බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

    Happy-dog-tower-2.jpg


    සුරතල් සතුන් ඇති කිරීමට අප කවුරුත් සතුටුය. නිවෙස්වල ආදරයට සුරතලයට ඇති කරන සතුන් අතරින් පළමුවන තැන හිමිවන්නේ බල්ලාටය. බල්ලෙකු ගෙදර ඇති කිරීමේ මූලික හේතූන් අතර විනෝදය සහ ආරක්ෂාව මුල් තැන ගන්නා බව සැබෑය.

    එහෙත් නිවසක බල්ලකු ඇති කිරීමෙන් සතා ඇති කරන පුද්ගලයා හට අත්වන වෙනත් ඵල ප්‍රයෝජන වාසි ගැනද සිතා බැලීම කළ යුතුය.

    අධික රුධිර පීඩනය පහළට

    බල්ලකු හෝ බලු පැටියකු හෝ අතපත ගාමින් සුරතල් කරන විට මිනිත්තු කිහිපයක් තුළ එහි ගුණ ඔබට හිමි වෙයි. ඔබගේ මනෝභාවය ඉහළ නංවන “සෙරොටොනින්” හෝර්මෝන ස්‍රාවය වීම ඉහළ යැවෙන අතර ආතතිය ඉහළ නංවන “කෝර්ටිසෝල්” හෝර්මෝන ස්‍රාවය පහළ දැමීමට බලු සුරතලය උදව් වෙයි. එහි ප්‍රතිවිපාකය වන්නේ රුධිර පීඩනය පහළ වැටීමය.

    ප්‍රතිශක්තිය වර්ධනය කරයි

    ඇමෙරිකාවේ කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන් සිදු කළ අධ්‍යයනය අනුව සුරතල් සතුන්ගෙන් නික්මෙන අසාත්මික කාරකයන්ට නිරතුරුව පාත්‍රවීම හේතුකොට ප්‍රතිශක්ති පද්ධතියේ හැකියාව ඉහළ නැංවීමට සමත් වෙයි.

    මෙම හේතුව මත අත්වන ප්‍රබලතම ප්‍රයෝජනයක් වන්නේ “හොඩ්ජ්කින්ස් නොවන ලිම්පෝමා” වැනි පිළිකා සෑදීම පවා අඩු මට්ටමකට පත්වීම ලෙස ඔවූහු පෙන්වා දෙති.

    හෘදයාබාධය සුවවීම ඉක්මන් වෙයි

    ඇමෙරිකාවේ බෲක්ලින් විද්‍යාතනය සිදු කළ අධ්‍යනයකට අනුව හෘදයාබාධයක් වැළඳුන අය පුනරුත්ථාපනය වීමේ කාලය සැලකිල්ලට ගනිත්දී බලු සුරතලකු හිමි රෝගියකු එවැනි සුරතලකු නොමැති අයට වඩා හය ගුණයක් ඉක්මනින් සුවපත් වන බව හෙළිව ඇත.
    How-to-train-your-dog-for-new-owners.png

    ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා වන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලු සුරතලුන් සිය රෝගී ස්වාමීන්ට මහත් සේ හිතකර බලපෑමක් දැක්වීමට සමත් බව ඒ පිළිබඳ අධ්‍යයන සිදුකළ විද්‍යාඥයන්ගේ අදහසය.

    මහන්සිය නිවා සතුට හිමි කිරිමට බලු සුරතලා සමත්!

    රැකියාවට ගොස් හෝ වෙනත් කාර්යයකට සම්බන්ධවීම නිසා හෝ මහත් සේ වෙහෙසට පත් වූ ඔබට යළි උනන්දුවක්, ධෛර්යයක් උරුම කරදීමට බලු සුරතලා පෙරමුණ ගනියි. වෙහෙසට පත්ව මහත් ආතතියක් සහිතව ගෙට ගොඩවන විටම ඔබ දෙසට දුවමින්, ඔබට “ආමන්ත්‍රණය” කරන ඔබේ “ඇඟට ගොඩවන” බලු සුරතලා ඔබගේ වෙහෙස නිමා දමා කුල්මත් කරවන බවට සැකයක් නැත.

