මංනං දකින්නෙ එකම එක ක්‍රමයයි මේකට තියෙන්නෙ, ඒ තමයි පාසල් අධ්‍යාපනය. හැම ළමයෙකුටම පොඩි කාලෙ ඉදන් උගන්නන්න ඕන කවුද මේ රටේ මුල් පදිංචිකරුවන් සහ අනෙකුත් ජාතීන්, ආගම් මේරටට ආපු හැටි, සියලු භාෂා වලින් තියෙන ඉතිහාස පොත එකම අර්ථය නිරූපණය වෙන්න ඕන. අනිත් එක තමයි මේ ආගමික පාසල් සංකල්පය (බෞද්ධ, කතෝලික,මුස්ලිම්,දෙමළ පාසල්) දැං ඉදංවත් තුරං කරන්න ඕන. සියලු ජනවර්ගයට අයත් ළමයින් පාසල් වල හිටියොත් ආගමික අන්තවාදය නවත්තන්න පුලුවං, (මේක ටිකක් ප්‍රායෝගිකව කිරීමේ ගැටළු තියෙනව හැබැයි මේක තමයි සාර්ථකම විදිය ජාතීන් අතර සමගිය ගොඩනගන්න)
මම සින්හල කතෝලික, මම එක හිතිංම පිළිගන්න දෙයක් තමයි මේක බෞද්ධ රටක් කියන එක. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි සින්හලු අපේම සින්හලුන්ට උදව් වෙනවද කියන එක. උදාහරණයට ගන්නකො අපේ හැමෝගෙම අවට ඉන්න මිනිස්සු, අනිත් මිනිහ හොදට කාල ඇදල ඉන්නවනං තරහයි,ඊර්ෂ්‍යාවේ පැලෙනව, හැදිගෑවිලා යන්න හදි හූනියං කරනව, පොල් ගහනව, වැටවල් වල කම්බි කපනව, මතුරපු දෙහි/පොල් ගෙඩි වත්තට විසික් කරනව (මේ හැම දෙයක්ම අත්විද ඇත, මේව හුදෙක්ම සින්හල බෞද්ධයන් විසින් කරන දේවල් බව කණගාටුවෙන් වුවද කියන්නට සිදුවේ. ඉතිං කොහොමද ජාතික සමගියක් ගැන කතාකරන්නෙ අපි අපේම ජාතියෙ අයට විනකටින කොට.