ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

    ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

    යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක්‌ වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්‌දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක්‌ හටගෙන තිබේ. දූෂකයන් පස්‌දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක්‌ යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස්‌ රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස්‌ සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් ආරක්‍ෂක අංශවලට සිදුවිය. මෙය උතුරේ සිදු වූවක්‌ ලෙස සිතා, දෙමළ ජාතික පිරිමින් විසින් දෙමළ ජාතික දැරියකට කළ අසාධාරණයක්‌ ලෙස කියා ඇඟ බේරාගෙන කරබාගෙන සිටීමට දකුණේ සිටින අපට බැරිය. මන්ද, මරාදමන ලද මේ දැරිය අපගේ දියණියකි. අපගේ සහෝදරියකි. ඇය මිය යන්නේ උග්‍ර වේදනාවක්‌ විඳීමෙන් පසුවය. ඇගේ පිරිසිදුකම, නොයිඳුල් සිවුමැලි සිරුර සාහසිකයන් විසින් තලා පාගා දමන ලදී. මෙය මිනිස්‌කමට කෙළ ගැසීමකි. තරුණියකගේ පාරිශුද්ධත්වය මත වසුරු හෙළීමකි. උන් දරුණු වධයට ලක්‌ කර මරා දැමිය යුතුමය. එහෙත් එය කළ යුත්තේ කයිට්‌ස්‌ දූපතේ වැසියන්, යාපනයේ පදිංචිකාරයන්, දකුණෙන් උතුරට ගොස්‌ මානව අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයන් හෝ දේශපාලන කල්ලිකාරයන් නොව අධිකරණය ය. උසාවි - පොලිසි තිබෙන්නේ ඒ වැඩවලට ය. පොලිසිය අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන හැකි පමණින් යුතුකම් ඉෂ්ට කර උසාවියට ඉදිරිපත් කරනු ලැබේ. උසාවිය ඔවුන් රිමාන්ඩ් හිරගෙදරට යවයි. එතැනදී ඔවුන්ගේ වරදෙහි තරාතිරම දැන ගැනීමෙන් පසු සිරකාරයන් පවත්වන සංග්‍රහයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ.

    එහෙත් මෙවැනි ක්‍රියාදාමයක්‌ තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස්‌ ගණනක්‌ දෙනා ඉදිරිපත් වීම ටිකක්‌ අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක්‌ පොලිසිය සතුව නැත. එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක්‌ ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්‌ත්‍රී දූෂණ සිදුවීම් දෙකක්‌ නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධකරුවන් පැහැර ගත් zගමේ කට්‌ටියZ ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්‌ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක්‌ පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්‌සයෝ වෙමු.

    යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක්‌ යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්‌සවිය හැකිය. එසේ තිබියදී උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්‌ද වෙති. ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්‌ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.

    කතුවැකිය - දිවයින

    උතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"

    පුන්ගුඩුතිව්හිදී පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියට මුවා වී උතුරේ කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට මුල් වූයේ කවුරුන්ද?

    jaf1.jpg

    පසුගිය බදාදා දෙමළ ගුරු සංගමය යාපනයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් එම සිද්ධියට විරෝධය පෑමක්‌ ලෙස දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්‌ කැඳවා තිබුණි.

    මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්‌ථාවේ යතුරු පැදිවල නැඟගත් ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ කෑ ගසමින් යන අයුරු දක්‌නට ලැබී ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් ප්‍රචණ්‌ඩකාරී වදන් පවසා තිබේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් එදා දියත් කළ කැන්ගරු නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇති වූ තත්ත්වය මර්දනය කිරීමට පොලිසියට පමණක්‌ නොහැකි වන බව උතුරේ පොලිස්‌ බලධාරීන්ට සනාථ වීම නිසා හමුදා සහාය ලබා ගැනීමට ද තීරණය විය. එහෙත් ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් හමුදාව කැඳවීමෙන් වළකින ලෙස පොලිස්‌ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

    පුන්ගුඩුතිව් සිදුවීම ගැන පුන්ගුඩුතිව් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක රැස්‌වීමක්‌ද පැවැත්වී ඇත.

    එම රැස්‌වීමේදී ප්‍රකාශ වූයේ අතවර සිද්ධියට සම්බන්ධ මාලිංග ශෂිකුමාර් නමැත්තා කොළඹට පලාගොස්‌ ඇති බවයි. ඒ වන විට ශෂිකුමාර් නමැත්තා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට නීතිවේදියකු වූ තමිල් මාරන් නැමැත්තකු පැමිණ තිබේ. මොහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි බව පසුව වාර්තා විය. මෙකී රැස්‌වීමට ඉලංකෙයි තමිල් අරසුකච්චි නමැති පක්‍ෂයේ සභාපති මාවයි සේනාධිරාජා ද සහභාගි වී ඇත.

    තමා රැස්‌වීමේ සිට පැමිණෙන අවස්‌ථාවේ තරුණයන් කීපදෙනකු යතුරුපැදිවලින් වේගයෙන් යනු දුටු බවත් ඔවුන් කවුද කියා දන්නේ නැති බවත් මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

    එහෙත් එකී රැස්‌වීමට සහභාගි වූ උතුරු පලාත් සභා මන්ත්‍රී පී. ගජදීපන් අත්අඩංගුවට ගත් ශෂිකුමාර් යාපනයට ගෙන වූත් නිසි පරීක්‍ෂණයක්‌ කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමග එක්‌ව රාජ්‍ය පාලන ආයතන සියල්ල අක්‍රීය කරන බවටත් තර්ජනය කර ඇත. මේ පසුබිම මැද පෙරේදා (20 දා) 12.30 ට පමණ එක්‌තරා ද්‍රවිඩ තරුණ කණ්‌ඩායමක්‌ දිසා අධිකරණයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ජනෙල් වීදුරු බිඳ දමා වාහනවලටද අලාභ කර තිබේ. පොලිසිය එම ක්‍රියාවන් වැළැක්‌වීමට දැරූ උත්සාහයේදී ගල් ප්‍රහාර එල්ල වී තිදෙනකු තුවාල ලබා ඇත.

    පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්‌ වී තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    මෙහිදී සිදු වූ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් 127 ක්‌ අත්අඩංගුවට ගැනුණි. යතුරු පැදි 26 ක්‌ද ත්‍රිරෝද රථ දෙකක්‌ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

    jaf2.jpg

    උතුරේ ආරංචි මාර්ග දක්‌වන්නේ පීපල්ස්‌ පවර් නමින් හඳුන්වා ගත් සංවිධානයක්‌ මෙකී ප්‍රචණ්‌ඩකාරී මෙහෙයුම දියත් කළ බවයි. එසේම අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් කීපදෙනකු සිටින බවට ද වාර්තා විය.

    පුන්ගුඩුතිව් සිද්ධිය සම්බන්ධයෙන් සිවදේවන්, කුශාන්තන්, ශෂිදරන්, චන්ද්‍රරාඡ් සහ නිශාන්තන් යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එකී පිරිස හා ඝාතනයට ලක්‌ වූ දැරියගේ මව අතර ආරවුලක්‌ පැවැති බවද අනාවරණය වී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් 'පීපල්ස්‌ පවර්' හෙවත් ජනතා බලය නමින් හඳුන්වන අභිරහස්‌ සංවිධානය මෙහෙය වන්නේ කවුරුන්ද යන්නයි.

    එසේම පොලිස්‌ භාරයට ගත් යතුරුපැදිවල හිමිකරුවන්ට එකී යතුරුපැදි ලැබුණේ කෙසේද?

    මෙයට මාස ගණනකට පෙර යුරෝපා රටවල සිට උතුරේ තරුණයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළක්‌ දියත් වී තිබුණි. එම ක්‍රියාදාමය පොලිස්‌ විමර්ශකයන්ගේ අවධානයට යොමු විය යුතුයි. එසේම මුළු ශ්‍රී ලංකාවට බලපාන දණ්‌ඩ නීති සංග්‍රහය වෙනුවට උතුරේ පිරිසකට නීතිය සියතට ගැනීමට ඉඩ දිය හැකිද?

    මේ අතවර සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් එය හමුදාව වෙත යොමු කරනු නිසැකය.

    කෙසේ වෙතත් උතුරේ ප්‍රචණ්‌ඩකාරි තත්ත්වයට මුල් වූයේ දේශපාලකයන් විසින් ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රකාශ හා විවිධ වහසිබස්‌ පැවසීම බව පැහැදිලි වේ.

    මෙහිදී බුද්ධි අංශවල දැඩි අවධානය යොමු විය යුත්තේ උතුරේ සාමය බිඳ දමමින් ප්‍රචණ්‌ඩත්වය යළි ඇති කිරීමට මුල් වූ 'පීපල්ස්‌ පවර්' නැමැති වෙස්‌ මුහුණක්‌ දමාගත් සංවිධානය මෙහෙයවන්නන් හඳුනා ගැනීමයි.

    කීර්ති වර්ණකුලසූරිය - දිවයින
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක තමයි අපේ අය තේරැම් ගන්න තියෙන දේ. යුද්දෙ අපිට අවශ්‍ය නැ. වෙන රටවලට ලංකාවෙ යුද්ධයක් අවශ්‍යයි. ඒ ඇයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කතුවැකිය නම් බොහොම වටිනවා.. හොදට ලියල තියනවා

    ඒවගේම මිට වැඩ අවදානය යොමු කරන්න ඕනි උතුරේ යම් යම් සංවිදාන පිලිබදව
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කතුවැකිය නම් බොහොම වටිනවා.. හොදට ලියල තියනවා

    ඒවගේම මිට වැඩ අවදානය යොමු කරන්න ඕනි උතුරේ යම් යම් සංවිදාන පිලිබදව

    ඔව් බන්. බළල්ලු ලවා කොස් ඇට බාවගන්න හදන සෙට් එකක් ඉන්නවා. උන්ට ඕන ආයෙත් යුද්ධයක්. ඒ වගේ සංවිධාන මුල්ම කාලෙ විනාස කරලා දන්න ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් බන්. බළල්ලු ලවා කොස් ඇට බාවගන්න හදන සෙට් එකක් ඉන්නවා. උන්ට ඕන ආයෙත් යුද්ධයක්. ඒ වගේ සංවිධාන මුල්ම කාලෙ විනාස කරලා දන්න ඕන.
    උතුරේ තාමත් යුද්ධයට සක්‍රීයව දායක වු ඊලම් මතවාදයේ ඉන්න පිරිසක් ඉන්නව බන්. උන්ට එකපාරම මේ දෙන සහජිවනය දිරවගන්න බැ...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    jaffna wala inna minissunatanam aye war ekak one naha,
    eth war eken hambakaragath samahara kotas walatanam eka one bawa penawa.
    rajaye wagakima mewa hoyala udata enna nodi muladima nathi karala dana eka.
    mekata sambanda hama ekata denna puluwan uparima daduwam denna one.
    meka police aya hoyagaththe naththam aniwa army ekata thama chodanawa enne
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්‌ථාවේ යතුරු පැදිවල නැඟගත් ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ කෑ ගසමින් යන අයුරු දක්‌නට ලැබී ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් ප්‍රචණ්‌ඩකාරී වදන් පවසා තිබේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් එදා දියත් කළ කැන්ගරු නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇති වූ තත්ත්වය මර්දනය කිරීමට පොලිසියට පමණක්‌ නොහැකි වන බව උතුරේ පොලිස්‌ බලධාරීන්ට සනාථ වීම නිසා හමුදා සහාය ලබා ගැනීමට ද තීරණය විය. එහෙත් ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් හමුදාව කැඳවීමෙන් වළකින ලෙස පොලිස්‌ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

    සිංහලයන් යුද කාමීන් යයි කියන අයවළුන් හට උතුරේ දෙමල සමහර මිනිසුන් ගේ හිස් තුල ඇති ප්‍රභාකරන්-ඊලාම් මතවාදය එසේම පවතින බව නොපෙනීම අවාසනාවකි!!!:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jaffna wala inna minissunatanam aye war ekak one naha,
    eth war eken hambakaragath samahara kotas walatanam eka one bawa penawa.
    rajaye wagakima mewa hoyala udata enna nodi muladima nathi karala dana eka.
    mekata sambanda hama ekata denna puluwan uparima daduwam denna one.
    meka police aya hoyagaththe naththam aniwa army ekata thama chodanawa enne

