Etisalat හොරවැඩක්

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මෙය ඉතාමත් පහත්ම ක්‍රියාවකි. etisalat අන්තර්ජාල සම්බන්දතවයේ පසුගිය මස බිලට වැඩිපුර VAS යටතේ රු 170ක් එකතු කර ඇත. එම ආයතනයට කතා කර විමසු පසු ඔවුන් කියා සිටියේ Cool Club නමැති සේවාවක් මා ක්‍රියාත්මක කර ඇති බවයි. පුදුමය වන්නේ එය අක්‍රිය කිරීමට අප හට පහසුකමක්ද නොමැති බවයි. එය කෙසේද ක්‍රියාත්මක වන්නේ විමසු පසු ඔවුන් කියා සිටියේ, popup එකක් ආකාරයේ Cool Club message එකක් display වන බවයි. එය අතපසු වීමකින් හෝ press උවහොත් එම සේවාව ක්‍රියාත්මක වන බවයි.

    මගේ පැනය වන්නේ, dongle එකේ ඇති මෘදුකාංගයේ ඇති connect කියන button එක click කිරීමෙන් අන්තර්ජාලට සම්බන්ද වන්නේය. ඉන්පහු වෙබ් browser එකක් හරහා වෙබ් පිටු වලට ප්‍රවේශ වන්නෙමු. එයයි ලොව පිළිගත් ක්‍රමය. නමුත් එම ආයතනයේ සේවකයන් පවසන් ආකාරයට නොදැනුවත්ම මවිසින් Cool Club message එක click වී ඇති බවයි. ප්‍රශ්නය වන්නේ එසේ popup message එකක් පෙන්වන්නේ වෙබ් බ්‍රවුසරයේ කෙසේද යන්නයි.

    මෙය තනිකරම etisalat සමාගමේ තවත් වංචාකාරී ක්‍රියාවකි. Cool Club නමැති සේවාවේ මුදල් වටිනාකම දින 6 කට රු 30/=. නමුත් මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අදවියෙවත් කිසිදු සටහනක් නැත.

    මෙයට නිසි පිළිතුරක් වහා අවශ්‍යවේ. වෙබ් අඩවි ගැන මෘදුකාංග ගැන අවලාද, හා popup message එන අකාරය පිළිබඳව ම සමග තර්ක නොකරන්න. මන්ද මා මෘදුකාංග ඉංජිනේරුවෙකි.

    From :- http://complaintwire.org/complaint/5kUPlJrGLww/etisalat#p878139642460723047
     
    • Like
    Reactions: DimuthTharindu

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    දැන් හොදට බිල් එක බලන්න ඕනේ. popup එන්නේ බිල් එකෙන්ද දන්නේ නැහැ. :D
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං ඩයලොග් උනුත් මට ඔය වැඩේම කලා පස්සේ මම කස්ටම්කෙයර් කථා කරලා අයින් කර ගත්තා ඩයලොග් උන නම් අයින් කරලා දුන්නා බන්

    http://complaintwire.org/complaint/vEt4j0Y3uAg/dialog
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මිනිස්සුන්ගේ අතපසු වීම් වලින් සහ ඔහේ නිකන් click වෙන එක වගේ දේවල් වලින් packages active/subscribe කරන ක්‍රම නීති මාර්ගෙයන් වත් ක්‍රියාමාර්ග අරන් නවත්වන්න ඕන. හරි කරදර බන් ඕවා. එටිසලාට් විතරක් නෙවේ අනිත් උනුත් එහෛමමයි. කාලකණ්ණි :growl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තේරුම් ගනින් යකෝ etisalat කියන්නේ හොරු කියලා. මොකටද ඔය ජරාව පාවිච්චි කරන්නේ. 20GB නෙවෙයි ඕකුන් 1000GB Rs.500 දෙනවා කිව්වත් මම ගන්නේ නෑ මගුල. පුළුවන් නම් අයින් වෙයන්.:angry::angry::angry::angry:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    oya hutto matath okama kara, FB eketh thiyenawa seen godak, man pereda okunta hodatma banna balu haththa, man kiwwa hora wada karanna epa kiyala apen salli kapaganna, katha karapu pakayath oya tikama thama kiyanne :angry::angry::angry::angry::angry:

    මේක වෙලා තයෙන්නේ මගේ ෆ්ර්ඩ් කෙනෙකුට උ කියන විදියට, popup එනවලු active කරන්න. මේක එක කොහොමද එන්නේ අහනකොටම cut කරාලු.

    මුණ හිතන්නේ රටේ උන් වගේ ගොන්නු කියලද දන්නේ නැහැ. මොකක්ද හරි කරන්න වෙයි!
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඉංජිනේරුවෙකුට රු 170 ගානක් ද බන් ? අයියෝ උබලා ගෑනු වගේ නාහෙන් අඩනවා. ඕක හොද නැත්තම් වෙන කොම්පැනියකින් සිම් එකක් ගනින්.

    මමත් ඕකම කිව්වා. පොරට සීන් එක තියෙන්නේ, මොකක්දෝ මේ popup එනවලු active කරන්න කිව්වලු. උ අහන්නේ එහෙම එන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ බොරු කියලා තව කේ දෙනෙක්ගෙන් මුන් මේ වගේ හොර කරන්න ඇතිද කියලයි මුට මල. IT දන්න උන්ටත් මුන් කියන්නේ ගොන් කතානේ. එකයි උට මල.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔය හොරු රැල කලිනුත් ඔහොම එකක් කරලා සිම් එක කලා පුච්චලම දැම්ම. මුන්ට කෙල වෙන්නම ඕනේ. ලංකාවේ මිනිස්සුට හොර වැඩ කරනවට. තියන හොදම company ඔක්කොම හම්බ තමා. Dialog, etisalat. ලංකාවේ අපි අනාථයි වගේ...