මම පහුගිය ටිකේ මේ ෆෝරම් එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්ත.නමුත් කාටවත් කිසිදෙයක් උගන්වන්න ගියේ නෑ.කවුරුවත් මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.ඇහුවනම් දන්නා දෙයක් අනිවා කියල නොදී ඉන්නෙත් නෑ.මේ දවස්වල මම ගෙයක් හදන්න දැනුම එකතු කරනවා.මෙතන හැමෝම වගේ මට දැනුමෙන් උදවු කරනවා.මෙන්න මේකයි සහෝ වැදගත්ම දේ - යමක් ඉගෙන ගන්න ඕනේ කෙනා මොන දුකක් හරි විඳලා ඒදේ ඉගෙන ගන්නවා.මම ට්‍රේඩින් ඉගෙන ගත්තෙත් එහෙමයි(අපා දුකක් විඳලා).අසෝක් කියන්නේ දක්ෂයෙක්.එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ.නමුත් මමත් හැමදාම ප්‍රොෆිට් ගන්නවා.මම අදහන්නේ ඇලෙක්සැන්ඩර් එල්ඩර් වයි.එතුමාගේ වචන මම කට පාඩම් කළා."I find that the percentage of successful traders is higher among women. They tend to be less arrogant, and arrogance is a deadly sin in trading."ඔයාගේ උත්සාහය යහපත් උනත්,ලංකාවට නම් තවම ගැලපෙන්නේ නැති බව කිව හැකියි.මොකද ලංකාවේ අයට ෆොරෙක්ස් කියන්නේ සුදුවක්.ලංකාවේ කාන්තාවෝ යම් මොහොතක මේකට උනන්දු උනොත් වුර්තියක් විදියට මේක අනිවාර්යෙන්ම දියුණු වෙයි.දැනට ඔයා ඉගෙන ගෙන ඔයා හම්බකර ගන්න.
යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.
මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො..
මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ, අනික එහෙම හැමෝටම හරියන්නෙත් නැති වෙයි.
ඔය අශොක් ගැන දන්නවද?
ඇයි එය ට්‍රේඩ් කරන විදිය මට ගැලපෙන්නේ නැ කියන්නෙ?
ඔයා trade කරන විදිය කියන්න පුලුවන්ද?...




ඉතිරි ටික හිතා ගන්න..


