විවාහය සහ පොරොන්දම් ගැළපීම ජ්‍යොතිෂ්‍ය ඇ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විවාහය සහ පොරොන්දම් ගැළපීම ජ්‍යොතිෂ්‍ය ඇ



    විවාහය සහ පොරොන්දම් ගැළපීම ජ්‍යොතිෂ්‍ය ඇසින්



    විවාහ මංගල උත්සවයක් සිදු කිරීමේ දි ජ්‍යොතිෂ්‍යවේදීන් පොරොන්දම් ගැළපීම අනිවාර්ය කාරණයක් ලෙස පැවසුව ද ජ්‍යෙතිෂ්‍යයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ විවිධ මත පවතින බැවින් එය විවාහවන යුවළගේ අභිමතය පරිදි සිදු කළ යුතු කාරණයකි.


    විවාහ මංගල උත්සවයක් සඳහා ශ්‍රි ලංකාවේ තවමත් හිමි ව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. මන්ද කුඩා දරුවෙක් මෙලොව බිහි වූ දා පටන් විවිධ අවධීන් පසු කරමින් ගෙවන ජීවිතයේ සොඳුරුත ම කාල සීමාව නම් තරුණ වියයි. තරුණ තරුණියෝ ආදරය සොයා යන්නේ, ආදරය සොයා පැමිණෙන්නේ නිරායාසයෙනි. එහි දී බොහෝ විට බොහෝ දෙනෙක් පෙම් සබඳතා පවත්වා අවසානයේ විවාහවීම දක්නට ලැබේ. එසේ ම විවාහ යෝජනා සම්මතවීමෙන් අනතුරු ව ද විවාහ මංගල උත්සව පවත්වයි.

    ඒ කුමන ආකාරයේ විවහායක් වුව ද චාරිත්‍රානුකූල ව සිදු කිරීමේ දී ඔවුන් පොරොන්දුම් ගැළපීමට අවස්ථාවක් ලබා දෙයි. එලෙස පොරොන්දම් ගැළපීමේ දී අදාල යුවළ නොගැළපේ නම් විවාහාය නතර කර දැමීමට ද කටයුතු කරන අවස්ථා ද අවැසි තරම් දක්නට ලැබේ. පොරොන්දම් ගැළපීම නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වූ බොහෝ දෙනෙක් විවාහය ප්‍රමාද වී සිටිනු දැක ගත හැකි ය. එහෙත් ඇතැමෙක් ඒවා සැළකිල්ලට නොගෙන අදාල කටයුතු සිදු කරයි. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුව ද බොහෝ දෙනෙක් ඒවා තරයේ විශ්වාස කරයි.

    මන්ද ඔවුන් ඒවායේ තරයේ එල්බ සිටින බැවින් පොරොන්දම් නොගළපා විවාහ වුවහොත් පසුව විවිධාකාරයේ කරදර කම්කටොළුවලට මුහුණ පෑමට සිදුවන බවට ඒවායේ සඳහන් ව තිබේ. ඒවා කුමක් වුවත් වත්මන් සමාජයේ විවාහයෙන් පසු මාරක අනතුරු සිදු වී බේරුණු පුද්ගලයින් ද මාරක අනතුරුවලින් එක් පුද්ගලයෙකුගේ හෝ දෙදෙනාගේ ම දිවි අහිමි වූ පුවත් ඔබ අසා ඇති. එහි දී ඔවුන් අතරින් බොහෝ දෙනෙක් පවසන්නේ පොරොන්දම් ගැළපුවා නම් මෙවැනි විපතක් සිදු නොවනවා ය යන්නයි. ඇතැමෙන් එවැනි සිදුවීමකට මුහණ පෑමෙන් අනතුරු ව පොරොන්දම් විශ්වාස නොකිරීම සම්බන්ධයෙන් දැඩි කනසැල්ළකින් පසුවෙයි.

