චයිනීස් Flagship එකක් ගත්තා...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    චයිනීස් Flagship එකක් ගත්තා...

    මම කලින් පාවිච්චි කරපු Sony Ericcson Neo V Phone එකට විශ්‍රාම දීලා අලුතින් smartphone එකක් ගන්න තීරණය කලා (Phone එකේ අවුලක් නෑ. නමුත් Display එකේ කොන් හතර කළු වේගෙන එනවා). Samsung වගේ තඩි කොම්පැනියක් පෝසත් කරනවට වඩා අවශ්‍යතාවයට ගැලපෙන Phone එකක් ගන්න හිතාගත්තා. මෙන්න මේක තමයි ගත්තේ.

    Jiayu S3 Basic
    Specs - Dual 4G LTE (Quad Band), Mediatek 64Bit Octa-Core, Mali-T760 GPU, FHD Screen etc.

    සම්පූර්ණ විස්තර මෙතන ඇති.. http://www.ejiayu.com/en/Product-18.html

    JIAYU-S3-Basic-4G-LTE-SMARTPHONE-Android-4-4-OS-MTK6752-64-bit-Octa-Core-5-5-Inch-1920-x-1080-pixels-IPS-FHD-Screen-13MP-Camera-3000mAh-2GB-16GB.png

    ගත්තේ Pandawill එකෙන්. එළකිරියේ අය කීප අවස්ථාවක ලියල තිබ්බ උපදෙස් පිළිපැද්දා. ගාන රු.25000ක් පමණයි. ගෙදරටම ටැක්ස් නැතුව ආවා. Silicon case සහ Screen Protector නොමිලේ.

    L1060607.png

    දැන් සතියක් විතර පාවිච්චි කරපු නිසා කියන්න වරදක් නෑ. Screen Size එක නම් ලොකු වැඩියි. නමුත් 5 inch සයිස් එකකට යනවා නම් කොලිටි අඩු Product එකක් තමයි ගන්න වෙන්නේ. තව අවාසියක් තමයි මේකේ තියන MTK Android Open Source නොවීම. Custom ROM/Kernels අඩුයි.

    Pre-Root කරල තියෙන්නේ. TWRP Recovery තියනවා. Gapps නැහැ (පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ.). Antutu Score 41000 විතර එනවා. GPS - GPS, GLONASS, BDS ඔක්කොම අහු වෙනවා. (සමහර Reviews වල සැටලයිට් විසි ගණනක් අහු වෙලා තියනවා. මම බලපු මේ මට්ටමේ Kingzone, Gionee, Elephone වගේ Phones වල මෙහෙම GPS හැකියාවක් නෑ.) Sensors ඔක්කොම වගේ තියනවා. LDS ඇන්ටෙනා තියනවා.

    x2015-01-10_16_30_3223.jpg.UCLOTUBQLE0r24VBpXOp026j7.png

    හැබැයි මේ Octa-core වගේ දේවල් නම් බොරු සෝබන. Cores දෙකකට වැඩිය පාවිච්චි කරන Apps තියෙන්නෙ අඩුවෙන්. අටකින් මොනව කරන්නද? නමුත් ගන්න වෙන්නෙ මාකට් එකේ තියන දේ විතරයි. අනික Reviews ඇති වෙන්න තියෙන්න ඕන. Reviews හොඳ නම් විතරක් ගන්න.

    මේක ගැන විස්තරයක් කෙටියෙන් එළකිරියේ දාන්න හිතුවේ Phone එක pimp කරන්න නම් නොවේ පොදුවේ හොඳ චයිනීස් Phone එකක් ගන්න හිතන අය ධෛර්යමත් කරන්න.

    ලොකු Phone Companies වලට ලංකාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ඇදිල යනවා. ලංකාව ජංගම දුරකථන භාවිතා කිරීම අතින් ප්‍රමුඛයෙක්. පාරෙ යන ඕනෑම රස්තියාදුකාරයෙක් අතේ Smartphones තියනවා. දවස් පඩියට වැඩ කරන මිනිස්සු පවා Samsung Galaxy phones අරගෙන යනවා. මාස කීපයක පඩි එකතු කරල Smartphones ගත්ත උන් එමට ඉන්නවා.

    තඩි කොම්පැනි පෝසත් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් නතර කරනවා නම් රටේ ආර්ථිකයට යහපතක්.

    පහලින් තියෙන්නේ පාරිභෝගිකයන්ගේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් කොල්ලකන Phone Companies වල Flagship Phones වල වටිනාකම කාලයත් සමඟ පහල යන හැටි.

    Samsung

    Samsung-Pricebaba-550x551.jpg

    Sony

    Sony-Pricebaba-550x550.jpg

    මේකෙන් පැහැදිළිව පේනවා ඔවුන් පාරිභෝගිකයන්ගෙන් සූරාකන මුදලින් වැඩි හරියක් වියදම් වෙන්නේ Phone එකට නොවන බව. ප්‍රචාරණයට/වෙළඳ දැන්වීම වලට යන මුදල මුලින් භාණ්ඩය මිලට ගන්න අයට ගෙවන්න සිද්ධ වෙනවා. නිකුත් කරල කාලයක් ගියාට පස්සේ Phone එකේ වටිනාකම 'තරමක් සාධාරණ' අගයකට එනවා. නමුත් ඒ වෙනකොට කොම්පැනියෙන් ඇතිතරම් ලාභ හොයල ඉවරයි. ඊට අමතරව කොම්පැනියට ආසක්ත වෙච්ච අය කළින් Phone එක අහක දාල අලුතින් එන Phone එක ගන්නවා. මේ විශම චක්‍රය දිගටම යනවා.

    Chinees Phones ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ නිකරුණේ වැයවන මුදල් ප්‍රමාණය අවම කරගැනීම. අනික් හේතුව තමයි අඩු මුදලට වැඩි හැකියාවකින් සන්නද්ධ Phone එකක් ලැබීම. මීට අමතරව ගෙවන මුදලින් වැඩි හරිය වැයවන්නේ Phone එක සඳහා.

    ඉදිරියේ පැමිණීමට නියමිත උසස් Chinese Flagship Phone එකක් විදිහට Meizu M1 Note ගැන හොයල බලන්න.

    ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙමයි ඕක හොද වෙන්න පුලුවන් නමුත් ගොඩක් chinese phones වල තියෙන්නේ Mali GPU/mediatek CPU ඒවා Adreno GPU/Snapdragon CPU එක්ක බලනකොට quality එකෙන් අඩුයි, performance එකෙන් අඩුයි. Adreno කියන්නේ ඉස්සර ATI mobile graphic chipsets. ඒවායේ perofmrnace එක ගොඩක් හොදයි , quality එක ගොඩක් හොදයි. නමුත් ඒක දැනෙන්නේ නෑ අළුත් phone එකක් නම් නමුත් ටිකක් කාලයක් යනකොට අළුතෙන් එන games වලදි මේක ගොඩක් දැනෙන්නේ ගන්නවා. නමුත් ඉතින් වරදක් කියන්න බෑ මොක ගත්තත්.

    Octa Core/64bit දැනට වැදගත් නෑ නමුත් ඒක අනාගතයේති වැදගත් වෙන්න පුලුවන්. ඔය Phone එකේ තියෙන්නේ Mali-T760 GPU එකක්, ඒක OpenGL Es 3.1 වලට support කරනවා, තාම OpenGL ES 3.1 games ඇවිත් නෑ මම දන්න තරමින් ,ඉතින් ඕක අවුරුදු 5/6 ක් වගේ තියාගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426

    :lol:
     
    එහෙම නම් Xiaomi පැත්තට යන්න පුළුවන්. උං කරන්නේ SD තමයි. වැදගත් දේ ගෙවන ගානට පාඩු නොවීමයි අතරමැදියට අනවශ්‍ය මුදලක් නොයාමයි. දැන් මේකේ කොම්පැනි ගාන= $147 යි. Pandawill එකට ගියේ $185. Shipping/Handling වලට ගිහින් තියෙන්නේ රු. 5000ක් විතරයි. නමුත් ඉල්ලුම වැඩි Xiaomi හා Meizu Phones වලට මීට වැඩිය ගෙවන්න වෙනවා..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    මෙහෙමයි ඕක හොද වෙන්න පුලුවන් නමුත් ගොඩක් chinese phones වල තියෙන්නේ Mali GPU/mediatek CPU ඒවා Adreno GPU/Snapdragon CPU එක්ක බලනකොට quality එකෙන් අඩුයි, performance එකෙන් අඩුයි. Adreno කියන්නේ ඉස්සර ATI mobile graphic chipsets. ඒවායේ perofmrnace එක ගොඩක් හොදයි , quality එක ගොඩක් හොදයි. නමුත් ඒක දැනෙන්නේ නෑ අළුත් phone එකක් නම් නමුත් ටිකක් කාලයක් යනකොට අළුතෙන් එන games වලදි මේක ගොඩක් දැනෙන්නේ ගන්නවා. නමුත් ඉතින් වරදක් කියන්න බෑ මොක ගත්තත්.

    Octa Core/64bit දැනට වැදගත් නෑ නමුත් ඒක අනාගතයේති වැදගත් වෙන්න පුලුවන්. ඔය Phone එකේ තියෙන්නේ Mali-T760 GPU එකක්, ඒක OpenGL Es 3.1 වලට support කරනවා, තාම OpenGL ES 3.1 games ඇවිත් නෑ මම දන්න තරමින් ,ඉතින් ඕක අවුරුදු 5/6 ක් වගේ තියාගන්න පුලුවන් වෙයි.

    kawuda kiyanne?
    issara nam uba oya kiyana kathawa hari.eth aluth MTK 64bit wala oya seen eka anith paththata wenas wela.e kiyanne un Qualcomm walata shot eka deela iwarai.eth kalin thibba reputation eka nisa api thamath qualcomm ewa gannawa wadiy.issara mtk processor eke thibuna gps awul,heating ehema dan poddakwath na kiyala kiyanne.eka nisa Open GL 3.1 awith maasayak withara nisa thamath games awith na mama danna widihata.but lagadima out wei
    :cool:

    Overall , Thread eka watinawa.anika oya phone eka patta.Jiayu kiyanne China wala supirima phone manufacturer kenek :yes:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මචන් ඕක කැඩුනොත් හදාගන්න බඩු මෙහේ තියෙනවද.