ආදරණිය ගුණදාස කපුගේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1939662_761538123892793_2660748132751776815_n.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබෙ ආසම ගායකය වගෙ ,අපෙ අම්මගෙ පැත්තෙන් ටිකක් දුරින් නෑදෑ වෙනව.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටියදී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.
    ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගණඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.

    වේදනාවේ සදාකාලික කටහඬ ඔහුය.
    අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
    මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.

    :(:(:(:(:(

    අකාලයේ මිය ගිය සොඳුරු කලාකරුවෙක් :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11096521_10206224169993657_5668355043651963588_n.jpg



    ආදරණීය කපූගේ..........

    රැවක් ඇදෙන තුරැ බලා සිටිමි මම
    කොවුලන් නද දෙන බක් මාසේ
    පැලක් නොමැති හේනක තනිවී ඇත ගී ගයනා හඬ නම් නෑසේ
    රැයක් ගෙවුණි නින්දත් අහලක නැත අති දරැනුයි සසරෙහි වාසේ
    දැයක් අවදි කළ පොදු ජන මිතුරකු සිහිවී එයි කඳුළක් දෑසේ

    මුදලට බලයට නොනැමුණු හදවත පොඩි මිනිසා ළඟ උනුවූවා
    කිසිවිට තමුනගෙ අගයක් නොදැනම කුරැලකුසේ දිවි ගතවූවා
    පවුලට කන්නට බත්පත නැතිවුව අනුනගෙ කුස ගිනි පිරවූවා
    රජරට සේවෙට ලද ඒ මාරැව රජ ගමනක්සේ සැලකූවා

    දම් පාටින් ලා සඳ බැස යද්දී මිලිනවු නුබ කුස මට සිහිවේ
    තනිවී ඇති එක්ටැම්ගෙයි එළියෙන් අඳුර මකාලනු නම් බැරිවේ
    උල ලේනකූගේ ශෝකී රාවෙන් සවනඟ දුක් ගීයක් මතුවේ
    නින්දෙන් පිබිදී එනු මැන කොවුලනි පෙම් බැඳි හද තවමත් ලතවේ

    චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

    සිතුවම චානක ඩයස්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටියදී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.
    ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගණඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.

    වේදනාවේ සදාකාලික කටහඬ ඔහුය.
    අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
    මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය
    .

    :(:(:(:(:(

    අකාලයේ මිය ගිය සොඳුරු කලාකරුවෙක් :(

    :yes::yes::yes: