ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

    ටෙස්ලා මෝටර්ස්. - 2

    ටෙස්ලා සමාගම වර්තමානයේ ලෝකයේ ප්‍රමුකතම විදුලි මෝටර් රථ නිපදවන සමාගමකි.සමාගමේ ආරම්බය සහ මුලික තොරතුරු මා විසින් ටෙස්ලා මෝටර්ස් 1 නූලෙන් ( http://www.elakiri.com/forum/showthread.php?t=1675827 )බෙදාගන්නා ලදී.මෙම නූලෙන් බලාපොරොත්තු වන්නෙ.
    දැනට ටෙස්ලා හි ජනප්‍රියම නිශ්පාදනය වන MODEL S රථය පිලිබදව කතා කිරීමයි.

    14wsxlv.jpg

    MODEL S රථය දොර 5 ප්ලග් ඉන් ඉලෙක්ට්‍රික් සුඛෝපභෝගි සෙඩෑන් රථයකි.2009 වසරේදී මුලාකෘති ( prototype) රථයක් වශයෙන් ඉදිරිපත් කරන ලද මෙය 2012 වසරේදී වානිජමය වශයෙන් නිශ්පාදනය කරන ලදී.

    2yjyr0p.jpg

    1j2lqq.jpg

    රථවාහන ආරක්ශිත ශ්‍රේනිගතකිරීම් වල විශිශ්ට 5.0 (perfect) අගය මම රථය හිමිකරගෙන තිබෙනවා.එක්සත් ජනපද පරිසර ආරක්ශන ඒජන්සිය මෙම රථය සමීක්ශනය කර විදුලි පරිභෝජන අගය හා පරිසර හිතකාමී වානිජ රථ අතර ඉහලම ස්ථානය
    ලබාදී තිබෙනව.

    පබ්ලික් චාජින් පොයින්ට්

    2sajpxx.jpg

    සුපර්චාජර් ස්ටේශන්

    23qyo2a.jpg

    මෙම රථය 85 kWh බැටරියකින් බල ගැන්වෙන අතර කිලෝමීටර 426ක් (සැතපුම් 265) එක් ආරෝපනයකින් දාවනය කල හැකිය.විදුලි පරිභෝජනය ඉන්දන කාර්‍යක්ශමතාවය හා සසදා බලන කල මෙම රථය විදුලිය 38kWh/100miles = 89 miles per gallon.
    එනම් 2.64 L /100km.සින්හලෙන් කියනවනම් සින්හලුනි ආසන්න වශයෙන් ලීටරයට කිලෝමීටර් 37ක් දාවනය කල හැකිය.

    2a0ibmp.jpg

    23stztg.jpg

    2015 මාර්තුමාසය වනවිට ලොවපුරා රථ 66800ක් අලෙවි කර ඇති අතර 2013 වසරේදී වැඩිම සම්මාන ගනනක් හිමිකරගත් රථයක් ද වුනා.

    වර්තමානයේ අලෙවිය සදහා මාදිලි ප්‍රභේද 4ක් තිබෙනවා.බැටරි දාරිතාව,කාර්‍යක්ශමතාව හා All wheel drive, Rear wheel drive ආකාරයෙන් මාදිලි බෙදා වෙන්වී තිබෙනවා.
    මෙහි ප්‍රබලතම මාදිලිය වන P85D AWD මාදිලිය තත්පර 3.1කින් පැයට 100 km වේගයක් ලබාගතහැකිය.

    smdj7n.jpg

    මෙහි බැටරිය ගැන කතා කරන විට ප්‍රබලතම මාදිලියට යොදාගෙන තිබෙන්නෙ 85 kW බැටරියකි.රාත්තල් 1200ක් බර බැටරි පැක් එක රථයේ චැසි තට්ටුවට සම්බන්ද කර සවි කර ඇත.එම නිසා රථයේ බර පහලින් පිහිටා ඇත.එම නිසා ගුරුත්ව කේන්ද්‍රය
    පහලින් පිහිටා ඇති අතර රථය පාලනය ඉතා පහසු වී එත.

    de1cwg.jpg

    2d8rout.jpg

    85 kW බැටරිය වසර 8ක වගකීමක් හෝ සීමාරහිත සැතපුම් ප්‍රමානයකට වගකියනු ලැබේ .
    බැටරිය නැවත යෙදීමේ පිරිවැය 12000$ ලෙස සදහන් වේ.

    අභ්‍යන්තර නිමවුම ගතහොත් මෙම කාරය සීට් 7කින් සමන්විත එකකි.පසුපස ඩිකියට යාබදව ෆෝල්ඩබල් ලෙස සකසා ඇති අමතර සීට් දෙකේ පොඩි ලමයෙකුට හැර වැඩිහිටියෙකුට යා නොහැකිය.5 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැක.ඉන්ජින් කම්පාට්මන්ට් එකේද
    බඩු පැටවිය හැක..ඩෑශ් බෝඩය හා ඩ්ඩ්‍රයිව් කැබින් එක ගත් කල ආකර්ශනීයව නිමවා ඇත.මෙම රථය ස්විච් වලින් තොර ඩෑශ් බෝඩ්යක් ලෙස නිමවා ඇත.( virtually buttonless). ස්ටියරින් වීලයේ ඇති හැසිරවීම් බොත්තම් සහ දොරේ මිරර් කොන්ට්‍රෝල්
    වලට අමතරව සුවිච නැතිතරම් ය.දාවන තොරතුරු පෙන්වීම සදහා LCD ඩිස්ප්ලේ එකක් මීටර් ලෙස යොදාගෙන ඇති අතර අනෙකුත් සියලුම පාලන කටයුතු සිදු කරන්නේ අගල් 17 ක් විශාලැති ස්පර්ශ සන්වේදී තිරයෙනි.(මගේ ලැපත් 15යි ). නැවිගේශන් ගූගල් මැප් හා garmin වලිනි.

