Area 51 - The Movie

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka


Area 51 කිව්වම නොදන්නෙ කවුද නේද? ඇමෙරිකාවේ නොවාඩාවල තියෙන හමුදා කඳවුරක් තමයි Area 51 කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙ. මේ Area 51 ප්‍රදේශයට ඔයාට යන්න ලැබුණොත්? අනිවාර්යයෙන්ම යනව නේද? රීඩ්, ඩැරන්, බෙන් කියන්නෙ යාළුවෝ තුන්දෙනෙක්. සාමාන්‍ය කට්ටිය. එක දවසක් පාටි එකකදි (දන්නවනෙ ඉතින් පාටි මොන වගේද කියලා) මේ රීඩ් කියන යාළුවා එකපාරම අතුරුදන් වෙනවා. ඩැරන්, බෙන් එයාව හොයල හොයල අන්තිමේදි හොයාගන්නව. ඒත් රීඩ් ටිකක් අමුතුවෙලා…
මාස තුනක් ගතවෙනවා…
මේ යාළුවෝ තුන්දෙනා සැලැස්මක් හදනව මේ මං මුලින් කිව්ව Area 51 එකට කඩාවදින්න… ඒත් ලෝකේ ආරක්ෂිතම කඳවුර කියල හඳුන්වන තැනට නිකන්ම නිකන් කොල්ලො තුන්දෙනෙක්ට හොරෙන් යන්න පුළුවන් වෙයිද?කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා කියමුකො. ඇතුලෙ මොනා ඇත්ද? කියනව වගේ ඇතුලෙ පිටසක්වල ජීවීන් ඉඳීද? චිත්‍රපටය බලලම තේරුම්ගන්න…
ලිපිය අවසන්කරන්න කලින් මං මේ Area 51 කියන ප්‍රදේශය ගැන යමක් කමක් කියන්නම්…
1947 දි ඇමෙරිකාවෙ රොස්වෙල් කියන ප්‍රදේශයට හඳුනා නොගත් යානවක් කඩාගෙන වැටුණා. එතන බලධාරීන් කිව්වා එතනට පිටසක්වල යානයක් කඩාගෙන වැටුනා කියල. ඒත් ටික දවසකින් ආයෙත් එයාල කිව්වා ඒ වැටුණෙ පිටසක්වල යානයක් නෙවෙයි ඒක නිකන්ම කාලගුණ බැලූනයක් කියල. ඒත්… ඒක පිළිගන්න මිනිස්සු කැමතිවුනේ නෑ… ඒක කියන විදිහෙ කාලගුණ බැලූනයක් නම් ඇයි ඒක හඳුනාගන්න බැරිවුනේ ඒක වැටුණ ගමන්ම? මේ සිද්ධියෙන් පස්සෙ තමයි ඇමෙරිකාවේ රහසිගත හමුදා මූලස්ථානය “Area 51″ කියන ප්‍රදේශය කරලියට ආවෙ. එහෙ බලධාරීන් මේ Area 51 කියන ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් කලා. ඒත් එක්කම ඒ ප්‍රදේශයේ කලින් අරන් අන්තර්ජාලයේ තිබුණු ඡායාරූප වහාම ඉවත්කලා. මේ හේතුව නිසාම මේ Area 51 කියන ප්‍රදේශය ගැන නොයෙක් කටකතා පැතිරුණා…
මෙහෙම පැතිරුණු කතාවන් අතරෙ තියෙනව මේක ඇමෙරිකානු රජය හා පිටසක්වල ජීවීන් හමුවෙන්න යොදාගන්නා තැනක්ලු. මේක රහස් මෙහෙයුම් කරන තැනක්ලු. මේකෙ ක්ලෝනීයකරණය ගැන පරීක්ෂණ පවත්වනවලු. මේවගෙන් වඩාත්ම ප්‍රසිද්ධම කතාව තමයි මේ Area 51 කියන ප්‍රදේශයේ 1947 දි රොස්වෙල් වලට කඩාගෙන වැටුණු පිටසක්වල යානය යොදාගෙන ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරනව කියන එක. මේ අතරෙ කටකතා පැතිරුණා කඩාවැටුණු යානයේ හිටපු පිටසක්වල ජීවියෙක් මිනිසුන්ට උදව්කරමින් ඉන්නව කියන එක. මේව කොහොම ඇත්තද බොරුද කියන්න ඇත්තටම මේ Area 51 ප්‍රදේශයට යන්නම වෙනවා.
ඒවගේම තමයි මේ පිටසක්වල යානය ප්‍රතිනිර්මාණය කරන එක, පිටසක්වල ජීවියෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා කියන එක නිකන් සාමාන්‍ය පුද්ගලයින් කියපු කතා නෙවෙයි. ඒවා මේ Area 51 ප්‍රදේශයේ රාජකාරි කරපු අය මියගියාට පස්සෙ හෙලිවුණ කරුණු. ඒක නිසා මිනිස්සු මේව බොරු කියල ඉවතදාන්නත් කැමති නෑ…
මේ හැම රහසක්ම සඟවගෙන Area 51 කියන ප්‍රදේශය තවමත් රහසිගතව පවතිනවා… චිත්‍රපටය බාගෙන යන ගමන් අදහස් කියල යන්න කියල ඉල්ලන ගමන් අනිත් කාරණේ තමයි මේකත් Project Almanac (2015), The Pyramid (2014) චිත්‍රපට වගේ Found Footage ආකාරයේ චිත්‍රපටයක්.
** Found footage කියන්නෙ මොකක්ද?
Found Footage කියන්නෙ චිත්‍රපටි සාමාන්‍ය ආකාරයෙන් වෙනස්ව චිත්‍රපටයේ චරිත අතින්ම කැමරාව හසුරවමින් කරන චිත්‍රපට. ඒත් මේ චිත්‍රපටවල අවසානයේදී ඒ රෙකෝඩ් කරපු දත්ත නැතිවීමක්, චරිත සියල්ල මියයාමක් වෙනවා. ඒ හේතුව නිසා වෙනත් කෙනෙක් මේ කැමරාවන් හොයාගෙන editing සිදුකරලා නිපදවන ආකාරයට කරන චිත්‍රපට තමයි Found Footage චිත්‍රපට කියන්නෙ. පහුගිය දවස්වල නිකුත්වුන බොහෝ චිත්‍රපට මේ Found Footage ආකාරයේ චිත්‍රපට…
ගොඩක් අවස්ථාවල මේ Found Footage ආකාරයේ චිත්‍රපට වලට ඉහළ imdb අඟයන් ලැබෙන්නෙ නෑ. මේ චිත්‍රපටයට ලැබිල තියෙන imdb අගය 4.2 ක්. ඒ වගේම paranomal activity චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයාම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලේ.

Source: බයිස්කෝප් අඩවිය
 
Last edited:

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ට්‍රේලරේ බලපුවහම නං හිතෙන්නෙ ලෝ බජට් film එකක් වගේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    රඹා;18380511 said:
    ට්‍රේලරේ බලපුවහම නං හිතෙන්නෙ ලෝ බජට් film එකක් වගේ

    low newei bun me magula no budget ekak :P