    ඔබව ධෛර්යමත් කිරීමට බලු සුරතලාගෙන් උදව්

    ඇවිදීමට, ව්‍යායාමයට ඔබ අකමැතිකමක්, මැලිකමක් දක්වන මොහොතක එසේ මුළුගැනිවී සිටීමට ඔබගේ බලු සුරතලා ඔබට ඉඩ නොතබනවා නිසැකය. සුපුරුදු වේලාවට නිවසින් බැහැරව යාමට ඔබ අසලට පැමිණෙන බලු සුරතලා ඔබට මේ පවසන්නේ දැන් එළිමහනේ ඇවිදීමට යාමට කාලය හරි බවය.

    dog-386681.jpg


    එවිට ඔබට සිදුවන්නේ ඔබගේ මැලිකම දුරලා බල්ලා සමඟ ඇවිදීමට යාමටය. “නොර්ත්වෙස්ටර්න්” නම් ඇමෙරිකානු සරසවිය සිදුකළ අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ සුරතල් බල්ලෙකු ඇති කරන පුද්ගලයන් සිය ව්‍යායාම පටිපාටිය නොබිඳ පවත්වාගෙන යාමට සමත් බවය.

    මේ අතර ඇමරිකාවේ මිසෝරි - කොලොම්බියා සරසවිය සිදුකළ අධ්‍යයනයකට අනුව හෙළිදරව් වී ඇත්තේ දවසකට මිනිත්තු 20 ක කාලයක් සිය සිවුපා සගයා සමඟ ඇවිදීමට යන අයෙකු පැය 6ක් තුළදී සිය ශරීර බර රාත්තල් 14කින් අඩුකර ගැනීමට සමත් වන බවය.

    මේ අතර “බලු ගති ගුණ” ගැන අප කතා කරන්නේ මහත් අපි‍්‍රයාවෙනි. එහෙත් බල්ලන්ගේ ජීවන චර්යා ගැන කතා බහ කරන සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ බල්ලන්ගෙන් අපට ඉගෙන ගැනීමට ඇති දේ බොහෝ බවය. ඉන් කිහිපයක් මෙසේය.

    ගිය දේ ගියාවේ - වෙන දෙයක් වුණාවේ

    බල්ලන් අතීතය ගැන කම්පා නොවෙති. අනාගතය ගැන සිතා නොවෙහෙසෙති. උන් ජීවිත්වන්නේ වර්තමානයේය එදිනටය. මෙම බලු සිරිත ගැන හොඳින් සිතා බලා හැකි පමණින් එය අනුගමනය කිරිමට අපට හැකිනම් අද අප මුහුණ දෙන විවිධ ගැටලුකාරී තත්ත්වයන් හා සමහර රෝග තත්ත්වයන්ගෙන් පවා අපට මිදී සිටීමට උදව් වනවා නිසැකය.

    දිනය තුටු පහටුව ගත කරයි

    බල්ලන් සෑම දවසක්ම සතුටෙන් ගත කරති. ඔවුන්ට එදිනෙදා “ව්‍යායාම” අවශ්‍යය. ඒ නිසා දුව පැන ඇවිදිති. ඔවුන් තුළ විනයක් ඇත. නිවසේ අය සපා නොකෑම සහ ආහාර ගන්නා (අප ආහාර දෙන) වෙලාව, නිදාගන්නා වේලාව අනුගමනය කිරීමට සමත්ය.

    එසේම ඔවුන්ට ආදරය අවශ්‍යය. නිවසේ අයගේ සුරතලය, අතපත ගෑම උන් ආශාවෙන් යුතුව බලාපොරොත්තු වෙති. අපටත් සතුටින් සිටීම අවශ්‍යය. ජීවිතයට විනයක් නොතිබුණහොත් සමාජයට කරදරයකි. එසේම ආදරය - සෙනෙහස අවශ්‍යය. නියමිත වේලාවකට ව්‍යායාම ගැනීම, ආහාර ගැනීම, නිදා ගැනීම සිදු කළ හැකිනම් ඒ යහපත් ජීවන රටාවකට මඟපෙන්වයි.

    බල්ලන් ඉවෙන් ප්‍රයෝජන ගනිති

    තමන් සතු ඉවකිරීමේ හැකියාව නැතිනම් “ඉව ඥානය” නිසා බල්ලන් අප මෙන් එළිය ඇති විටෙක හෝ කළුවරේ හෝ වලවල්වල නොවැටෙති.

    අපටත් මිතුරා - සතුරා, ගුණවන්තයා - දුර්ගුණයා හඳුනා ගැනීමේ යම් ඉවක් තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අප එම ගුණය ප්‍රයෝජනයට නොගෙන අමාරුවේ වැටීම් නිතර සිදුවෙයි. මිනිස් ඉව බලු ඉව තරම් ප්‍රබල නොවුවත් අපට ද ඉන් ලද හැකි ප්‍රයෝජන තිබේ.

    නහිවේරේන වේරානි
    cute-big-dogs-and-babies-12.jpg

    බල්ලන් උන් උන් නිතර පොරකති. සපාකති. එහෙත් එකෙකුගෙන් තවත් එකෙකුට බද්ධ වෛරයක් ඇතිකර නොගනිති. වරක් සපා කාගත් බල්ලන් දෙදෙනෙකු තවත් මොහොතකදී එකට වලිග සලමින් පාරේ ගමන් කරන හැටි ඔබත් දැක ඇති. මේ ගුණය මිනිසුන් තුළ නැත්තේ ඇයි? තරහා වෛරය අමතක කර සතුරා සමඟ වුව මිතුරුව ගත කළ හැකිනම් එය මහත් භාග්‍යයකි. ලොවටම සාමය උරුම කරයි.

    සවන් දීමට හුරුවන්න

    බල්ලා සවන් දීමට සමත්ය. කියන දේ අසා සිටිමින් එය අනුගමනයට උත්සාහ කරති. අප එසේ කරන්නේ දඬුවමට බියෙන් මිස ලැබෙන උපදෙස් අනුගමනයට දක්වන කීකරු කමකින් නොවේ.

    බලු ගති වුවත් අපට ඒවායින් ලද හැකි ගුරුහරුකම් බොහෝ බව ඔබටම වැටහේවි.


    cute-big-dogs-and-babies-31.jpg

    mirrorgirl



    Other Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා

    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?


    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

    අනතුර අතලග

    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

    නියම මිනිහෙක් වෙන්න බලන්න

    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

    පට්ට පටපට


    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්


    Other threads

    Natasha Belle Images collection 1 :P2
    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ට ත්‍රෙඩ් එක බන්. හෙන ආස හිතෙන ව්ත්රෙඩ් එකක් බොහොම ස්තුතියි කොල්ල
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බල්ලෝ ඇති කරන්න පුදුම ආසයි ඒත් ඌ මැරුණට පස්සේ තියන දුක කියලා නැති කරන්න බෑ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    බල්ලෝ ඇති කරන්න පුදුම ආසයි ඒත් ඌ මැරුණට පස්සේ තියන දුක කියලා නැති කරන්න බෑ

    :dull: මමනම් කරන්නෙ පට ගාල අලුතෙන් පැටියෙක් අරන් එනව හදන්න, නැත්නම් හෙනම අවුල් ඉතින් :(
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    බල්ලෙක් හදන්න ආසයි එත් බන් උන් ජරා :growl::growl::growl:කරාම දාන්නේ කොහොද අපිට ලොකු ඉඩමක් නෑ...මේක තමයි ගැටලුව බල්ලෝ හදන අය දෙන්න බලන්න උපදෙසක්....