    කරුණු කාරණා කෙසේ වුව ද සිදුවීමට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට කවරෙක් කුමක් කියූව ද එය අනිවාරයෙන් සිදුවන බව සිහි තබා ගන්න. එසේ නම් පොරොන්දම් ගැළපීම කුමක් ද යන්න විමසා බලමු. පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිතුම් පැතුම්, චර්යා ආදිය ගැළපේ ද යන්න ජ්‍යොතිෂ්‍යාස්ත්‍රානුකූල ව නිමානය කිරීමයි.

    පොරොන්දම් ගැළපීම
    පොරොන්දමක් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ ගැළපීම එකේ සිට තුන දක්වා (හෝ එකේ සිට පහ දක්වා) පරිමාණයකට සංඛ්‍යාත්මක ව ගනණය කිරීමයි. අවසානයේ දී බලන පොරොන්දම්වල ගැළපීම එකතු කර පොරොන්දම් ගනණෙනෙන් බෙදා සාමාන්‍යය ගනී. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙස ද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැළපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සළකයි.

    චන්ද්‍රයා
    පොරොන්දම් ගැළපීමේ දී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැළපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ෂ ව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත.

    නක්ශත්‍ර පොරොන්දම
    පුද්ගල සබඳතා, ජීවිත අරමුණු සහ ආකල්ප පිළිබඳ කියැවෙයි.

    ගණ පොරොන්දම
    පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය පිළිබඳ කියැවෙයි.

    ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේ දී, 1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ ආකාරය විමසීමේ දී දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇති වේ.

    දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.
    දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි
    මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි

    ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇති වේ. ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් අශූභයි.

    තමන්ගේ සහකාරිය හෝ සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිත ව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. එහෙත් මෙහි දී "රාක්‌ෂ" යන්නෙන් අදහස් වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි.

    මහේන්ද්‍ර පොරොන්දම
    මෙය විවිධ කරුණු පිළිබඳ කියන සංයුක්ත පොරොන්දමකි.
    ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක්‌ වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි.

    ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
    විවාහ දිවිය සාමදානයෙන් ගෙවේ ද, දබර ඇති වේද යන්න පිළිබඳ කියයි. පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක්‌ දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහි දී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටළු ඇති වේ.

    ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහි දී ස්‌ත්‍රිය සමග ගැටීම්, මතභේද ඇති වේ. 10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ. 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකි වේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ.

    යෝනි පොරොන්දම
    ජන්ම පුරුදු හේතුවෙන් ගැටුම් ඇතිවේ ද යන්න පිළිබඳ කියයි. ලිංගික තෘප්තිය පිළිබඳ මින් සළකා බලයි. මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිණි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

    මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ/අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේ ද කියා විමසා බලමු. එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම ශුභ වේ.

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

    මෙම යෝනි පොරොන්දම ගැළපීමේ දී වෛර යෝනිවලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථකවීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුන ද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතු වේ.

    අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැකි ය. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි. ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපි ද තිබේ නම් එය ද ශුභයි. දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපි ද තිබේ නම් එය ද ශුභයි.

    දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි. දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි. එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එය ද ඉතාම අශුභයි. එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.

    රාශි පොරොන්දම
    බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතු ය. දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි. දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශිවලින් දෙකක්‌ උපන්නේ නම් ශුභයි.

    ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි. මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස්‌ දෙකකි. ස්‌ත්‍රී රාශියක්‌ ස්‌ත්‍රියට, පුරුෂ රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් ශුභයි. ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි. ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක්‌ පුරුෂයාට වී නම් අශුභයි. දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.

    රාශ්‍යාධිපති පොරොන්දම
    බාහිර සමාජය සමග සබඳතා පිළිබඳ කිය වේ.

    වශ්‍ය පොරොන්දම
    එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය පිළිබඳ කිය වේ.

    රජ්ජු පොරොන්දම
    මව පිළිබඳ කියැවෙයි.

    වේධ පොරොන්දම
    අඩ දබර ඇතිවේද, නොවේ ද යන්න පිළිබඳ කියයි.

    වෘක්ශ පොරොන්දම
    දරු ඵල පිළිබඳ කියැවේ. කිරි වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වේනම් ඉක්මනින් හොඳ දරුවන් ලැබේ කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිඟ වේ.

    ආයුශ පොරොන්දම
    මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩු ශේෂය ඇති අය අඩ්කල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්‍රත්‍යක්ෂ වී ඇත. නැකැත් රාශි, රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීම ඇති තැන්වල දී මේ මතය බිඳ වැටී ඇත. පක්ශි පොරොන්දම, භූත පොරොන්දම, ගෝත්‍ර පොරොන්දම ආදි පොරොන්දම් වඩාත් වැදගත් නොවේ. පැරණි බමූණන්ගේ මතයක් වේ. එකම ගෝත්‍රයක අය විවාහවීමට සූබ යැයි පැවසේ.

    වර්ණ පොරොන්දම
    මෙම පොරොන්දමෙන් ජාතියේ වර්ණ තෝරා බේරා දීම සිදුවෙයි. ස්ත්‍රී පූරුෂ දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත් ය.

    ලිංග පොරොන්දම
    වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැළකේ. පුරුෂ ලිංග පුරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම සුදුසු වේ.

    නාඩි පොරොන්දම
    රුධිර ගැළපුම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවන් මින් සළකා බලයි. ලේවල පිත්, සෙම සමතාව තුළින් නාඩි ගළපනු ලබයි. අෂ්ඨකූට පරීකෂාවේ දී වැඩිම සංඛ්‍යාවවන අට හිමිවන්නේ මෙයටයි.

    දින පොරොන්දම ද එතරම් වැදගත් නොවේ.

    ග්‍රහ පොරොන්දම
    ස්ත්‍රී කේන්දරයේ ලග්නයෙන් ද, චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් සත්වැන්නේ සහ අටවැන්නේ ද බලරහිත ග්‍රහයන් විශේෂයෙන් කුජ, රාහූ, ශනි වැනි පාපයන් සිටීමේ දී ලග්නයේ බලරහිත පාප ග්‍රහයන් සිටීම ද චන්ද්‍ර සිකුරු දෙදෙනා පාපග්‍රහයන් සමග සිටීම ද යන කරුණු ස්ත්‍රී කේන්දරයේ තිබේ නම් පුරුෂයාට විවිධ කරදර මාරක බාධක දෝෂ පූරුෂ වියෝව ද ඇති කළ හැකි ය. මෙවැනිම තත්ත්වයක් පුරුෂ කේන්දරයේ යෙදේ නම් දෙපැත්ත සමබර වෙයි. දෙපැත්තටම මෙම කාරණාව පොදුවන අතර භාවස්ථුට, ග්‍රන්සථුට සහිත භාව කේන්ද්‍ර ක්‍රමයෙන් බැහැරව විනිශ්චය නොගත යුතු ය.

    අෂ්ඨකූටයට මුල්තැන දී ඒවා සුදුසුකම් අනෙක් පොරොන්දම් සමබර ව තිබේ නම් ප්‍රමාණවත් ය. එහෙත් කවර තැනක දී වුව ද අවසන් තීරණයක් ගත යුත්තේ ග්‍රහ පොරොන්දම් නිසි ගැළපීම අනුවවන බවට විශ්වාසයක් පවතී.

     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. :baffled::baffled::baffled::baffled::baffled:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. :baffled::baffled::baffled::baffled::baffled:
    දෙකටම යකෝ කියලා තියෙන්නේ ,අලි එකකකින් මි කුට කෙටුවොත් ගැලපෙන්නේ නැනේ එක ගැන තමා කියන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පොරොන්දම් ගැලපීමේදී අශුබ (දෝෂ භංග) කියන්නේ මොකද්ද ?