    මචං ප්‍රබල මහින්දවාදියෙකු විදියට උබේ කතව සැහෙන වටිනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචං ප්‍රබල මහින්දවාදියෙකු විදියට උබේ කතව සැහෙන වටිනවා

    :no::shocked:
    mama mahindata chande dunne 2010 witharai ban.
    e manussaya war eka hariyata karapu ekatai eth chande dunne.
    eth ita passe karapu dewal ekka miniha wihin nathi una.
    mama wada karana thana anuwa mona pakshe ganawath kamaththak naha.
    hama ekama ekai
    JVP eke witharai bim mattame hoda minissu tikak inne
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇග හිරි වැටුන පින්තූර ටික දැක්කම.... :growl:

    maxboys සහෝ උබ දල තියෙන pics දැක්කම මගෙත් ඇග හිරිවටුණා බන් නොදකින් මේ කාලකන්නි මුන්ට අරාබියේ දඩුවම් දීලත් මදි :growl: :growl:

    ඇයි යකෝ මට pics ටික quote කරන්නවත් හිතුනේ නෑ බන් පව් මේ ළමය. ඇයි බන් මිනිස්සු මේ තරම් අමානුෂික වෙලා තියෙන්නේ.

    සංසාරේ කලකිරෙනවා මේවා දැක්කම :no:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මන් මුලින් හිතුවේ මුන් මෙච්චර දගලන්නේ මේක සිංහල කාගෙහරි වැඩක්ද කියලා. නෑ නේ ඔක්කොම සැකකාරයෝ දෙමල. මොන මගුලක්ද බන් ? බලපන් උසාවියට පොලිසියට ගල් ගැහුවේ නිකන් උන් වැරැද්දක් කරලා වගේ. මුන් ජීවත්වෙන්නෙ තාමත් ගල් යුගයේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් මුලින් හිතුවේ මුන් මෙච්චර දගලන්නේ මේක සිංහල කාගෙහරි වැඩක්ද කියලා. නෑ නේ ඔක්කොම සැකකාරයෝ දෙමල. මොන මගුලක්ද බන් ? බලපන් උසාවියට පොලිසියට ගල් ගැහුවේ නිකන් උන් වැරැද්දක් කරලා වගේ. මුන් ජීවත්වෙන්නෙ තාමත් ගල් යුගයේ

    සමහරවිට ඕවගේ යටි අරමුණු තිනෙත් පුළුවන්:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    maxboys සහෝ උබ දල තියෙන pics දැක්කම මගෙත් ඇග හිරිවටුණා බන් නොදකින් මේ කාලකන්නි මුන්ට අරාබියේ දඩුවම් දීලත් මදි :growl: :growl:

    ඇයි යකෝ මට pics ටික quote කරන්නවත් හිතුනේ නෑ බන් පව් මේ ළමය. ඇයි බන් මිනිස්සු මේ තරම් අමානුෂික වෙලා තියෙන්නේ.

    සංසාරේ කලකිරෙනවා මේවා දැක්කම :no:

    පව් බන් කළු උනාට ලස්සන කෙල්ලෙක්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සමහරවිට ඕවගේ යටි අරමුණු තිනෙත් පුළුවන්:)
    එක නේ. සැක කාරයෝ කියලා මුන්ට ගල් ගහලා මරන්නද ? අත් අඩංගුවට ගත්තට පස්සෙත් හර්තාල් කරන්න හේතුවක් නෑ නේ.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    maxboys සහෝ උබ දල තියෙන pics දැක්කම මගෙත් ඇග හිරිවටුණා බන් නොදකින් මේ කාලකන්නි මුන්ට අරාබියේ දඩුවම් දීලත් මදි :growl: :growl:

    ඇයි යකෝ මට pics ටික quote කරන්නවත් හිතුනේ නෑ බන් පව් මේ ළමය. ඇයි බන් මිනිස්සු මේ තරම් අමානුෂික වෙලා තියෙන්නේ.

    සංසාරේ කලකිරෙනවා මේවා දැක්කම :no:

    maxboys puluwan nam antima photo ain karapan...mage kenekta ohoma deyak unanam mama kamati ne ban oyawage photo prasidda wenawata...mehema deyak une kiyala minissu danaganna one thamai..eath oya photo jeewath wela inna ayata tawath wedanawak ban..