හෙට (03) යෙදී තිබේ.
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කන ළඟ වාගෙම ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණි
එහෙම දුක දැණුනු රත්න ශ්‍රී මාස අටකට පසු හැන්දෑවක ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.
“ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරා ගත්තේය. අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියලු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය.
ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය අර්ථය ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලටද මුසු කළේය. ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රීයව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගලවලදී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වලදීද ඔහු ජනතාව අත් හළේ නැත. කලාවට මනුෂ්‍යත්වය ප්රදානය කළ මිනිසා ඔහුය.” එල්පින්ස්ටන් රඟහලෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.
පන්ති විඥානය ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්රතිවර්තනය වන්නේ වෛරී ස්වභාවයකින් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි ප්‍රේමය උපද්ධවාගන්නා (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සචිඥානික නොවූ), බොහෝ පාර්ශ්වයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත මිනිස් වර්ගයාට දැක්විය යුතු ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි.
කම්කරු පවුලක උපන් ඇල්ලලමුල්ල කපුගේ ගුනදාස ලංකාවේ මතෛක් බිහිවූ බහුතරයක් විරෝධාකල්පධාරීන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සිය ගීතයෙන්, සංගීතයෙන් පමණක් නොව ජීවිත භාවිතයෙන් ද දුක් විඳින මිනිසුන් සමග සිටි ඔහු වෛරය උදෙසා නොව ආදරය උදෙසා ගැයුවේය. අනුන්ගේ අයිතීන් උදෙසා තමන්ගේ බත් පත ද උන් හිටි තැන්ද අහිමි කර ගත්තේය. ඔහු ගීතයේ සැබෑ මෙහෙවර ගැන කියුවේ මෙසේය.
“සහෘදයාගේ ජීවිත පරිඥානය පුළුල් නොකර, ඔහුගේ අයහපත් මානසික භාවයන් විවේචනය නොකර, ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම පමණක් අවසන් වන ගීත වලින් සිදු වනනේ සහෘදයා ජීවිතයට යොමු කරවීම නොව, ඔහුට ජීවිතයෙන් පලා යාමට උදව් දීම පමණි. සැබෑ ගීතයත්, හරවත් ගීතයක් සෑම විටම පවත්නා දේට වඩා සුවිශේෂ අපූර්වත්වයකින්. නව ජීවන දෘෂ්ටියකින් ඉදිරිපත් වන්නකි. එවන් නිර්මාණ “විරෝධාකල්ප” පූවරුව නැතිවාට අසාධාරණයට අයුක්තියට එරෙහිව තියුණු අසිපත් සේ නැගී සිටියි. එහෙත් ඒවා කිසිම විටෙක හුදු වාර්තාමය සටන් පාඨ නොව නිර්මාණාත්මක ඕජෝ ගුණයෙන් පිරිපුන් සෞන්දර්යාත්මක කෘතීහු වෙති.” (කපුගේ - ප්‍රකම්පන කෘතියෙන්)
ඔහු කලාවෙහි ඉම් පුළුල් කරන්නේ සමාජ දේශපාලන වපසරිය තුළ පමණක් නොවේ. විප්රයෝගයෙන් නින්ද අහිමිව සිටියදී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.
ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගණඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.
වේදනාවේ සදාකාලික කටහඬ ඔහුය.
අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.
මලක් නම් වැටෙයි රැඳුනක් ගස මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
https://www.facebook.com/photo.php?...a.100723713414841.1689.100004316370744&type=1

Last edited: