Java Speech Recognition Project Give Away

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන්ලා මම අද හිතුවා මම මෙච්චර දවසක් (තාමත්) හදාගෙන යන Speech Recognition System එක ඔගොල්ලනුත් එක්ක බෙදාගන්න.මම මේ වැඩේ පටන් ගත්තේ මම ජොබ් එකක් කරන්න කටාර් ආවට පස්සේ.මගේ විනෝදාංශය විදිහට කලේ මේ වැඩසටහන develop කරපු එක.මම දිගටම එක තමයි කරන්නේ .හරි වැඩි කතා ඕනේ නැහැ වැඩේ පටන් ගමු.

    මේක මම හදල තියෙන්නේ ජාවා 8 වලින් Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.
    මේකට කරන්න පුළුවන් දේවල් කෙටියෙන් කිව්වොත් පිළිවෙලට.

    අපි දීල තියෙන විධාන මගින්,


    • පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන වැඩසටහන් ධාවනය කරන්න වගේම ධාවනය කරන වැඩ සටහන නවත්වන්නත් පුළුවන්.

    • folders open කරන්න පුළුවන්.

    • web sites open කරන්න පුළුවන්.

    • අපි දීල තියෙන email account එකේ තියෙන unread mails බලන්න පුළුවන් ඒවාට reply කරන්න පුළුවන් , ඒවා forward කරන්න පුළුවන්.එවල තියෙන attachments අපේ පරිගණකයේ අපි දීල තියෙන තැනකට බාගත කරගන්න පුළුවන්.

    • අපි දීල තියෙන WOEID (Where On Earth Identification) එකට අදාල කාලගුණ තත්වය බලාගන්න පුළුවන්.

    • අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp3 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්.

    • අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp4 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්, අපි ඒ බලපු video files delete කරන්නත් පුළුවන් (පරිගණකයේ ඉඩ වැඩි කරගැනීම සදහා).

    • අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම picture files ටික list එකකට අරගෙන view කරන්න පුළුවන් , slideshow එකක් විදිහට බලන්න පුළුවන්.

    • බාහිර විදුලි උපකරණ පාලනය කරන්න පුළුවන් , Arduino පරිපථයක් හරහා සම්බන්ධ වෙලා.

    • අපේ පරිගණකයේ තියෙන mp3 files වල tags edit කරලා , ඒ files ටික අපි දීල තියෙන තැනකට artist පිළිවෙලට හෝ genre එක පිළිවෙලට folders හදලා කොපි කරගන්න පුළුවන්(සින්දු ටික organize කරගන්න පුළුවන් , artist wise හෝ genre wise.)

    • Alarm හා Timer තියන්න පුළුවන්.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    System Default Commands

    මේකේ මම දීල තියෙන විධාන සහ ඒවායින් කරන දේවල් ටික මම මෙතන දාන්නම්(System Default Commands).


    Start Listening


    මෙම විධානය මගින් මේ application එක ඔයාගේ විධාන වලට සවන් දීම අරභනවා.

    Wake Up

    මෙම විධානය මගින් මේ application එක ඔයාගේ විධාන වලට සවන් දීම අරභනවා.

    Stop Listening

    මෙම විධානය මගින් මේ application එක ඔයාගේ විධාන වලට සවන් දීම නවත්වනවා.

    Sleep

    මෙම විධානය මගින් මේ
    application එක ඔයාගේ විධාන වලට සවන් දීම නවත්වනවා.

    Music

    මෙමගින් අපේ playlist එකට load කරන් තියෙන mp3 files ටික play කරන්න ගන්නවා.

    Start Video

    මෙමගින් වීඩියෝ player එක open කරනු ලබනවා.

    Dispose Video

    මෙම විධානය මගින්
    Video player එක close කරන්න පුළුවන්.

    Play

    මෙමගින් අපේ playlist එකට load කරන් තියෙන mp3 files ටික play කරන්න ගන්නවා.

    Pause

    මෙම විධානය මගින් කරන්නේ mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් ඒක pause කරන එක.


    Hold

    මෙම විධානය මගින් කරන්නේ
    mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් ඒක pause කරන එක.

    Resume

    මෙම විධානය මගින් , pause කරලා තියෙන mp3 file එකක් හෝ mp4
    file එකක් නැවත play කරන්න පටන් ගන්නවා.


    Next

    මේම විධානය මගින් , mp3 file එකක් හෝ mp4
    file එකක් play වෙනවනම් , ඊට පසුව playlist එකේ තියෙන file එක play කරනවා.

    Skip

    මේම විධානය මගින් , mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් , ඊට පසුව playlist එකේ තියෙන file එක play කරනවා.

    Back

    මේම විධානය මගින් , mp3 file එකක් හෝ mp4
    file එකක් play වෙනවනම් , ඊට කලින් playlist එකේ තියෙන file එක play කරනවා.


    Previous

    මෙම විධානය මගින් , mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් , ඊට කලින් playlist එකේ තියෙන file එක play කරනවා.

    Stop

    මෙමගින් play කරමින් තියෙන සින්දුව හෝ වීඩියෝ එක play කිරීම නවත්වනු ලබනවා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    System Default Commands

    Show Playlist

    මෙමගින් mp3/mp4 playlist එක open කරනවා.

    Close Playlist

    මෙමගින් open කරලා තියෙන playlist window එක close කරනවා.

    Show Watched Movies

    මෙමගින් ඔය play කරපු videos හා ඒවා play කරපු වාර ගණන පෙන්වන window එක open කරනවා.

    Close Watched Movies

    මෙම විධානය මගින් recently played videos window එක close කරනවා.

    Shuffle On

    මෙමගින් playlist එකේ තියෙන සින්දු හෝ වීඩියෝස් play කරද්දී ඒවා කලවම් කිරීමකට ලක් කරනවා.

    Shuffle Off

    මෙමගින් playlist එකේ තියෙන සින්දු හෝ වීඩියෝස් play කරද්දී ඒවා කලවම් කිරීම නවත්වා පිළිවෙලට play කිරීමට සලස්වනවා.

    Increase Volume

    මෙම විධානය මගින් අපේ Application එකේ sound වැඩි කරගන්න පුළුවන්.

    Decrease Volume

    මෙම විධානය මගින් අපේ Application එකේ sound අඩු කරගන්න පුළුවන්.


    Show Settings

    මෙමගින් settings window එක open කරන එකයි.

    Close Settings

    මෙමගින් open කරලා තියෙන
    settings window එක close කරනවා.

    Check Mail

    මෙම විධානය මගින් Email client එක open කරලා අපි දීල තියෙන mail address එකේ තියෙන සියලුම unread mails ලිස්ට් එකකට ඇතුලත් කරගන්නවා.

    Close Mail

    මෙම විධානය මගින් open කරලා තියෙන
    Email client එක close කරලා දානවා.

    Show Weather

    මෙමගින් weather report window එක open කරනවා.

    Close Weather

    මෙම විධානය මගින් Weather Window එක close කරනවා.

    Show Commands

    මෙමගින් අපි
    application එකට දීල තියෙන custom commands සහ system commands ටික බලාගන්න පුළුවන්.

    Close Commands

    මෙම විධානය මගින් open කරලා තියෙන command ලිස්ට් window එක close කරනවා.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    System Default Commands

    Show Quick Launch Panel

    මම මේකට අලුතින් එකතු කරලා තියෙනවා panel එකක් එකේ තියෙන්නේ මේකේ තියෙන sub
    applications ටිකක shortcut සහ අපි වැඩියෙන් බාවිතා කරන websites කීපයකට shortcuts කීපයකුයි.පොඩි අව්ලකට තියෙන්නේ මට බැරිඋන එළකිරි shortcut එක එකතු කරන්න.මෙමගින් කරන්නේ,අන්න ඒ panel එක open කරන එකයි.

    Close Quick Launch Panel

    මෙමගින් open කරලා තියෙන
    quick launch panel window එක close කරනවා.

    Show Tag Editor

    මෙමගින්
    mp3 files වල tags edit window එක open කරයි.

    Close Tag Editor

    මෙමගින් mp3 files වල tags edit window එක close කරයි.

    Automation On

    මෙම විධානය මගින් පරිගණකයට
    Arduino පරිපථයක් සම්බන්ධ කරලා තියෙනවනම් එකත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන බාහිර විදුලි උපකරණ හැසිරවීමට හැකි වෙනවා.

    Automation Off

    මෙම විධානය මගින් පරිගණකයට Arduino පරිපථයක් සම්බන්ධ කරලා සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවනම් ඒ සම්බන්ධතාවය නැති කරලා දානවා.