    9aocqc.jpg

    1408zz9.jpg

    28slegg.jpg

    6t1rgp.jpg

    nqqu14.jpg

    287n8g6.jpg


    2cxdglc.jpg

    මිල ගනන් ගත්කල ඉහල කාර්‍යක්ශම P85D රථය ඩොලර් 105000ක් (රුපියල් එක්කෝටි හතලිස් ලක්ශයකට ආසන්න.) වශයෙන් මිල කර ඇත.

    විශේශ නිමවුම්.

    බදට සමව නිමවූ දොර හැඩල්.(ලගට එනකොට එලියට පැමිනේ.)

    wb5lzr.jpg

    ලයිට් එක යට එති චාජින් පෝට් එක

    2qjhxt1.jpg

    මේ යතුරලු.

    2ed61ir.jpg

    2gslk51.jpg


    ඉන්සේන් මොඩ් එක (100 km තත්පර 3.1)


    අප්ඩේට්

    Auto pilot mode

    සමා වෙන්න ඕන.මට තව මේකෙ තියන විශේශාන්ගයක් කියන්න අමතක වුනා.ඒ ඔටෝ පයිලට් මෝඩ් එක.මේකෙ යාලුවෙක් තමයි මට මතක් කරේ.කොහොම උනත් තාම ඒක පරීක්ශන මට්ටමේ තියෙන්නෙ.මේක වැඩකරන්නෙ ඉස්සරහයි පස්සෙයි තියන කැමරා දෙකකිනුයි,ඉස්සරහයි පස්සෙයි බෆර් වල තියන අල්ට්‍රාසොනික් ලොකේශන් සෙන්සර් දෙකකිනුයි.සෙන්සර් දෙකෙන් කාර් එක වටේ.ඒ කියන්නෙ අන්ශක 360ක කවර් එකක් දෙනව .මේකෙ විශේශත්වෙ තමයි ලේන් මාර්කින් ,වටේ තියන බාදක විතරක් නෙවෙයි පාරෙ තියන වේග සීමා බෝඩ් ,වෝනින් බෝඩ් පවා කියවල අදුරගන්න එක.අපි පාරක කෲස් කන්ට්‍රෝල් 80ට හදල දිවුවොත් වේග සීමා බෝඩ් එකක් දැකපුගමන් ඉබේම ඒ ගානට වේගෙ හදාගන්නව ඩ්‍රයිවර් මොකුත්ම නොකර.ඒ වගේම බාදක ආවම ඕවටේක් කරගෙන යන්නත් මේ සිස්ටම් එකට පුලුවන්.




    මේ කාර් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් අවම වයි ෆයි තියන තැනකට ගියපු ගමන් ඔටෝම අප්ඩේට් කරගන්නව.2014 ඔක්තෝබර් වලින් පස්සෙ ඔටෝ පාකින්,සෙමි ඔටෝ ඩ්‍රයිවින් අප්ඩේට් එක කාර් වලට ඇවිත් තිබුනත් මගීන්ගේ ආරක්ශාව තකා ඒක නවත්තල තියනව.අවාසනාවට ඇමරිකාවෙ පවා තාමත් ඔටෝමැටික් පාරෙ දුවන්න තහනම්,සමහ ප්‍රාන්ත වල ටෙස්ට් කරන්න පවා බැරිලු.පදිකයන්ගේ ආරක්ශාව නිසා.නීති තාමත් හැදිල නෑ කියල තමා කියන්නෙ.කොහොම උනත් 2015 අග බාගෙ වෙනකොට ඔටෝ පයිලට් අප්ඩේට් එක හැම කාර් එකටම දෙන්න ටෙස්ලා බලාපොරොත්තු වෙනව.කොම්පැනියෙ නිර්මාතෘ කියල තියෙන්නෙ මේ කාර් එකට රෝද උඩ දුවන කොම්පියුටරේ කියල.

    කවදහරි එකක් ගෙනත් කිරියෙ පොටෝ දාපල්ල.

    ඉස්සුවේ නැත.අනවසරයෙන් උපුටා ගැනිම තහනම්.
    සියලු තොරතුරු විකිපීඩියා සහ ගූගල් දෙවියා විසිනි.
    ජයවේවා.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Ammo insane mode pattane.. Patta pick up ekakne ban..:shocked:

    ඔව් බන් ඕකෙ බ්‍රශ්ලස් මෝටර් එකක්නෙ තියෙන්නෙ.වීඩියෝ එකේ පෙන්නන එක P85D එක.ඒක ඕල් වීල් ඩ්‍රයිව් .ඉස්සරහ රෝද දෙකටත් ඉලෙක්ට්‍රික් මෝටරයක් තියනව.ඉන්සේන් මෝඩ් එක පට්ට.ගියර් මාරුවීමක් නැති නිසා කන්ටිනුවස් ටොර්ක් එක දෙනව කාර් එකට.

    n3l2o.jpg

    වෙන වාහන වල තියෙන්නෙ නෝමල් එකයි ස්පෝට් මෝඩ් එකයි නෙ.මේකෙ තියෙන්නෙ ස්පෝට් එකයි ඉන්සේන් එකයි.
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මිල ගනන් ගත්කල ඉහල කාර්‍යක්ශම P85D රථය ඩොලර් 105000ක් (රුපියල් එක්කෝටි හතලිස් ලක්ශයකට ආසන්න.) වශයෙන් මිල කර ඇත.

    කවදහරි එකක් ගෙනත් කිරියෙ පොටෝ දාපල්ල.

    අපෙ රට කරවන බප්පලා නිස ඔක ලන්කවට එනකොට කොටි 5, 6 වෙයි