    Show Device Controller

    මෙම විධානය මගින් කරන්නේ. බාහිර උපාංග හැසිරවීම සදහා තියෙන window (Control Panel) එක open කිරීමයි.

    Close Device Controller

    මෙම විධානය මගින් කරන්නේ. බාහිර උපාංග හැසිරවීම සදහා තියෙන window (Control Panel) එක close කිරීමයි.


    Show Picture Library

    මෙමගින්
    picture viewer window එක open කරනවා.

    Close Picture Library

    මෙමගින් open කරලා තියෙන picture viewer window එක close කරනවා.

    Show Alarm

    මෙමගින්
    Alarm/Timer window එක open කරනවා.

    Show Timer

    මෙමගින් Alarm/Timer window එක open කරනවා.


    Close Alarm

    මෙම විධානය මගින් Alarm/Timer window එක open කරනවා.


    Close Timer


    මෙම විධානය මගින් Alarm/Timer window එක close කරනවා.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    System Default Commands

    Come Up

    මෙම විධානය මගින් අපේ Application (main user interface) එක අනිත් ඔක්කොම windows වල උඩට ගේනවා , එහෙම නැත්තන් Video එකක් play වෙන වෙලාවක නම් ඒ Video window එක task bar එකට minimize කරලනම් Video window එක maximize කරනවා.

    Go Down

    මෙම විධානය මගින් අපේ Application (main user interface) එක අනිත් ඔක්කොම windows වල පහලට ගේනවා , එහෙම නැත්තන් Video එකක් play වෙන වෙලාවක නම් ඒ Video window එක task bar එකට minimize කරනවා.


    Read

    මෙම විධානය මගින් select කරලා තියෙන text එකක් මේකෙන් කියවනවා , එහෙම නැත්තන් Email client එකේ අපි select කරලා තියෙන mail එක කියවනවා.

    Stop Reading

    මෙමගින්
    මේ application එක කියනවා දේ කියවීම නවතනවා.

    Type Mode On

    තමයි මෙය අපි කියන දේ type කරන්න පටන් ගන්නවා , හැබැයි තාම මන් එක හරියටම develop කලේ නැහැ.

    Type Mode Off

    මේ විධානය මගින් මෙය අපි කියන දේ type කරන එක නවත්වනවා.

    How Is The Weather

    මේකෙන් කරන්නේ අපි දීල තියෙන
    WOEID (Where On Earth Identification) එකට අදාල වර්තමාන කාලගුණ තත්වය voice එකකින් කියනවා.

    What Is The Weather Like

    මේකෙන් කරන්නේ අපි දීල තියෙන WOEID (Where On Earth Identification) එකට අදාල වර්තමාන කාලගුණ තත්වය කියනවා.

    What Day Is It Today

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දවස කියනු ලබනවා.

    What Day Is Today

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දවස කියනු ලබනවා.

    What Is The Time

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන වෙලාව කියනු ලබනවා.

    What Is Today's Date

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දිනය කියනු ලබනවා.

    Whats The Date

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දිනය කියනු ලබනවා.

    Whats The Date Today

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දිනය කියනු ලබනවා.

    What's The Time

    මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන වෙලාව කියනු ලබනවා.

    Exit

    ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.
     
    • Like
    Reactions: IDG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Main Interface

    හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන windows (sub application) ටික හා ඒවායේ අන්තර්ගතය ,මම මේ හැම එකකටම නොම්බර දාලා තියෙන්නේ , මන් ඒ පිළිවෙලට කියල දෙන්නම්.මුලින්ම අපි ගමු ප්‍රධාන interface එක



    0.Close Button

    ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.


    1.Command List Button

    මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.


    2.Quick Launch Panel Button

    මේකෙන් පුළුවන් Quick Launch Panel එක open කරගන්න.

    3.
    Video Player Button

    මෙමගින් වීඩියෝ player එක open කරනු ලබනවා.

    4.Email Client

    මෙමගින්
    .Email Client එක open කරනු ලබනවා.

    5.
    Weather button

    මෙමගින් weather report එක open කරනවා.

    6.
    Listening Indicator.

    මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ.

    7.
    Internet Connection Indicator.

    මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි.

    8.
    Volume Increase Button

    මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි.

    9.
    Volume Decrease Button

    මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි.


    10.
    Stop Button

    මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි.

    11.
    Back Button

    මේ button එක click කිරීම මගින් playlist එකේ තියෙන කලින් තිබ්බ සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

    12.
    Pause Button

    මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි.

    13.
    Play Button

    මේ button එක click කිරීම මගින් සින්දු play කරගත හැකියි .

    14.
    Next Button

    මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

    15.
    Shuffle button

    මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ.

    16.
    Playlist

    මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික එහෙම නැත්තන් (වීඩියෝ එක close කරලනම් ) පෙන්නන්නේ audio files ටික .ඔයාට අවශ්‍ය සින්දුව හෝ වීඩියෝ එක playlist එකේ search bar එකේ ටයිප් කරල(සම්පුර්ණ වචනයම අවශ්‍ය නැත ) search කරහම එකේ list එකේ පෙන්නනවා .එක click කරහම play වෙනවා.

    17.
    Settings Window Button

    මේකෙන් තමයි ඕගොල්ලන්ට මේ system ඒකට අලුත් commands දෙන්න වගේම තියෙන commands delete කරන්නත් පුළුවන්.ඒ වගේම e mail address එක මාරු කරන්න , music folder (source) එක වෙනස් කරන්න , video folder (source) එක වෙනස් කරන්න වගේම weather එකේ WOEID
    (Where On Earth Identification) එක වෙනස් කරන්නත් පුළුවන්.මේ application එකේ තියෙන ඔක්කොම settings හදන්නේ මෙතනින් තමයි (Control Panel).
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Settings Window - Commands

    හරි අපි දැන් බලමු settings window එක.එක මේ පහල විදිහට තමයි තියෙන්නේ.

    picture.php


    මේක ගැන විස්තර කලොත් , මේකේ දැනට මම add කරලා තියෙනවා tabs 4ක්. ඒවා තමයි commands , configurations , Automation system , Mp3 organizing.

    අපි මුලින්ම බලමු
    commands tab එක ගැන

    picture.php


    මේකේ නම්බර පිළිවෙලට ගත්තොත්.

    0.පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන වැඩසටහන් සම්බන්දව විධාන ඇතුලත් කිරීමට මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

    1.
    පරිගණකයේ ඇති folder open කිරීම සදහා විධාන ලබා දීමට මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

    2.websites open කිරීම සදහා
    කිරීම සදහා විධාන ලබා දීමට මෙම
    Option එකට ටික් එක දැමිය යුතුය.

    3.මේකනම් එතරම් වැදගත් දෙයක් නෙමෙයි.අපිට මෙම වැඩසටහනත් එක්ක පොඩි සංවාදයක් කිරීමට කැමතිනම් , ඒ සදහා
    විධාන ලබා දීමට
    මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

    4.ඉහත සදහන්
    Option 4න් එකකට ටික් එක දැමුවාට පසු එයට අදාල විදානය මෙතන type කල යුතුය.මෙහි තව විශේෂ දෙයක් නම් අපිට වැඩසටහනක් close කිරීමට නම් අපි command එක අනිවාර්යයෙන් දෙන්න ඕනේ close කියල පටන්ගෙනයි.
    උදා: අපිට Ms Office program එක close කරන්න ඕනේ නම් අපි command එක විදිහට දෙන්න ඕනේ close office හෝ close ms office හෝ තමන්ට කැමති විදිහකට , නමුත් close කියන වචනය ඉදිරියෙන් තිබීම අනිවාර්ය වේ.

    5.ඔබ විදානය දුන්නට පසු මෙම වැඩසටහනින් කිසියම් වදනක් පලපොරොත්තු වෙනවනම් අපිට එම වදන මෙතන type කල යුතුය.

    6.ඔබ websites කියන
    Option එකට ටික් එක දැම්ම නම් , ඔබට open කිරීමට අවශ්‍ය website URL එක මෙතන type කල යුතුවේ.එසේත් නැතිනම් ඔබ programs Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක select button(7) එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders
    Option එකටද එසේම වේ.

    7.
    programs Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක මෙම button එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders
    Option එකටද එසේම වේ.

    8.ඔබට අවශ්‍ය විධානය ලබා දීමට කල යුතු සාම පියවරක්ම අනුගමනය කලානම් එම විධානය මෙම වැඩසටහනට ඇතුලත් කිරීම සදහා මෙම button එක click කල යුතු වේ.

    9.ඔබ මේ වැඩසටහනට කලින් ලබා දී ඇති විධානයක් ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙමෙ button එක මගින් එය කල හැකිය.එය කිරීමට නම්, ඔබට ඉවත් කිරීමට අවශ්‍ය විධානය command field(4) එකේ type කර මෙම button එක click කල යුතුවේ.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Settings Window - Configurations

    හරි අපි දැන් බලමු Configurations tab එක ගැන.


    picture.php


    1.මෙතනට තමයි Email Client එකට ඔයාට දෙන්න ඕනේ email address එක type කරන්න ඕනේ.මේ email address එකට එන unread mails තමයි download කරගන්නේ.

    2.මෙතනට තමයි ඔය (1)field එකට දුන්න email address එකේ password එක දෙන්න ඕනේ.

    3.එලෙස (1) හා (2) ට අවශ්‍ය දත්ත ලබාදුන්නට පසු මෙම button එක click කල යුතුය.එතකොට තමයි මේ වැඩසටහන mails check කරලා
    unread mails download කරගන්නේ.

    4.මෙතනින් තමයි , මේ වැඩසටහනේ voice එක වෙනස් කරන්න පුළුවන් ගැහැණු කටහඩක්ද පිරිමි කටහඩක්ද ඔයාට ඕනේ කියල.හැබැයි මේකේ ගැහැණු කටහඩ වැඩ කරන්නනම් අපේ පරිගණකය ඉන්ටෙර්නෙට් connect වෙලා තියෙන්න ඕනේ.

    5.ඉහත පරිදි (4) අපිට අවශ්‍ය කටහඩ select කරලා මෙම button එක click කල යුතුවේ.
    එතකොට තමයි වැඩසටහන කටහඩ මාරු කරගන්නේ.

    6.මෙතනට තමයි අපි , කාලගුණය බලාගැනීමට අවශ්‍ය WOEID
    (Where On Earth Identification) එක දිය යුත්තේ.ඔය ඉන්න ප්‍රදේශයේ WOEID එක හොයාගන්න මෙන්න මේ සිතේ එකට යන්න
    http://woeid.rosselliot.co.nz/ , ගිහිල්ල ඔයාගේ නගරයේ නම ඇතුලත් කරලා lookup කියන button එක click කරන්න , එතකොට පහලින් පෙන්නවා
    WOEID කීපයක් , ඔය හරි WOEIDඑක කොපි කරලා මෙතනට පේස්ට් කරන්න.

    7.
    ඉහත පරිදි (6) WOEID ලබාදීල කරලා මෙම button එක click කල යුතුවේ.එතකොට තමයි වැඩසටහන කාලගුණ දත්ත බාගත කරගන්නේ.

    8.මෙම button එක click කර Audio player එකට ඔයාගේ පරිගණකයේ mp3 files තියෙන folder එක හෝ drive එක select කරලා දෙන්න.

    9.මෙම button එක click කර Video player එකට ඔයාගේ පරිගණකයේ mp4 files තියෙන folder එක හෝ drive එක select කරලා දෙන්න.

    10.මෙම button එක click කර Picture viewr එකට ඔයාගේ පරිගණකයේ picture files තියෙන folder එක හෝ drive එක select කරලා දෙන්න.

    11.මෙතනට තමයි Email Client එකේ බාගත කරගන්න mails වල තියෙන attachments save කරගන්නේ.අපි මෙම button එක click කර එම attachments බාගත වෙන ස්ථානය (folder හෝ drive ) එක ලබා දිය යුතුවේ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Settings Window - Automation System

    හරි අපි දැන් බලමු Automation System කියන tab එක ගැන.මේකේ තියෙන්නේ බාහිර විදුලි උපකරණ හැසිරවීමට අවශ්‍ය කරන විධාන ලබාදෙන්න.අපිට මෙම වැඩසටහනට Arduino පරිපථයක් හරහා බාහිර උපකරණ 6ක් පාලනය කිරීමට හැකිය.

    picture.php


    0.මේකට අපි ටික් එක දාපුවහම වෙන්නේ බාහිර උපකරණ ක්‍රියාත්මක කිරීමට (On) කිරීම සදහා අවශ්‍ය විදාන ලබා දීමයි.

    1.
    මේකට අපි ටික් එක දාපුවහම වෙන්නේ බාහිර උපකරණ ක්‍රියා විරහිත (Off) කිරීම සදහා අවශ්‍ය විදාන ලබා දීමයි.

    2.මෙතන තියෙන්නේ අපිට විධානය ලබාදීමට අවශ්‍ය උපකරණයට tick එකක් ලබාදීමයි.

    3.මෙතනට අපි ලබාදෙන්න ඕනේ එම උපකරණය ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාවිරහිත කිරීමට අවශ්‍ය , අප විසින් ලබා දෙන විධානයයි.

    4.
    මෙතනට අපි ලබාදෙන්න ඕනේ එම උපකරණය ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාවිරහිත කිරීමට අප විධානය ලබා දුන් විත වැඩසටහනින් යම් වදනක් පැවසීමට අවශ්‍ය නම් , එම වධන අපි මෙතන type කල යුතුය.

    5.ඉහත ආකාරයට (0 හෝ 1 , select කර , 2,3,4)
    අදාල දත්ත ලබා දී , මෙම වැඩසටහනට එම විධාන ඇතුලත් කිරීම සදහා මෙම buttons click කල යුතු වේ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Settings Window - Mp3 Organizing

    අපි දැන් බලමු මොකක්ද මේ Mp3 Organizing කියන tab එකෙන් කරන්නේ කියල.මේ tab එකේ තියෙන්නේ mp3 files වල tags edit කරන application එකේ settings ටිකයි.මේ application එකේන් mp3 files වල tags edit කරන එකට අමතරව තව කරන දෙයක් තමයි ඒ සින්දු ටික artist පිළිවෙලට හෝ genre (Song type) පිළිවෙලට එක තැනකට කොපි කරන එක , සරලව කිව්වොත් සින්දු ටික organize කරන එක.

    picture.php


    1.මෙතන අපිට මේ button එක click කිරීම මගින් දෙන්න තියෙන්නේ , අපි මේ tags edit කරපු සින්දු ටික පිලිවෙලකට අසුරන්න ඕනේ ස්ථානය(path එක ).

    2.මේකට tick එක දාපුවහම වෙන්නේ , අපි සින්දු ටික අපි දුන්න තැනට අසුරන කොට ඒ සින්දුවේ file name එක වෙනස් කරනවා සින්දුවේ title එකට.
    උදා:

    Before Tag Edit & Organize :

    Song Name : Song.mp3
    Song Title : Cinema
    Song Author: Gary Go


    After Tag Edit & Organize :

    Song Name :
    Cinema.mp3
    Song Title : Cinema
    Song Author: Gary Go


    3.මේකට tick එක දාපුවහම වෙන්නේ , අපි සින්දු ටික අපි දුන්න තැනට අසුරන කොට ඒ සින්දුවේ file name එක වෙනස් කරනවා සින්දුවේ title එක හා සින්දුවේ අයිතිකාරයා හැටියට .

    උදා:

    Before Tag Edit & Organize :

    Song Name : Song.mp3
    Song Title : Cinema
    Song Author: Gary Go


    After Tag Edit & Organize :

    Song Name :
    Cinema-Gary Go.mp3
    Song Title : Cinema
    Song Author: Gary Go


    4.ඉහත ආකාරයට (2,3) සින්දුව rename කිරීමට අවශ්‍ය පිළිවෙල select කලට පසුව මෙම button එක click කල යුතු වේ.

    5.
    මේකට tick එක දාපුවහම වෙන්නේ , අපි සින්දු ටික අපි දුන්න තැනට අසුරන කොට ඒ සින්දු අසුරන පිළිවෙල වෙන්නේ genre එක හැටියටයි .ඒ කියන්නේ rock වෙනම hip-hop වෙනම sinhala වෙනම ඒ විදිහට.එහෙම මුලින් folder හැදිලා ඒ ඒ අදාල genre එක ඇතුලේ artistගේ හැටියට වෙන වෙනම වෙන් කරනවා සින්දු ටික.ඒ කියන්නේ , මුලින් සින්දු ටික වර්ග කරනවා rock වෙනම
    hip-hop ඊට පස්සේ rock කියන folder එක ඇතුලේ linkinpark වෙනම Breaking Benjamin වෙනම Korn වෙනම , Hip-Hop එක ඇතුලේ Eminem වෙනම 50Cents වෙනම Lil Wayne වෙනම.

    6.මේකට tick එක දාපුවහම වෙන්නේ , අපි සින්දු ටික අපි දුන්න තැනට අසුරන කොට ඒ සින්දු අසුරන පිළිවෙල වෙන්නේ artist හැටියටයි .ඒ කියන්නේ Amaradewa වෙනම Nanda Malani වෙනම Linkinpark වෙනම ඒ විදිහට.

    7.
    ඉහත ආකාරයට (5,6) සින්දුව වර්ග කිරීමට අවශ්‍ය පිළිවෙල select කලට පසුව මෙම button එක click කල යුතු වේ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම බෙනා;18344642 said:
    ela macho...aparde kalin eke 2 ta cmmnt kale mama :sorry:
    Ai maru kale :(
    Ko dendko ithn.pm ekak danwada :)

    sorry මචෝ මම කලින් එක දල තිබිල තියෙන්නේ එළකිරි චැට් එකේ, මේක දැම්මේ එළකිරි talks එකේ.මම මචන් pm එකක්නම් නෙමෙයි නිකන් msg එකක් දැම්ම.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Command List

    අපි අද බලමු Command List එක ගැන (Main Interface - 2).මේකෙනම් කියන්න තරම් වැඩි විශේෂ දෙයක් නැහැ .මේකේ තියෙන්නේ අපි මේ system එකට දීල තියෙන සියලුම විධාන ටික සහ මේ system එකේ තියෙන default commands ටික .

    picture.php
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Weather Report

    මේකේ තියෙන්නේ අපි settings වලදී දුන්න WOEID (Where On Earth Identification) එකට අදාල කාලගුණ තත්වය report එකක් විදිහට පෙන්නන එකයි.මේකෙදි අපිට පෙන්නනවා නගරය , උෂ්ණත්වය , සුළගේ වේගය , අර්දතාවය , හිරු නැගීමේ හා බැසීමේ වෙලාව වයුගොලිය පීඩනය වගේ දේවල්.

    picture.php
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Email Client

    මම දැන් පෙන්නනම් Email Client එක ගැන.මේකෙදි වෙන්නේ අපි settings වලදී දුන්න email address එකට එන අලුත් emails , unread emails check කරලා අපිට ඒවා බාගත කරගෙන පෙන්වන එකයි.මෙහිදී අපිට අලුත් mail එකක් ආවහම main interface එකේ තියෙන email button එක කහ පාට වෙන අතර අපිට sound alert එකක්ද ලබා දෙයි.මේ පහලින් තියෙන්නේ Email Client එකයි.මම එක ගැන විස්තර කරන්නම්.

    picture.php



    picture.php



    0
    .මෙම ලිස්ට් එකේ පෙන්නන්නේ Email Client එක විසින් බාගත කරපු අලුත් emails .මෙම ලිස්ට් එකේ තියෙන mails (records) click කරපුවහම ඒ mail එකේ content එක (1) පෙන්වන අතර එහි ඇති attachments (2) හි පෙන්වයි.

    1.ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ content එක මෙම ස්ථානයේ පෙන්වනවා.

    2.ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ ඇති attachments මෙම ස්ථානයේ පෙන්වනවා.එම attachments මත click කිරීම මගින් එම attachments open කරගත හැක.එහෙම නැත්තන් ඒ attachments වල සොෆ්ට් කොපි එක අපි settings වලදී attachments කියන තැනට දීල තියෙන path එකට ගියහම එතනට බාගත වෙලා තියෙනවා.

    picture.php



    3
    .මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එකට reply කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.එහි attach files කියන button එක click කිරීම මගින් අපිට එම reply එකට files attach කරගත හැකියි.


    picture.php



    4.මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එක වෙනත් කාටහරි forward කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.මෙහිදී එම window එකේ,

    (0) මෙම ස්ථානයට අපි මේ mail එක forward කල යුතු email address එක type කල යුතු වේ.

    (1)මෙම ස්ථානයට තමයි අපි දෙන්න ඕනේ msg එක type කරන්න ඕනේ.

    (2)මෙම ස්ථානයේ තමයි කලින් mail එකේ තිබ්බ attachments තියෙනවනම් ඒවා පෙන්නන්නේ.

    (3)මෙම
    button එක click කිරීම මගින් අපිට මේ forward කරන mail එකට අමතර files attach කරගත හැකියි

    (4)මෙම button එක click කිරීම මගින් මෙම mail එක අදාල mail address එකට සෙන්ඩ් කරනු ලබයි.


    picture.php

     
    • Like
    Reactions: itguy

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    එල මචෝ . උබේ ඊ මේල් එකත් පේනවා.කැමති නම් විතරක් එක පේන්න දන්න. :) :) :) :)